පැහැර ගත් ඉන්දියානුවන් ගැන හෝඩුවාවක්...
පැහැර ගත් ඉන්දියානුවන් හතලිස් දෙනා රඳවා තබා ඇති ස්ථාන පිළිබඳ තොරතුරු ඉරාක රජය විසින් ඉන්දියානු රජයට ලබා දී ඇති බව වාර්තා වේ. ඉරාකයේ ගැට...
https://sandunarosha.blogspot.com/2014/06/blog-post_23.html
පැහැර ගත් ඉන්දියානුවන් හතලිස් දෙනා රඳවා තබා ඇති ස්ථාන පිළිබඳ තොරතුරු ඉරාක රජය විසින් ඉන්දියානු රජයට ලබා දී ඇති බව වාර්තා වේ.
ඉරාකයේ ගැටුම් පවතින පෙදෙස් වල 1020ක් ඉන්දියානුවන් සිටින බවත් මෙයින් 40 දෙනෙකු පන්ජාබ් ජාතිකයින් වන අතර ඉතිරිය කේරළ වැසියන් බවත් ඉන්දියාවේ විදෙස් ඇමතිනිය සුෂ්මා ස්වරාජ් පවසයි.
ඉන්දියාවේ විදෙස් ඇමතිනිය සුෂ්මා ස්වරාජ් තව දුරටත් කියා සිටියේ ඉරාකයේ ගැටුම් වලට මැදිව සිටින ඉන්දීය වැසියන් නැවත තම රටට ගෙන්වා ගැනීමට රජය හැකි සියලු පියවර ගන්නා බවයි.
විපතට පත් ව ඇති ඉරාකයේ සිරවී සිටින ඉන්දියානුවන්ගේ පවුල් වල සාමාජිකයන් හමු වූ ඇය කියා සිටියේ රජය කෙරේ විශ්වාසය තබා ගන්නා ලෙසයි.
ඔවුන්ට අලුත් ගමන් බලපත්‍ර ලබා දීමටත් ඉරාකයේ සිට ඉන්දියාවට නැවත පැමිණීමට ගුවන් ටිකට් පත් ලබා දීමටත් ඉන්දීය රජය කටයුතු කිරීමට සුදානම් බව විදෙස් ඇමතිනිය පවසයි.
නමුත් නිසි තොරතුරු ලබා ගෙන ඔවුන් ගැටුම් පවතින පෙදෙස් වලින් ගලවා ගන්නා තෙක් ඉවසීමෙන් යුතුව කටයුතු කළ යුතු බව ඇයගේ අදහසයි.