harskada

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් සිය වාචික වාර්තාවේ පූර්ව පිටපතක් නිකුත් කරයි

මානව හිමිකම් උල්ලංගණය කළ බවට සැකකරන ආරක්ෂක හමුදාවල ඕනෑම අයෙකු සම්බන්ධයෙන් පවත්වන විමර්ශන සම්පූර්ණ කරන තෙක් වහාම ඔවුන්ගේ සේවය අත්හිටුවිය යු...

මානව හිමිකම් උල්ලංගණය කළ බවට සැකකරන ආරක්ෂක හමුදාවල ඕනෑම අයෙකු සම්බන්ධයෙන් පවත්වන විමර්ශන සම්පූර්ණ කරන තෙක් වහාම ඔවුන්ගේ සේවය අත්හිටුවිය යුතු බවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය ශ්‍රී ලංකාවට නිර්දේශ කර තිබෙනවා.

ඊට අමතරව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු ද ප්‍රකාශ කරන්නේ මෙම නිර්දේශයට අමතරව තවත් නිර්දේශ 39 ක් ක්‍රියාවට නැංවීමට තමන් ශ්‍රී ලංකාවට අනුබල දෙන බවයි.

මහ කොමසාරිස්වරයා මේ බව සදහන් කරන්නේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට හෙට ලබාදීමට නියමිත වාචික වාර්තාවේ පූර්ව පිටපතක් නිකුත් කරමින්.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ කවුන්සිලයේ 32 වන සැසිවාරය මේ වන විට ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවරදී පැවැත්වෙනවා.

ඊට මහ කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු විසින් ඉදිරිපත් කිරීමට නියමිත වාචික වාර්තාවේ කරුණු 38 කින් සමන්විත  පූර්ව පිටපතක් ඊයේ රාත්‍රියේ නිකුත් වුණා.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනයේ නිර්දේශ ක්‍රියාවට නංවන ලෙසට ශ්‍රී ලංකා රජයට අනුබල දීම එහි ප්‍රථම කරුණයි.

ඒ අනුව,

මානව හිමිකම් උල්ලංගණය කළහොත් ඔවුන්ට දඬුවම් දෙන බවට ආරක්ෂක හමුදාවල සියලු ශාඛාවන් වෙත රජය පැහැදිලි, ප්‍රසිද්ධ හා නිසැක උපදෙස් නිකුත් කිරීම,

මානව හිමිකම් උල්ලංඝණය කරන ඕනෑම ආරක්ෂක අංශ සාමාජිකයෙකුගේ  විමර්ශන අවසන්වන තෙක් සේවය වහා අත්හිටුවීමට ක්‍රියාකිරීම.

ආරක්ෂක අංශ ප්‍රතිසංස්කරණය.

අභ්‍යන්තර ආරක්ෂක කටයුතුවල හමුදාවේ භූමිකාව අඩු කිරීම සඳහා සමස්ථ සැලැස්මක් සකස් කිරීම.

හමුදාව විසින් අත්පත් කර ගනු ලැබ තිබෙන පෞද්ගලික ඉඩම් ආපසු ලබාදිම,

සිවිල් කටයුතුවලට හමුදාව මැදිහත් වීම අවසන් කිරීමට ප්‍රමුඛත්වය දීම,

ත්‍රස්තවාදය වැළැක්විමේ හා මහජන ආරක්ෂක යන පනත් ජාත්‍යන්තර නීතිය සමග අනුකූලවන පරිදි යළි සකස් කිරීම.,

ශ්‍රී ලංකාව ක්‍රියාවට නැංවිය යුතු කරුණු අතරවනවා.

ඊට අමතරව දේශීය ස්වාධීන විමර්ශන යාන්ත්‍රණයක් සහිත හයිබ්‍රිඩ් විශේෂ අධිකරණයක් යුද අපරාධ හා මානව වර්ගයාට එරෙහි අපරාධ විභාග කිරිමේ වරම් ලත් ජාත්‍යන්තර විනිසුරුවරුන් ඇතුළු විමර්ශකයින් ඇතුළත්වන පරිදි ස්ථාපිත කිරීම තවත් නිර්දේශයක්.

නිම කර නොමැති බරපතල මානව හිමිකම් උල්ලංඝණය හා සම්බන්ධ නඩු මෙම විශේෂ අධිකරණය හරහා විභාග කිරීම මානව හිමිකම් කොමසාරිස්වරයා අනුබල දෙන  නිර්දේශ අතරවනවා.

ඊට අමතරව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා සිටින රැඳවුම්කරුවන්ගේ සියලු නඩු විමර්ශනය කිරීම හෝ ඔවුන් නිදහස් කිරීම කළ යුතු බවටද මානව හිමිකම් කොමසාරිස්වරයා ශ්‍රී ලංකා රජයට අනුබල දෙනවා.

