ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර නිදහස් වෙළෙඳ ගිවිසුමක් සඳහාවන මූලික සාකච්ඡා ඇරඹෙයි
ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර නිදහස් වෙළෙඳ ගිවිසුමක් සඳහාවන මූලික සාකච්ඡා දෙරටේ අග්‍රාමාත්‍යවරුන් අතර අද ආරම්භ වුණා. ඒ, අග්‍රාමාත්‍ය රන...
https://sandunarosha.blogspot.com/2016/07/blog-post.html
ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර නිදහස් වෙළෙඳ ගිවිසුමක්
සඳහාවන මූලික සාකච්ඡා දෙරටේ අග්‍රාමාත්‍යවරුන්
අතර අද ආරම්භ වුණා.
ඒ, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ තෙදින
සිංගප්පූරු නිල සංචාරය අතරතුරදී.
රනිල් වික්‍රමසිංහ මහතා සිංගප්පූරුවේ නිල සංචාරයක
නිරතවන්නේ අගමැති ධුරයට පත්වීමෙන් පසුව ප්‍රථමවරයි.
උණුසුම් පිළිගැනීමක් මධ්‍යයේ සිංගප්පූරු ජනාධිපති නිල නිවස වන ඉස්තානා මන්දිරයට පැමිණි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ආර්යාව පිළිගනු ලැබුවේ සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී ෂියෑන් ලූ මහතා හා එම ආර්යාව විසින්.
දෙරටේ ජාතික ගීය
වාදනයෙන් අනතුරුව අග්‍රාමාත්‍යවරයාට හමුදා ගෞරවාචාර පිරිනැමුණා.
ඉස්තානා මන්දිරයේ දෙවන
මහලේදී වික්‍රමසිංහ මහතා අමුත්තන්ගේ සටහන් පොතේ අත්සන් තැබීමෙන් පසු ද්විපාර්ශ්වීය
සාකච්ඡා ඇරඹුණා.
එහිදී සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා
සදහන් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ සම්මුතිවාදී ජාතික ආණ්ඩුව අනුගමනය කරනු ලබන යහපත් ප්‍රතිපත්ති
හේතුවෙන් විදේශ සමාගම් ගණනාවක් ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට කැමැත්ත පළ කර ඇති
බවයි.
සංචාරක ප්‍රවර්ධනය සදහාද
සිංගප්පූරුවේ සහය අවශ්‍ය බව මෙහිදී වික්‍රමසිංහ මහතා පෙන්වා දී තිබෙනවා.
සාකච්ඡාවලින් අනතුරුව
දෙරට අතර එළැඹීමට නියමිත නිදහස් වෙළෙඳ ගිවිසුමේ කටයුතු ආරම්භ කිරීම සඳහා
එකඟතා ප්‍රකාශනයකට අත්සන් තැබුණා.
ඒ, සංවර්ධන උපාය
මාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම, සිංගප්පූරුවේ වෙළෙඳ සහ
කර්මාන්ත අමාත්‍ය එස්. ඊස්වරන් මහත්වරුන්ගේ මූලිකත්වයෙන්.
ඊට අමතරව දෙරට අතර
වෙළෙඳ, නගර සංවර්ධන, සංස්කෘතික, රාජ්‍ය සේවා සහ කාර්මික හා වෘත්තිය පුහුණු
අංශවලට අදාළව ද්විපාර්ශ්වීය ගිවිසුම් 4 කට අත්සන් තැබුණා.
- බස්නාහිර මෙගාපොලිස් සංවර්ධන ක්‍රියාවලිය සඳහා වූ අවබෝධතා ගිවිසුම
- සංස්කෘතික ක්ෂේත්‍රයේ සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම
- ශ්‍රී ලංකවේ රාජ්‍ය නිලධාරීන්ගේ ශක්‍යතා වර්ධනය පිළිබඳ සහයෝගීතාව ලබාදීමේ අවබෝධතා ගිවිසුම
- කාර්මික සහ වෘත්තිය අධ්‍යාපන හා පුහුණුව සඳහා වූ අවබෝධතා ගිවිසුම
- මේ නිදහස් වෙළෙඳ ගිවිසුම හරහා සිංගප්පූරුවට සිදුකරන
අපනයන අපට සැලකිය යුතු මට්ටමින් ඉහළ නැංවීමට හැකියාව ලැබේවි. ඒ වගේම අප
සිංගප්පූරුවේ කර්මාන්ත කරුවන්ට ආරාධනා කරනවා ශ්‍රී ලංකාවට පැමිණ කර්මාන්ත ශාලා
ආරම්බ කරන ලෙසට.
