harskada

සුබ්‍රමනියම් ස්වාමි ශ්‍රී ලංකාවේ සංචාරයක.

ඉන්දියාවේ පාලක භාරතීය ජනතා පක්ෂයේ ක්‍රමෝපාය කටයුතු පිළිබද කමිටුවේ සභාපති  සුබ්‍රමනියම් ස්වාමි මහතා අද(21) පස්වරුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවුණා.

ඒ,පෙරවරුවේ මෙරට ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන් කිහිපදෙනෙකු ද හමුවීමෙන් අනතුරුවයි.  


ඉන්දියාවේ පාලන බලය හොබවන භාරතීය ජනතා පක්ෂයේ ක්‍රමෝපාය කටයුතු පිළිබද කමිටුවේ සභාපති සුබ්‍රමනියම් ස්වාමි මහතා අද පෙරවරුවේ විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා හමුවුණා.

ඒ විදේශ කටයුතු අමාත්‍යාංශයේදී.
මහාචාර්ය ජී.එල්. පීරිස් 
ද හින්දු පුවත්පත වාර්තා කළේ සුබ්‍රමනියම් ස්වාමි මහතා අනතුරුව ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීමටද නියමිතව තිබූ බවයි.
පස්වරුවේ සුබ්‍රමනියම් ස්වාමි මහතා ඇතුළු ඉන්දීය නියෝජිත පිරිස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවුණා.
අරලියගහ මන්දිරයේ පැවති මෙම හමුවේදී ඉන්දියන් සාගරයේ ආරක්ෂාව තහවුරු කිරිම සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුව තිබෙනවා.
ජනාධිපති ජාත්‍යන්තර මාධ්‍ය ඒකකය නිවේදනය කළේ පාරිසරික හා සමුද්‍ර කටයුතු පිළිබද අධ්‍යයන මධ්‍යස්ථානයක් පිහිටුවන්නයි මෙහිදී ජනාධිපතිවරයා සුබ්‍රමනියම් ස්වාමි මහතාගෙන් ඉල්ලා සිටි බවයි.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට ශ්‍රි ලංකාව සමග උපරිම සහයෝගයකින් කටයුතු කිරීමට අවශ්‍ය බව සුබ්‍රමනියම් ස්වාමි මහතා ජනාධිපතිවරයාට මෙහිදී  ප්‍රකාශ කර තිබෙනවා.
අනතුරුව සුබ්‍රමනියම් ස්වාමි මහතා බණ්ඩාරනායක ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානය සංවිධානය කළ සාකච්ඡාවට එක්වුණා. 
‘මෝදි යටතේ ඇති ඉන්දියාව : ජාත්‍යන්තරයට සහ කලාපයට අදාළ වන ආකාරය‘ යන තේමාවෙන් පැවති ඊට දෙස් විදෙස් ඉහළ පෙළේ නිලධාරීන් රැසක් එක්ව සිටියා.  
මෙහිදී සභාව අමතනු ලැබුවේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ නව විදේශ ප්‍රතිපත්තිය  සකස්කරන කණ්ඩායමේ සාමාජිකයින්.
- අපි ඉතා පැහැදිලිව ප්‍රකාශ කරනවා වර්ගවාදයක් ඇති අවස්ථාවක පමණයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට කාර්ය බාරයක් තිබෙන්නේ. එක්සත් ජාතීන්ගේ යෝජනාවේත් මේ වර්ගවාදය යන වචනය සදහන් නැහැ. එය සදහන් කරන්නේ ලන්ඩනයේ ජීවත්වන දෙමල ජනතාව පමණයි. එම නිසා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් වූ යෝජනාවේදී අන් කවරදාටත් වඩා අපි ශ්‍රී ලංකාවට සහයෝගය දුන්නා. අපි ඉතා ආඩම්බර වෙනව ඔබලාගේ ජනාධිපතිවරයා අපිටත් තර්ජනයක් වූ ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීම සම්බන්ධයෙන් . කිසිදු රටක් මේ ආකාරයේ ජයක් ලබාගෙන නැහැ. අද ඒ නිදහස දෙමල ජනතාවත් භුක්ති විදිනවා. නමුත් තවත් බොහෝ දේ කරන්න තිබෙනවා. ඒවා තියෙන්නේ ඔබට කරන්න. අපේ මිතුදම සහයෝගය හොදින් තිබුනොත් අපි උපදෙස් ලබා දෙන්නම් කුමක්ද කළ යුත්තේ කුමක්ද නොකල යුත්තේ යන වග. ඔබලා පිළිගත්තත් නැතත්.

