කටුනායක ගුවන් තොටුපොළ :ආසියාවේ අකාර්යක්ෂම ගුවන් තොටුපොළ
https://sandunarosha.blogspot.com/2014/07/blog-post_27.html
ලොව අකාර්යක්ෂම ගුවන් තොටුපොළ අතරට කටුනායක බණ්ඩාරනායක
ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ද එක්ව තිබෙනවා.
වාර්ෂිකව නිකුත් කෙරෙන ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වර්ගීකරණ වාර්තාව ප්‍රකාශ කළේ කටුනායක ගුවන් තොටුපොළ
ආසියාවේ අකාර්යක්ෂම ගුවන් තොටුපොළ බවයි.
ගුවන් තොටුපොළ ප්‍රවාහන
පර්යේෂණ සංගමය හෙවත් ඒ.ටී.ආර්.එස්. අධ්‍යයනයකින් අනතුරුව අදාළ වාර්තාව ප්‍රකාශයට
පත් කර තිබෙනවා.
ඒ, ජාත්‍යන්තර ගුවන්තොටුපොළ
200 ක් සැලකිල්ලට ගනිමින්.
අදාළ අධ්‍යයනයේදී ගුවන්
තොටුපොළට පැමිණෙන ගුවන් යානා සංඛ්‍යාව, මගීන් සහ හුවමාරු වූ භාණ්ඩ ප්‍රමාණය,
ආදායම හා යටිතල පහසුකම් යනාදී දත්ත
සැලකිල්ලට ගෙන තිබෙනවා.
අදාළ දත්ත විශේෂ සූත්‍රයකට
ඇතුළත් කෙරෙන්නේ ලොව කාර්යක්ෂමම ගුවන් තොටුපොළ නිර්ණයටයි.
එහි ලබා ගත හැකි උපරිම ලකුණු
සංඛ්‍යාව එකයි දශම හයයි බිංදුවක් වන අතර එහිදී ශ්‍රී ලංකාවට ලැබී ඇත්තේ ලකුණු
බින්දුවයි දශම තුනයි බිංදුවකට ආසන්න අගයක් පමණයි.
ඒ අනුව කටුනායක බණ්ඩාරනායක, ජාත්‍යන්තර
ගුවන් තොටුපොළ ආසියාවේ අකාර්යක්ෂමම ගුවන් තොටුපොළ බවට පත්ව තිබෙනවා.
"ලොව කාර්යක්ෂමම ගුවන් තොටුපොළ" 11 වන වරටත් දිනාගෙන ඇත්තේ ඇමරිකාවේ ඇට්ලන්ටා ජාත්‍යන්තර ගුවන් තොටුපොළයි |