ආරක්ෂක මාණ්ඩල ප්‍රධානී රක්ෂිත බන්ධනාගාරයට
ආරක්ෂක
මාණ්ඩල ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද
අත්අඩංගුවට ගත්තා.
ඒ,
2008 - 2009 කාලයේ කොළඹදී තරුණයින් 11 දෙනෙකු පැහැර ගැනීමේ සිද්ධියේ සැකකරුවෙකුට
රැකවරණය ලබාදීමේ සිද්ධිය සම්බන්ධයෙන්.
කොටුව
මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කළේ අත්අඩංගුවට ගත් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීවරයා
ලබන 5 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමටයි.
VIDEO
ආරක්ෂක
මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න සිය නිල ඇඳුමින් සැරසී කොළඹ කොටුව මහේස්ත්‍රාත්
අධිකරණයට අද පෙරවරුවේ භාරවුණා.
ඒ,
තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන යෑමේ සිද්ධියේ සැකකරුවෙකුට රැකවරණය ලබාදීම
සම්බන්ධයෙන් ඔහුට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ
පෙනී සිටීම කිහිපවරක්ම මඟ හැරීමෙන් පසුවයි.
එහිදී
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ප්‍රකාශ කර සිටියේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී
අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න නඩුවේ ප්‍රධාන සාක්ෂිකරුවෙකුවන ලුතිනන් කමාන්ඩර් ගලගමගේ ලක්සිරි මහතාට ගිනි
අවි පෙන්වා තර්ජනය කර පැහැර ගැනීමට පසුගිය 26 වැනිදා තැත් කර ඇති බවයි.
නාවික
හමුදා මූලස්ථානය තුළ සිදු වූ සිද්ධිය
සම්බන්ධයෙන් අදාළ නිලධාරියා කොටුව පොලිසියට පැමිණිල්ලක් කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව
අධිකරණයට ප්‍රකාශ කළා.
එම
පැමිණිල්ලේ විමර්ශනවල ප්‍රගතිය දැනගැනීම
සඳහා පස්වරු 2.30 දක්වා නඩුව කල් තැබූ මහේන්ත්‍රාත්වරයා කොටුව පොලිස් ස්ථානාධිපතිවරයාට නියෝග කළේ
අධිකරණයේ පෙනී සිටින ලෙසයි.
අනතුරුව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර
විජේගුණරත්න අධිකරණයෙන් පිටතට පැමිණි අතර ඔහුගේ ආරක්ෂාවට සිවිල් ඇඳුමෙන් සැරසී
සිටි පුද්ගලයින් මාධ්‍යවේදීන්ට බාධා කළේ මේ ආකාරයෙන්.
එම
බාධා කිරීම් මධ්‍යයේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියාගේ පෙරගමන් යතුරු පැදියක්ද මාධ්‍යවේදීන්
කිහිප දෙනෙකුගේ ගැටුණා.
ඒ
අතරතුර ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න සිය නිල රථයෙන්ම
අධිකරණයෙන් පිටව ගියේ නඩුවේ දෙවන සැකකරු ලෙස නම් කර තිබියදීයි
පසුව
මාධ්‍යවේදීන්ට පහර දුන් එක් නාවික හමුදා නිලධාරියකු පොලිස් අත්අඩංගුවට ගැනුණා.
නාවික හමුදා නිලධාරියකු පොලිස් අත්අඩංගුවට
පස්වරු
2.30 ට නඩුව දෙවන වර කැඳවන අවස්ථාවේදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර
විජේගුණරත්න සිවිල් ඇදුමින් සැරසී අධිකරණය හමුවේ පෙනී සිටියා.
බන්ධනාගාර
නිලධාරීන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානිවරයාව සිය භාරයට ගත්තේ ඉන් අනතුරුවයි.
කෙසේ
වෙතත් බන්ධනාගාර නිලධාරීන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානිවරයාව නඩු ශාලාවේ ඇති
සිරමැදිරිය තුළට යොමු නොකර ශාලාවේ අසුන් ගැන්වූවා.
