harskada

ස්ථානීය දඩ මුදල් 15 වැනිදා සිට ඉහළට - රු 20ක අවම දඩ මුදල රු 500 ක්

එළඹෙන සති අන්තයේ සිට රථ වාහන වැරදි සඳහාවන නව ස්ථානීය දඩ මුදල් අය කිරීම ආරම්භ කරන බව රථ වාහන පොලිසිය පවසනවා.   පොලිසිය සඳහන් කළේ මීට පෙ...


එළඹෙන සති අන්තයේ සිට රථ වාහන වැරදි සඳහාවන නව ස්ථානීය දඩ මුදල් අය කිරීම ආරම්භ කරන බව රථ වාහන පොලිසිය පවසනවා. 
පොලිසිය සඳහන් කළේ මීට පෙර අධිකරණය හමුවට ඉදිරිපත් කළ වැරදි ඇතුළු නව වැරදි 10 ක් ද ස්ථානීය දඩ සඳහා ඇතුළත් කර ඇති බවයි.
නව සංශෝධනවලට අනුව මෙතෙක් රුපියල් 20ක් ව පැවති අවම දඩ මුදල රුපියල් 500 දක්වා ඉහළ නංවා තිබෙනවා.



පසුගිය ජනවාරි මාසයේ නිකුත් කළ ගැසට් නිවේදනයක් මගින් ‍රථවාහන වැරදි සඳහාවන ස්ථානීය දඩ සංශෝධනය කෙරුණද ඒවා මෙතෙක් ක්‍රියාත්මක කෙරුණේ නැහැ.
ඒ නව දඩ පත්‍රිකා මුද්‍රණය කිරීම ඇතුළු අදාළ පාර්ශ්වවලට ඒ සදහා සූදානම්වීමට කාලය  ලබාදීමේ අරමුණින්.
මේ වන විට අදාළ කටයුතු අවසන් වී ඇති නිසා එළඹෙන 15 වැනිදා සිට නව ස්ථානීය දඩ මුදල් අය කිරීම ආරම්භ කරන බව රථවාහන පොලිසිය සඳහන් කළා.
ඒ අනුව ආසන පටි භාවිතා නොකිරීම ඇතුළු මෙතෙක් අධිකරණය හමුවට ඉදිරිපත් කළ වැරදි 10 ක් ද ස්ථානීය දඩ නියම කෙරෙනවා.
නව සංශෝධනය මගින් මෙතෙක් දඩ කොළයේ පැවති බලපත්‍ර නොමැතිව පැදවීම, අවුරුදු 18 ට අඩු අය රිය පැදවීම, බලපත්‍ර නොමැතිව අයෙකු සේවයේ යෙදවීම වෙනුවට ඇතුළත් කර ඇත්තේ ධාවනය කරන විට රියදුරු බලපත්‍රය රැගෙන යාමට අසමත්වීම යන වරදයි.
ඒ අනුව රියදුරු බලපත්‍රයක් ලබා නොගෙන රිය ධාවනය කරන අයෙකු සෘජුවම අධිකරණය හමුවට ඉදිරිපත් කෙරෙන අතර බලපත්‍රයක් ලබාගෙන එය රැගෙන යාමට අසමත් වුවහොත් රුපියල් 1000ක ස්ථානීය දඩයක් නියම කර තිබෙනවා.
නව ස්ථානීය දඩ මුදල් ක්‍රියාත්මක කිරීම.රියදුරු බලපත්‍රයක් ලබා නොගෙන රිය ධාවනය කළහොත් අධිකරණය හමුවටබලපත්‍රයක් ලබාගෙන රැගෙන යාමට අසමත් වුවහොත් රුපියල් 1000ක ස්ථානීය දඩයක්
දඩ මුදල් සංශෝධනයේදී ඉන්ධන ගැනීමේදී ගත යුතු ආරක්ෂක විධි සහ පසුපසට පැදවීම සඳහා දැනට රුපියල් 20 ක්ව පවතින අවම දඩ මුදල ඉහළ දමා ඇත්තේ රුපියල් 500 දක්වායි. 
රුපියල් 100ක්ව පැවති මාර්ග සංඥාවලට අවනත නොවීමට අදාල දඩය රුපියල් 1000 දක්වා ඉහළ දමා තිබෙනවා.
 රුපියල් 500 ක් වූ මාර්ග රීතිවලට අවනත නොවීම සඳහා දඩය ඉහල දමා තිබෙන්නේ රැ 2000 දක්වායි.
එසේම ආදායම් බලපත්‍රය ප්‍රදර්ශනය නොකිරීම, වාහන නැවැත්වීම හා ආරක්ෂිත හිස්වැසුම් නොපැළදීමට අදාළව රුපියල් 500 ක්ව පැවති දඩ මුදල රුපියල් 1000 දක්වා ඉහළ දමා තිබෙනවා.
රුපියල් 1000 ක් ව පැවති පොලිස් නිලධාරීන්ගේ විධානවලට අවනත නොවීම හා වේග සීමා යන වැරදිවලට අදාළ දඩ ඉහළ දමා ඇත්තේ පිළිවෙළින් රුපියල් 2000 සහ 3000 දක්වායි. 
මේ අතර නව ස්ථානීය දඩ මුදල් සංශෝධනයේදී විමෝචන සහතිකය හෙවත් දුම් සහතිකය  හෝ යෝග්‍යතා සහතිකය වාහනයේ තබා නොගැනීමට අදාළව රුපියල් 500 ක නව දඩ මුදලක්ද හඳුන්වාදී තිබෙනවා.
නව ස්ථානීය දඩ මුදල් ක්‍රියාත්මක කිරීම.

