ශ්‍රී ලාංකිකයා ඝාතනය කළාට වැරදිකරුවන්ට සිරදඬුවම්.....
https://sandunarosha.blogspot.com/2014/07/blog-post_25.html
ශ්‍රී ලාංකික තරුණයෙකු වූ තවීෂ පීරිස් සිසුවා බ්‍රිතාන්‍යෙය්දී ඝාතනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකුට ජීවිතාන්තය දක්වා සිර දඩුවම් ලබාදී තිබෙනවා.
ෂෙෆිල්ඩ් ක්‍රවුන් අධිකරණයේදී තීන්දුව ප්‍රකාශයට පත්කෙරුණේ, සිද්ධිය වී වසරකට අඩු කාලයකදීයි.
25 හැවිරිදි තවීෂ පීරිස් ඝාතනය කිරීමේ
සිද්ධියට වරදකරුවන් වූයේ ෂෙෆිල්ඩ් ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි කසීම් අහමඩ් හා 26
හැවිරිදි ශම්රාෂ් ඛාන් නැමැති තරුණයන් දෙදෙනායි.
26 හැවිරිදි ශම්රාෂ් ඛාන් (වම) හා 18 හැවිරිදි කසීම් අහමඩ් |
තීන්දුවට අනුව
චූදිතයින් අවම වශයෙන් වසර 23 ක් සිරගතව
සිටිය යුතුයි.
තීන්දුව ප්‍රකාශ කරමින් ෂෙෆීල්ඩ් ක්‍රවුන්
අධිකරණයේ විනිසුරුවරයා ප්‍රකාශ කළේ ජංගම දුරකතනයක් වෙනුවෙන් දක්ෂ තරුණයෙක්ගේ
අනාගතය චූදිතයින් උදුරාගත් බවයි.
නාවල, කොස්වත්ත ප්‍රදේශයේ පදිංචිව 2011 වසරේ
තවීෂ බ්‍රිතාන්‍ය බලා පිටත්ව ගියේ සිය
මෘදුකාංග ඉංජිනේරු විද්‍යා උපාධිය සම්පූර්ණ කිරීම සදහායි.
ෂෙෆිල්ඩ් හලාම් විශ්වවිද්‍යාලයේ ඉගෙනීම
කටයුතුවලට අවශ්‍ය මුදල් සොයා ගැනිම සදහා
25 හැවිරිදි තවීෂ පීසා ඇනවුම් භාරදෙන්නෙකු ලෙස සේවය කරනවා.
තවීෂ පසුගිය වසරේ ඔක්තෝම්බර් 27 වන දින රාත්‍රි
ඝාතනයට ලක්වන්නේ, තොරතුරු තාක්ෂණ උපදේශකවරයෙකු ලෙස පසුදා නව රැකියාව භාර
ගැනීමට නියමිතව තිබියදීයි.
තවීෂ පීරිස් ඝාතනයට ලක්වු ෂෙෆීල්ඩ්හි සවුති චන්ද්‍රවංකය |
ඔහු එදින පීසා අවන්හලේ අවසන් ඇනවුම භාරදීමට
යමින් සිටියදී මේ අවාසනාවන්ත සිද්ධියට මුහුණ දුන්නා.
ෂෙෆීල්ඩ්හි සවුති චන්ද්‍රවංකයේදී ගෙලෙහි සහ
හදවත ආසන්නයේ දරුණු තුවාල 17 ක් සහිතව තවීෂ පීරිස් පසුදා සිය මෝටර් රථය තුළදී
සොයාගනු ලබන අතර, අනතුරුව ඔහු ජීවිතක්ෂයට පත්වුණා.
________________________________________________________________________________
පුවත්වල අන්තර්ගතය සහ මුලාශ්‍රය වෙනස් කිරිමකින් තොරව භාවිතා කිරිමට අවසර ඇත.
© 2014 සඳුන් අරෝෂ ප්‍රනාන්දු - සියලු හිමිකම් ඇවරිණි
යෝජනා සහ අදහස් : අන්තර්ජාල කතෘ