මෙම නිර්දේශවලට අමතරව සිය පූර්ව වාර්තාව මගින් මහ කොමසාරිස්වරයා ප්‍රකාශ කරන්නේ ශ්‍රී ලංකාවේ යහපාලන ආණ්ඩුව පොරොන්දු වූ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ, යුක්තිය පසිඳලීම සහ ආර්ථික ප්‍රතිසංස්කරණ මෙතෙක් මුළුමනින්ම සාක්ෂාත් කරගෙන නොමැති බවයි.

මෙම පූර්ව වාර්තාව අනුව යමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු ශ්‍රී ලංකාව පිළිබඳව වාචික වාර්තාව හෙට ඉදිරිපත් කිරීමට නියමිත අතර ඊට ප්‍රති පිළිතුරු සැපයීම සඳහා විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර හා අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහත්වරුන් ප්‍රමුඛ නියෝජිත පිරිසක් හෙට මානව හිමිකම් සැසියට සහභාගිවනවා.



Related

සෙයිද් අල් හුසේන් 2650059740824414643

Post a Comment Disqus Comments

Advertisement

Sandun Arosha on Twitter

- ඇසි දිසි -

- රූ සර -

10th RAIGAM TELE'ES – 2013


Labels

#100My3Days #27protesters #BondScam #hrc30 #hrc32 #jurnoTips #KoslandaLandslide #MY3 #POPEINSL #PresPollSL #SocialMediaBan #බැඳුම්කර_වංචාව Arjun Mahendran asylum seeker Bond scam C V VIGNESWARAN CBSL CBSL Governor facebook GOMA google street view india india pm Jayalalithaa Kandy unrest Logos Hope Mangala Samaraweera mangla samarweera News Room Management O Panneerselvam Perpetual Treasuries Pope Francis Ravinatha Aryasinha Sirisena Spot fine sri lanka Sri Lanka Earth slip Sri Lanka Navy Tamil Nadu Top Story UK UN UNHRC USA Vice Admiral Sirimevan Ranasinghe Vidya case verdict අගවිනිසුරු අග්‍රාමාත්‍ය අජි – නෝ – මොටෝ අතුරුදන් වූවන් පිළිබද කොමිසම අධිකරණය අධ්‍යපනය අනුර කුමාර දිසානායක අමීෂා රාජපක්ෂ අලුත්ගම ආරක්ෂක ආර්ථික ඇමරිකාව ඉඩම් ඉන්දියාව උපුල් ජයසුරිය ඌව පළාත් සභා මැතිවරණය එක්සත් ජාතික පක්ෂය එක්සත් ජාතීන් එල්.ටී.ටී.ඊ. ඒ.එච්.එම්. ෆවුසි ඒ.එල්.රත්නපාල ඕස්ට්‍රේලියාව කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ කමලේශ් ශර්මා ක්‍රීඩා ක්සත් ජාතීන් ගිහාන් පිලපිටිය.අධිකරණය ගෝඨාභය රාජපක්ෂ චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපතිවරණය - 2015 ජපානය ජයලලිතා ජයරාම් ජෝන් කෙරී ඥාණසාර ටයර් හන්දිය ඩී.ඒ. කරුණාදාස තමිල්නාඩු තවීෂ පීරිස් තාක්ෂණික දකුණු අප්‍රිකාව දෙමල දේශපාලන නයිජිරියාව නරේන්ද්‍ර මෝදි නවතම නවුසර් ෆවුසි නිමල් ගමගේ නිශාන්ත සිල්වා නීතීඥ නිමල් පුංචිහේවා පළාත් පාලන ආයතන පාලිත කොහොන පොදුරාජ්‍ය මණ්ඩලය පොලිසිය බොරිනි ප්‍රොනෝ බ්‍රිතානය මංගල සමරවීර මහින්ද රාජපක්ෂ මහේස්ත්‍රාත් රංග දිසානායක මානව හිමිකම් මානව හිමිකම් කොමිෂන් සභාව මෛත්‍රිපාල සිරිසේන මෛත්‍රීපාල සිරිසේන මොහාන් පීරිස් රනිල් වික්‍රමසිංහ රවීන්ද්‍ර විජේගුණරත්න රිය අනතුර.සී.සී.ටී.වී. දර්ශන ලෝකය විනෝදාත්මක වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය ශිරන්ති රාජපක්ෂ ශිරානි බණ්ඩාරනායක ශ්‍රී ලංකා නීතීඥ සංගමය ශ්‍රේෂ්ඨාධිකරණය ෂින්ෂෝ අබේ සරණාගතයින් සිරිලිය සවිය සිරිල් රම්පෝසා සී.වී. විග්නේෂ්වරන් සෙයිද් අල් හුසේන් සෞඛ්‍ය ස්ථානීය දඩ මුදල් ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හරීන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ

Hot in week

Recent

Comments

madura

Madura English-Sinhala Dictionary

Powered by www.maduraonline.com

Side Ads

Text Widget

Connect Us

item