නඩු
විභාගය යළි ඇරඹීමෙන් පසු කොටුව පොලිස් ස්ථානාධිපතිවරයා අධිකරණයට ප්‍රකාශ කළේ
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න නඩුවේ ප්‍රධාන
සැකකරුවෙකුවන ලුතිනන් කමාන්ඩර් ගලගමගේ ලක්සිරි මහතාට ගිවි අවියක් පෙන්වා තර්ජනය කර
පැහැර ගැනීමට තැත් කළ බවට කළ පැමිණිල්ලේ විමර්ශන මෙතෙක් අවසන් වී නොමැති බවයි.
එම
විමර්ශන සිදුකිරීම සඳහා නාවික හමුදා
මූලස්ථානයට ඇතුළුවීමට බාධා ඇති වූ බව පොලිසිය සඳහන් කළා.
සිද්ධියේ
විමර්ශන නිලධාරී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා
මහතා අධිකරණයට පොලිස්පතිවරයාගෙන් ලැබුණු රහස්‍ය ලිපියක් ඉදිරිපත් කළා.
එම
ලිපියේ පොලිස්පතිවරයා සඳහන් කර තිබුණේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර
විජේගුණරත්න තමන්ට දුරකථන ඇමතුමක් ලබා දී පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා
එල්.ටී.ටී. ඊ. සංවිධානයට සම්බන්ධ බවට ප්‍රකාශ කළ බවයි.
එම
නිසා ඔහු තවදුරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කටයුතුවලට යොදා නොගන්නා ලෙසට
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානිවරයා සඳහන් කළ බව
පොලිස්පතිවරයා එම ලිපියේ සඳහන් කර තිබූ බව පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා
අධිකරණයේදී ප්‍රකාශ කළා.
පොලිස්
පරීක්ෂක නිශාන්ත සිල්වා අධිකරණයට ප්‍රකාශ කළේ සිද්ධියේ ප්‍රධාන විමර්ශන නිලධාරියා
ලෙස තමන්ව ස්ථාන මාරු කිරීමට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර
විජේගුණරත්න උත්සාහ කරන බවයි.
ඊට
අමතරව ඔහු පැවසුවේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න
අත්අඩංගුවට ගැනීමට අධිකරණයට හෙළිකළ නොහැකි
බාධා මතුව ඇති බවයි.
ආරක්ෂක
මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති
නීතීඥ අනුජ ප්‍රේමරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ චෝදනා සියල්ල ප්‍රතික්ෂේප
කළා.
ඔහු
පැවසුවේ මෙම විමර්ශන නැවැත්වීම සඳහා පොලිස්පතිවරයා පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා
ස්ථාන මාරු කිරීමට උත්සාහ දරන්නේ නම් ඔහුවද අත්අඩංගුවට ගත යුතු බවයි.
පැය
3 කට ආසන්න සියලු කරුණු දැක්වීම් අනුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා සිය නියෝගය
ප්‍රකාශයට පත් කලා.
එහිදී
මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේ,
විමර්ශන
නිලධාරීන්ට නිදහසේ රාජකාරිකිරීමට බාධාවන ලෙස ස්ථාන මාරු කිරීමට උත්සාහ
දැරීම,
විමර්ශනයේ
සාක්ෂි ඇති ස්ථානවලට ඇතුළුවීමට බාධා පැමිණවීම,
නඩුවේ
සාක්ෂිකරුවෙකුට බලපෑම් කිරීම සහ එම විමර්ශනවලට බාධා කිරීම ,
යන
කරුණු මත ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්නගේ ඇප අයැදුම
ප්‍රතික්ෂේප කරන බවයි.
ඒ
අනුව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න ලබන 5 වැනිදා
දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළ අතර ඔහුගෙන් ප්‍රකාශයක් ලබාගන්නා ලෙසද අපරාධ පරීක්ෂණ
දෙපාර්තමේන්තුවට නියෝග කළා.
මහේස්ත්‍රාත්වරයා
බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර
විජේගුණරත්න කළ ඉල්ලීම අනුව ඔහුට විශේෂ ආරක්ෂාවක් ලබාදීම සම්බන්ධයෙන් අවධානය යොමු
කරන ලෙසයි.