- මලික් සමරවික්‍රම - සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය
- නිදහස් වෙළෙඳ ගිවිසුමට එළැඹීමේ කටයුතු අවසන් වූ විට දෙරට
අතර පවතින වෙළෙඳ බාධා අවම වේවියැයි මා විශ්වාස කරනවා. ඒ වගේම එය ආයෝජකයින් තුළ
බලවත් විශ්වාසයක් ඇතිකරාවි. මේ ගිවිසුම
උපකාරි වෙයි දෙරටේ ජනතාව අතර පවතින බැඳීම තවදුරටත් ශක්තිමත් කිරීමට.
- එස්. ඊස්වරන් - සිංගප්පූරුවේ වෙළෙඳ සහ කර්මාන්ත අමාත්‍ය
මේ අතර අග්‍රාමාත්‍ය
රනිල් වික්‍රමසිංහ මහතා එරට ජනාධිපති ටෝනි ටෑන් කෙන් යැම් මහතාද හමු වුණා.
ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාවලියට
පූර්ණ සහය ලබා දෙන බව එහිදී සිංගප්පූරු ජනාධිපතිවරයා අවධාරණය කර තිබෙනවා.
මෙම සාකච්ඡාවලට පෙර අග්‍රාමාත්‍ය
රනිල් වික්‍රමසිංහ මහතා 3 වන දකුණු ආසියානු ඩයස්පෝරා සමුළුවේ සමාරම්භක සැසියේ මුඛ්‍ය
දේශනය සිදු කළා.
සිංගප්පූරුවේ රැෆල්ස්
නාගරික සම්මන්ත්‍රන කේන්ද්‍රයේ පැවැත්වෙන මෙම සමුළුවට කලාපයේ ප්‍රමුඛ ප්‍රතිපත්ති
සම්පාදකයින් විද්වතුන්, සිවිල් සමාජ නායකයින් 75 කට අධික පිරිසක් එක්වනවා.
-
මධ්‍යම සහ දිගුකාලීන සංවර්ධනයක් පවත්වාගෙන යාම සඳහා
දකුණු ආසියානු රජයන් සිය ජාතික ආර්ථිකයන් තවදුරටත් විවෘත කිරීමට ප්‍රමුඛත්වය ලබා
දිය යුතුයි. ඒ වගේම විදේශ වෙළෙඳ හා ආයෝජන ප්‍රවර්ධනය කළ යුතුයි. පොදු යටිතල
පහසුකම් සංවර්ධනය සඳහා දල දේශීය නිෂ්පාදිතයෙන් 7.5%ක් වෙන් කිරීම ප්‍රමුඛ
කාර්යයක්. ශ්‍රී ලංකාව සිය ආර්ථික ප්‍රතිසංස්කරණවලදී බලාපොරොත්තු වෙන්නේ 2020 වන
විට අය වැය පරතරය 5.4% සිට 3.5% දක්වා ගෙන ඒමයි. ඒ වගේම කොළඹ හිල්ටන්
හෝටලය, ලංකා හොස්පිට්ල්ස් වැනි උපාය
මාර්ගික නොවන ව්‍යාපාරයන් විකුණා දැමීමට අප කටයුතු කරනවා. ඊට අමතරව අප චීනය සමඟ
නිදහස් වෙළෙඳ ගිවිසුමකට එළැඹීමට අපේක්ෂා කරන අතර ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර
පවතින නිදහස් වෙළෙඳ ගිවිසුම තවදුරටත් පුළුල් කරමින් එට්කා ගිවිසුමට මේ වසර අවසානයට
පෙර අප අත්සන් තබනවා. ඒ වගේම සිංගප්පූරුව සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුමකටත් එළැඹීමට
අවශ්‍ය කටයුතු අප මේ වන විට ආරම්භ කර තිබෙනවා. එසේම සිංගප්පූරුව සහ ඉන්දියාව අතර
නිදහස් වෙළෙඳ ගිවිසුමකුත් ක්‍රියාත්මක වනවා. ඒ අනුව ලබන වසරේදී මෙම වෙළෙඳ ගිවිසුම්
3 උපයෝගී කර ගනිමින් අපට හැකියාව ලැබෙනවා දකුණු ආසියාවේ දකුණු උප කලාපය හා
සිංගප්පූරුව සමඟ ත්‍රිත්ව ආකාරයෙන් වෙළෙඳ සහ ආයෝජන කටයුතු සිදුකිරීමට.
-අගමැති