මාර්ග සංඥාවලට අවනත නොවීම
100.00
1000.00
මාර්ග රීතිවලට අවනත නොවීම
500.00
2000.00
මෝටර් වාහන මත ආදායම් බලපත්‍රය ප්‍රදර්ශනය කළ යුතු අතර, නියම කරනු ලැබූ විට ඉදිරිපත් කළ යුතු බව
500.00
1000.00
මාර්ගයක මෝටර් වාහන නැවැත්වීම හෝ ගාල් කර තැබීම නොකිරීම
500.00
1000.00
ධාවනය කරන විට ආරක්ෂිත හිස්වැසුම් පැළදීම පැහැර හැරීම
500.00
1000.00
පොලිස් නිලධාරීන් ආදීන්ගේ විධාන සහ සංඥාවලට අවනත වීම පැහැර හැරීම
1000.00
2000.00
වේග සීමා විධිවිධානවලට අනනුකූලව ධාවනය කිරීම
1000.00
3000.00
විමෝචන සහතිකය හෝ යෝග්‍යතා සහතිකය වාහනයේ තබා ගැනීමට අසමත් වීම

500.00


නව දඩ මුදල් ගෙවීම් සඳහා නව සංශෝධන මගින් ලබාදී ඇති කාලය දින 28 ක්.
දින 14 ක් ඇතුළත ගෙවන්න බැරි වුණොත් තවත් දින 14 ක කාලයක් සඳහා ඒක දික් කරලා තියෙනවා. පහසුවක් හදලා තියෙනවා. නමුත් ඒ සඳහා කුඩා අතිරේක මුදලකුත් ඒ සඳහා ගෙවන්න සිද්ධ වෙනවා.
ආචාර්ය සිසිර කෝදාගොඩ - සභාපති
මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව
ප්‍රශ්නය - ඔබතුමාලා කලින් යෝජනා කරපු රු. 25,000 දඩය මොකද වෙන්නේ ?
- ඔව් ඇත්තට ඒක ආපස්සට ගන්න සිද්ධ වුණේ මෙන්න මේ පෞද්ගලික බස් හිමියන් විරෝධය ප්‍රකාශ කළා. ඒ විරෝධය ප්‍රකාශ කිරීම නිසා ජනාධිපතිතුමා මේ පිළිබඳව කමිටුවක් පත් කළා. කමිටුවේ නිර්දේශ මේ වෙනකොට ලබාදීලා තියෙනවා.
ප්‍රශ්නය - ඉතින් මොනවද ඒකේ කියලා තියෙන්නේ ?
- (සිනහවෙමින් ) ඒක ඉතින් ඔයාට කියන්න බැහැනේ.