සුබ්‍රමනියම් ස්වාමි - සභාපති භාරතීය ජනතා පක්ෂයේ ක්‍රමෝපාය කටයුතු පිළිබද කමිටුව 


Related

මානව හිමිකම් 2372023833421138387

Post a Comment Disqus Comments

Advertisement

Sandun Arosha on Twitter

- ඇසි දිසි -

- රූ සර -

10th RAIGAM TELE'ES – 2013


Labels

#100My3Days #27protesters #BondScam #hrc30 #hrc32 #jurnoTips #KoslandaLandslide #MY3 #POPEINSL #PresPollSL #SocialMediaBan #බැඳුම්කර_වංචාව Arjun Mahendran asylum seeker Bond scam C V VIGNESWARAN CBSL CBSL Governor facebook GOMA google street view india india pm Jayalalithaa Kandy unrest Logos Hope Mangala Samaraweera mangla samarweera News Room Management O Panneerselvam Perpetual Treasuries Pope Francis Ravinatha Aryasinha Sirisena Spot fine sri lanka Sri Lanka Earth slip Sri Lanka Navy Tamil Nadu Top Story UK UN UNHRC USA Vice Admiral Sirimevan Ranasinghe Vidya case verdict අගවිනිසුරු අග්‍රාමාත්‍ය අජි – නෝ – මොටෝ අතුරුදන් වූවන් පිළිබද කොමිසම අධිකරණය අධ්‍යපනය අනුර කුමාර දිසානායක අමීෂා රාජපක්ෂ අලුත්ගම ආරක්ෂක ආර්ථික ඇමරිකාව ඉඩම් ඉන්දියාව උපුල් ජයසුරිය ඌව පළාත් සභා මැතිවරණය එක්සත් ජාතික පක්ෂය එක්සත් ජාතීන් එල්.ටී.ටී.ඊ. ඒ.එච්.එම්. ෆවුසි ඒ.එල්.රත්නපාල ඕස්ට්‍රේලියාව කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ කමලේශ් ශර්මා ක්‍රීඩා ක්සත් ජාතීන් ගිහාන් පිලපිටිය.අධිකරණය ගෝඨාභය රාජපක්ෂ චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපතිවරණය - 2015 ජපානය ජයලලිතා ජයරාම් ජෝන් කෙරී ඥාණසාර ටයර් හන්දිය ඩී.ඒ. කරුණාදාස තමිල්නාඩු තවීෂ පීරිස් තාක්ෂණික දකුණු අප්‍රිකාව දෙමල දේශපාලන නයිජිරියාව නරේන්ද්‍ර මෝදි නවතම නවුසර් ෆවුසි නිමල් ගමගේ නිශාන්ත සිල්වා නීතීඥ නිමල් පුංචිහේවා පළාත් පාලන ආයතන පාලිත කොහොන පොදුරාජ්‍ය මණ්ඩලය පොලිසිය බොරිනි ප්‍රොනෝ බ්‍රිතානය මංගල සමරවීර මහින්ද රාජපක්ෂ මහේස්ත්‍රාත් රංග දිසානායක මානව හිමිකම් මානව හිමිකම් කොමිෂන් සභාව මෛත්‍රිපාල සිරිසේන මෛත්‍රීපාල සිරිසේන මොහාන් පීරිස් රනිල් වික්‍රමසිංහ රවීන්ද්‍ර විජේගුණරත්න රිය අනතුර.සී.සී.ටී.වී. දර්ශන ලෝකය විනෝදාත්මක වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය ශිරන්ති රාජපක්ෂ ශිරානි බණ්ඩාරනායක ශ්‍රී ලංකා නීතීඥ සංගමය ශ්‍රේෂ්ඨාධිකරණය ෂින්ෂෝ අබේ සරණාගතයින් සිරිලිය සවිය සිරිල් රම්පෝසා සී.වී. විග්නේෂ්වරන් සෙයිද් අල් හුසේන් සෞඛ්‍ය ස්ථානීය දඩ මුදල් ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හරීන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ

Hot in week

Recent

Comments

madura

Madura English-Sinhala Dictionary

Powered by www.maduraonline.com

Side Ads

Text Widget

Connect Us

item