ඉරාකයේ මේ වන විට පවතින තත්වය සැලකිල්ලට ගෙන ඉරාකයට ශ්‍රමිකයන් යැවීම වහාම ක්‍රියාත්මක වන පරිදි නැවැත්වූ බව විදේශ කටයුතු නියෝජ්‍ය ඇමති නියෝම...
https://sandunarosha.blogspot.com/2014/06/blog-post_7799.html
ඉරාකයේ මේ වන විට පවතින තත්වය සැලකිල්ලට ගෙන ඉරාකයට ශ්‍රමිකයන් යැවීම වහාම ක්‍රියාත්මක වන පරිදි නැවැත්වූ බව විදේශ කටයුතු නියෝජ්‍ය ඇමති නියෝමාල් පෙරේරා පවසයි.
පන්දහසකට ආසන්න ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් පිරිසක් ඉරාකයේ මේ වන විට රැඳී සිටින බව කියා සිටි විදේශ කටයුතු නියෝජ්‍ය ඇමතිවරයා, ඔවුන් ගැටුම් නොමැති ප්‍රදේශ වලට යැවීමට හෝ මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර ගැනීමට තානාපති කාර්යාල වලට උපදෙස් ලබා දී ඇති බව ප්‍රසාද් පූර්ණිමාල් ජයමාන්න කළ විමසීමකදී කියා සිටියේය.
ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් ගැටුම්වලට මැදි වී සිටින බව හෝ අතවරයකට මුහුණ දී ඇති බවක් මේ වන තෙක් වාර්තා වී නොමැති බවද නියෝජ්‍ය ඇමතිවරයා පැවසීය.
ප්‍රජාතන්ත්‍රවාදීව පත් වූ රජයක් ආරක්ෂා විය යුතු බවත් ත්‍රස්තවාදය හෙලා දකින බවත් නියෝජය අමාත්‍ය නියෝමාල් පෙරේරා වැඩිදුරටත් කියා සිටියේය.