මහින්දගේ 'ලොව දිනන මඟ’ එළි දකියි
https://sandunarosha.blogspot.com/2014/12/blog-post_23.html
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ‘‘මහින්ද චින්තන ලොව දිනන මඟ’‘ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය අද (23) එළිදැක්වුණා.
ඒ, කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදියි.
සම්පූර්ණ ප්රතිපත්ති ප්‍රකාශනය කියවන්න

ජනාධිපතිවරයාගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය කරුණු 20 කින් සමන්විතයි. ජාතික ආරක්ෂාව පිළිබඳ ගෝලීය ආදර්ශනයක්, පුළුල් දේශපාලන ප‍්‍රතිසංස්කරණයක්, සදාචාර සම්පන්න සමාජයක්, රටට වැඩ කරන ජාතිහිතෛෂී රාජ්‍ය සේවයක්, පොහොසත් රටක්, මෙන්ම ජාතික කර්මාන්ත න්‍යාය පත‍්‍රයක් ද ඊට අයත්. සංවර්ධනයේ මිහිරි ඵල ගමට ගෙන යන දිවි නැගුම, ජාතික පෞර්ෂත්ව අධ්‍යාපනයක්, නිරෝගීකම පරම ලාභයයි, දීර්ඝායු පිණිස ක‍්‍රීඩා, යසෝදරා පරපුරට පොහොසත් හෙට දවසක්, තුරුණු හෙටක්, පිරුණු රටක් මෙන්ම ගමනට සුව පහසුව යන මාතෘකා යටතේද කරුණු ඇතුළත් කර තිබෙනවා. අනෙක් කරුණු ගොනුකර තිබෙන්නේ පණසේ සුරකින පරිසරය, තිරසර ජනසෙවන, යටිතල පහසුකම් විප්ලවය නොනැවතී ඉදිරියට, විද්‍යා තාක්ෂණ නවෝත්පාදනය, කලා කෙත අස්වනු මංගල්‍යය, සමාජ ආරක්ෂණය සහ සාමයේ සංහිඳියාවේ ප‍්‍රතිලාභ ජනතාවට යන මාතෘකා යටතේයි.
ඒකීය රාජ්‍ය ප‍්‍රතිපත්තිය ක‍්‍රියාත්මක කරන බව මෙන්ම කිසිවෙකුත් ජාත්‍යන්තර අධිකරණයකට ඉදිරිපත් නොකරන බවත් එහි දැක්වෙනවා. මානව හිමිකම් කඩවී ඇත්නම් දේශීය ක‍්‍රමවේදයක් යටතේ යුක්තිය ඉටු කෙරෙනු ඇති.
නොබැඳි විදෙස් පිළිවෙත ඉදිරියට ගෙනයන අතර ආහාර සුරක්ෂිතතා පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනවා. වසරක් ඇතුළත නව ව්‍යවස්ථාවක් සම්මත කරගැනෙන්නේ පුරවැසි උපදේශක සභාවේ උපදෙස් මත පාර්ලිමේන්තුවම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් බවට පත් කිරීමෙන්. පසුව ජනමත විචාරණයක්ද පැවැත්වෙනවා. විධායක ජනාධිපති ක‍්‍රමය, මැතිවරණ ක‍්‍රමය, නීතියේ ආධිපත්‍ය සහ යහපාලනය නව ව්‍යවස්ථාවෙන් ආවරණය වනු ඇති. සුදුසු පරිදි විධායක ජනාධිපති ක‍්‍රමය සංශෝධනය කරන බවයි මහින්ද චින්තන ලොව දිනන මග ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ දැක්වෙන්නේ.
කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම සහ රහස්‍ය භාවය ආරක්ෂා කිරීම, ව්‍යවස්ථාමය වගකීමක් බවට පත් කෙරෙනවා. මාධ්‍ය ආයතනවල ස්වාධීන පැවැත්ම සැමවිටම ආරක්ෂා කරන බවයි එහි දැක්වෙන්නේ. ජනමාධ්‍යවේදීන් සඳහා කොළඹ නගරය ආසන්නයේ වෙනම නිවාස සංකීර්ණයක් ඉදි කෙරෙනු ඇති. මත්ද්‍රව්‍ය සහ අපරාධ වැළැක්වීමට විශේෂ ආරක්ෂක බලඇණියක් මෙන්ම මත්ද්‍රව්‍ය නාශක නාවුක බලකායක් ගොඩනැගීමට නියමිතයි.
රජයේ සේවකයන්ට තමන්ගේම නිවසක අයිතිය සහතික කෙරෙනවා. ජනතාවට පරිපාලනයේදී සිදුවන අතපසුවීම් සෙවීමට පරිපාලන යුක්තිපතියෙකු පත් කෙරෙනු ඇති. පෞද්ගලික අංශයට ශක්තිමත් සෞඛ්‍ය රක්ෂණ ක‍්‍රමයක් මෙන්ම ආකර්ශණීය විශ‍්‍රාම වැටුප් ක‍්‍රමයක්ද යෝජනාවලට ඇතුළත්.