Related

ස්ථානීය දඩ මුදල් 633191744855234749

Post a Comment Disqus Comments

Advertisement

Sandun Arosha on Twitter

- ඇසි දිසි -

- රූ සර -

10th RAIGAM TELE'ES – 2013


Labels

#100My3Days #27protesters #BondScam #hrc30 #hrc32 #jurnoTips #KoslandaLandslide #MY3 #POPEINSL #PresPollSL #SocialMediaBan #බැඳුම්කර_වංචාව Arjun Mahendran asylum seeker Bond scam C V VIGNESWARAN CBSL CBSL Governor facebook GOMA google street view india india pm Jayalalithaa Kandy unrest Logos Hope Mangala Samaraweera mangla samarweera News Room Management O Panneerselvam Perpetual Treasuries Pope Francis Ravinatha Aryasinha Sirisena Spot fine sri lanka Sri Lanka Earth slip Sri Lanka Navy Tamil Nadu Top Story UK UN UNHRC USA Vice Admiral Sirimevan Ranasinghe Vidya case verdict අගවිනිසුරු අග්‍රාමාත්‍ය අජි – නෝ – මොටෝ අතුරුදන් වූවන් පිළිබද කොමිසම අධිකරණය අධ්‍යපනය අනුර කුමාර දිසානායක අමීෂා රාජපක්ෂ අලුත්ගම ආරක්ෂක ආර්ථික ඇමරිකාව ඉඩම් ඉන්දියාව උපුල් ජයසුරිය ඌව පළාත් සභා මැතිවරණය එක්සත් ජාතික පක්ෂය එක්සත් ජාතීන් එල්.ටී.ටී.ඊ. ඒ.එච්.එම්. ෆවුසි ඒ.එල්.රත්නපාල ඕස්ට්‍රේලියාව කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ කමලේශ් ශර්මා ක්‍රීඩා ක්සත් ජාතීන් ගිහාන් පිලපිටිය.අධිකරණය ගෝඨාභය රාජපක්ෂ චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපතිවරණය - 2015 ජපානය ජයලලිතා ජයරාම් ජෝන් කෙරී ඥාණසාර ටයර් හන්දිය ඩී.ඒ. කරුණාදාස තමිල්නාඩු තවීෂ පීරිස් තාක්ෂණික දකුණු අප්‍රිකාව දෙමල දේශපාලන නයිජිරියාව නරේන්ද්‍ර මෝදි නවතම නවුසර් ෆවුසි නිමල් ගමගේ නිශාන්ත සිල්වා නීතීඥ නිමල් පුංචිහේවා පළාත් පාලන ආයතන පාලිත කොහොන පොදුරාජ්‍ය මණ්ඩලය පොලිසිය බොරිනි ප්‍රොනෝ බ්‍රිතානය මංගල සමරවීර මහින්ද රාජපක්ෂ මහේස්ත්‍රාත් රංග දිසානායක මානව හිමිකම් මානව හිමිකම් කොමිෂන් සභාව මෛත්‍රිපාල සිරිසේන මෛත්‍රීපාල සිරිසේන මොහාන් පීරිස් රනිල් වික්‍රමසිංහ රවීන්ද්‍ර විජේගුණරත්න රිය අනතුර.සී.සී.ටී.වී. දර්ශන ලෝකය විනෝදාත්මක වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය ශිරන්ති රාජපක්ෂ ශිරානි බණ්ඩාරනායක ශ්‍රී ලංකා නීතීඥ සංගමය ශ්‍රේෂ්ඨාධිකරණය ෂින්ෂෝ අබේ සරණාගතයින් සිරිලිය සවිය සිරිල් රම්පෝසා සී.වී. විග්නේෂ්වරන් සෙයිද් අල් හුසේන් සෞඛ්‍ය ස්ථානීය දඩ මුදල් ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හරීන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ

Hot in week

Recent

Comments

madura

Madura English-Sinhala Dictionary

Powered by www.maduraonline.com

Side Ads

Text Widget

Connect Us

item