විශේෂ මහාධිකරණයෙන් ගෝඨාට ඇප
රජයේ මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු 7 දෙනෙකු ඇප මත මුදා හැරීමට ස්ථිර ත්...
https://sandunarosha.blogspot.com/2018/09/blog-post.html
රජයේ මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු 7 දෙනෙකු ඇප මත මුදා හැරීමට ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය අද නියෝග කළා.
චූදිතයින්ට එරෙහි අධි චෝදනා භාරදෙමින් අධිකරණය නියෝග කළේ ඔවුන්ගේ විදෙස් ගමන්ද තහනම් කිරීමටයි.
නඩුව අද කැඳවන අවස්ථාවේ
ඒකාබද්ධ විපක්ෂය සහ 16 කණ්ඩායම නියෝජනය
කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අධිකරණ පරිශ්‍රයට පැමිණ සිටියා.
හිටපු ජනාධිපති
පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාද එම ස්ථානයට පැමිණියා.
හිටපු ආරක්ෂක ලේකම්
ගෝඨාභය රාජපක්ෂ ඇතුළු චූදිතයින් මහාධිකරණ ශාළාවේ විත්ති කූඩුවට නැගීමෙන් පසු රජයේ
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා ඔවුන්ට එරෙහිව අධි චෝදනා පත්‍ර ගොනු
කළා.
එහි ඇතුළත් චෝදනා 7 න්
පළමු චූදිත ගෝඨාභය රාජපක්ෂ මහතාට නගා ඇත්තේ එක් චෝදනාවක් පමණයි.
ඒ, පසුගිය ආණ්ඩු සමයේ
රුපියල් කෝටි 3.5 කට ආසන්න රජයේ මුදල් වංක ලෙස සාවද්‍ය පරිහරණය කිරීමට අනුබල
දීමයි.
ශ්‍රී ලංකා ඉඩම්
ගොඩ කිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව
සතු එම මුදල් යොදා ගනිමින් හම්බන්තොට, මැදමුලන ප්‍රදේශයේ ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ
ස්මාරකය සහ කෞතුකාගාරය ඉදිකර ඇති බව චෝදනා පත්‍රයේ දැක්වෙනවා.
නඩුවේ සෙසු චූදිතයින්
ලෙස නම් කර ඇත්තේ එවක එම සංස්ථාවේ සභාපති, සාමාන්‍යාධිකාරි සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින්
යන හය දෙනායි.
චෝදනා පත්‍ර භාර ගනිමින්
හිටපු ආරක්ෂක ලේකම්වරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ රොමේෂ්ද සිල්වා මහතා
සඳහන් කළේ මෙම නඩුව විභාග කිරීම සඳහා ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයට අධිකරණ බලයක්
නොමැති බවයි.
එම තර්කය සහ තවත් කරුණු
ඇතුළත් කර මූලික විරෝධයක් ගොනු කිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපති නීතීඥවරයා සඳහන්
කළා.
එහිදී නීතීඥයින් සේවාදායකයින්ට ඇප ඉල්ලීමක් කරමින් ප්‍රකාශ
කළේ ඔවුන් ඕනෑම අවස්ථාවක අධිකරණය හමුවේ පෙනී සිටීමට සූදානම් බවයි.
නඩුව දිනපතා විභාගයට
ගැනීමට නියමිතව ඇති නිසා චූදිතයින් ඇප මත නිදහස් කිරීමට විරුද්ධත්වයක් නොමැති බව
රජයේ නීතීඥවරයා දන්වා සිටියා.
ඒ අනුව නීතිමය බාධාවක්
නොමැති නිසා සියලු චූදිතයින් රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙක බැගින් මුදා
හැරීමට සභාපති විනිසුරු සම්පත් අබේකෝන් මහතා නියෝග කළා.
එහිදී විනිසුරුවරයා
වැඩිදුරටත් පැවසුවේ විත්තිකරුවන් රජයේ ඉහළ නිලතල දැරූ පුද්ගලයින් බැවින් ඔවුන් ඇප
නියෝගවලට ගරු කොට නඩු විභාගය සඳහා පෙනී සිටිනු ඇතැයි අධිකරණය අපේක්ෂා කරන බවයි.
චූදිතයින්ගේ ඇඟිලි
සලකුණු ලබාගැනීමට නියෝග කළ අධිකරණය නියෝග කළේ නඩුව ඔක්තෝබර් 9 වැනිදා යළි
කැඳවීමටයි.