දීර්ඝ කාලයක් විදේශ රටවල සේවය කර පැමිණෙන්නන්ට බදු සහන වාහන බලපත‍්‍රයක් ලබාදෙනු ඇති. රටටම ජලය ලබාදෙන ව්‍යාපෘතීන්ද ක‍්‍රියාත්මක කෙරෙන අතර කිලෝ 50 පොහොර මිටිය රුපියල් 350 බැගින් තවදුරටත් ලබාදෙනු ඇති. රබර් මිල පහත වැටීමට පිළියමක් ලෙස සෙස් බද්ද සංශෝධනය කෙරෙනවා.
හෝටල් කාමර 80 000 ක් ගොඩනැගෙන අතර සුවිශේෂ රෙදිපිළි නිෂ්පාදන කර්මාන්තය මෙරට ඇඟළුම් කර්මාන්තයට හඳුන්වා දෙනවා. සෑම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකටම එක බැගින් කම්හල් 325 ක් ඇරඹීමට ව්‍යාපාරිකයන් දිරිගන්වනු ඇති. සීනි නිෂ්පාදනයේ අතුරු ඵලයක් වන එතනෝල්, මත්පැන් සඳහා නොව ඉන්ධන මුසුවක් ලෙස භාවිත කිරීමට ක‍්‍රමයක් හඳුන්වාදීමට මෙමඟින් යෝජිතයි.
දිවයින පුරා කිරි ආශ‍්‍රිත කම්හල් 9 ක් ආරම්භ කෙරෙන අතර ප‍්‍රධාන පිටි කිරි නිෂ්පාදන කම්හල් හතරක්ද පිහිටුවනු ඇති.
නොවිධිමත් රැුකියා මෙන්ම ස්වයං රැකියා කාර්යාංශ දෙකක් ස්ථාපිත කෙරෙන අතර, රුපියල් 50 000 දක්වා ඇප රහිත සියයට හයේ පොලියට ණය ක‍්‍රමයක් හඳුන්වා දෙනවා. නව අධ්‍යාපන පනත මේ වසරේ සිට ක‍්‍රියාත්මක කිරීමත්, පාසලට පෙර පාසලක් සංකල්පය දියත් කිරීමටත් යෝජිතයි.
දිස්ත‍්‍රික්කයට එක බැගින් විශ්වවිද්‍යාල විද්‍යායතන 25 ක් ආරම්භ කර 2020 වනවිට වසරකට සරසවි වරම් හිමිවන සිසුන් සංඛ්‍යාව ලක්ෂය දක්වා ඉහළ නැංවෙනු ඇති. ශ‍්‍රී ලංකා ගුරු සේවා ව්‍යවස්ථාව එළඹෙන වසරේදී ක‍්‍රියාත්මක කෙරෙන අතර ගුරුවරුන් සඳහා පහසු මිලට ලැප්ටොප් පරිගණකයක් ලබාදෙනවා. සෑම පළාතකටම එක බැගින් ළමා රෝහල් ඉදි කිරීමටත් ජාතික ඖෂධ ප‍්‍රතිපත්තිය සහ පනත යළි සමාලෝචනය කර කඩිනමින් සම්මත කිරීමත් මීට ඇතුළත්.
2018 දී කොළඹ සිට කතරගමට මෙරට වායු සමනය කළ පළමු විදුලි දුම්රිය ධාවනය කරවනවා. එසේම කොළඹ - ගෑස්පහ හන්දිය සංවර්ධනය කර මහත්මා ගාන්ධි චතුරශ‍්‍රය ලෙස නම් කෙරෙනු ඇති. භූමිතෙල් අඩු මිල මට්ටමක පවත්වාගෙන යාමට කටයුතු කරන බවයි එහි වැඩිදුරටත් දැක්වෙන්නේ. ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම පෘථිවි නිරීක්ෂණ දුරස්ථ සන්නිවේදන චන්ද්‍රිකාව 2020 වනවිට කක්ෂ ගත කෙරෙනවා.
කලාත්මක චිත‍්‍රපට නිර්මාණය සඳහා නිෂ්පාදන වියදමින් සියයට 60 ක සහන පොලී ණය මුදලක් ලබාදෙන අතර අසරණ කලාකරුවන්ට කෘතගුණ නිවාස ක‍්‍රමයක් ආරම්භ කෙරෙනවා.
රාජ්‍ය හා පෞද්ගලික අංශයේ විශ‍්‍රාමිකයන් නැවත වැඩෙහි යෙදිය හැකි සංවර්ධන බලකායක් බිහි කෙරෙනු ඇති. වසර විස්සකට වඩා ජ්‍යොතිෂය සහ බලි තොවිල් හි යෙදෙන්නන්ට රාජ්‍ය අනුග‍්‍රාහකත්වය ලබාදෙනු ඇති.
ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ තමන් රටට ද්‍රෝහී ගිවිසුම් කිසිවක් අත්සන් කර නොමැති බවයි.
-hiru news
________________________________________________________________________________

පුවත්වල අන්තර්ගතය සහ මුලාශ්‍රය වෙනස් කිරිමකින් තොරව භාවිතා කිරිමට අවසර ඇත.
© 2014 සඳුන් අරෝෂ ප්‍රනාන්දු - සියලු හිමිකම් ඇවරිණි
යෝජනා සහ අදහස් : අන්තර්ජාල කතෘ