harskada

තමිල්නාඩු ජනතාවගේ "අම්මා" දිවි ගමනට සමුදෙයි

වසර 14 කට අධික කාලයක් ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ මහ ඇමතිනිය ලෙස කටයුතු කළ ජයලලිතා ජයරාම් ඊයේ රාත්‍රියේ සිය දිවියට සමුදුන්නා. ...



වසර 14 කට අධික කාලයක් ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ මහ ඇමතිනිය ලෙස කටයුතු කළ ජයලලිතා ජයරාම් ඊයේ රාත්‍රියේ සිය දිවියට සමුදුන්නා.
ඇය මියයනවිට පසු වූයේ 68 වන වියේයි.




පසුගිය මාස කිහිපයේදී ද පෙනහළුවල ආසාත්මිකතාවක් හේතුවෙන් රෝගාතුරව සිටි තමිල්නාඩු මහ ඇමතිනී ජයලලිතා ජයරාම් චෙන්නායි නුවර පෞද්ගලික රෝහලකට ඇතුළත් කෙරුණේ පෙරේදා රාත්‍රියේයි.

එහිදී හදිසි හෘදයාබාධයක් ඇයට ඇති වූ අතර, ඊයේ අලුයම සිට විශේෂ වෛද්‍ය කණ්ඩායමක් ඇයට ප්‍රතිකාර ප්‍රතිකාර කළා.

කෙසේ වෙතත්, පස්වරුව වනවිට රෝහල නිවේදනය කළේ ජයලලිතා ජයරාම්ගේ හෘදය අකර්මණයව ඇය ජීවිතාධාරක යන්ත්‍රවල සහයෙන් සිටින බවයි.

තමිල්නාඩු ප්‍රාන්තයේ දේශපාලන ප්‍රබලයන් විටින් විට රෝහලට පැමිණෙද්දී විශාල ජනතාවක් රෝහල ඉදිරිපිට ජයලලිතා ජයරාම්ගේ සුවය වෙනුවෙන් දෙවියන්ට කන්නලව් කළා.

දෙවියන්ට කන්නලව් - BBC

ඒ අතරතුරදී තමිල්නාඩු මාධ්‍ය කිහිපයක් වාර්තා කළේ ජයලලිතා ජයරාම් මියගිය බවටයි.

එම පුවත සැලවීමත් සමග රෝහල ඉදිරිපිට උණුසුම්කාරී තත්ත්වයක් හටගත්තා.


උණුසුම්කාරී තත්ත්වයක් - BBC
තත්ත්වය පාලනය කිරීමට පොලිසිය උත්සාහ දරද්දී රෝහල මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරමින් සදහන් කළේ ජයලලිතා ජයරාම් තවමත් ජීවත් වන බවටයි.

කෙසේ වෙතත්, ඉන් පැය 5 කට පමණ පසු තමිල්නාඩු මහ ඇමතිනී ජයලලිතා ජයරාම් මියගිය බවට රෝහල නිවේදනය කළා. 




එම නිවේදනයත් සමග ඇගෙන් හිස් වූ ප්‍රධාන අමාත්‍ය ධුරයට සහ පක්ෂ නායකත්වයට පත් කෙරුණේ ඕ.පනීර් සෙල්වම්.

දේශපාලන ලෝකයේ යකඩ ගැහැණිය ලෙස ද තමිල්නාඩු ජනතාවගේ අම්මා ලෙසද විරුදාවලිය ලත් ජයලලිතා ජයරාම්ට 1948 වසරේ පෙබරවාරි 24 දින උපතේදී ඇගේ මිත්තනිය ලබාදුන් නම  ‘‘කොමලවාලි‘‘යි.

 ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයේ   සිය ළමා කාලය ගත කළ ජයලලිතා දෙමළ, තෙළිගු, කන්නඩා, හින්දි, මලයාලම් සහ ඉංග්‍රීසි භාෂාව චතුරව හැසිරවීමට සමත්.

කොලිවුඩයේ සිනමා තාරකාවක්
මේ හැකියාව  නිසා පසුකාලීනව  ජයලලිතා දේශපාලනයට ප්‍රවිශ්ඨ වුවද ඊට ඇය පෙර දකුණු ඉන්දියාවේ ප්‍රකට සිනමා තාරකාවක්.

1961 – 1980 කාලය තුළ ඇය රගපෑ දමිල, තෙලිගු සහ කන්නඩා චිත්‍රපට ගණන 140 කට අධිකයි.

ඉන් බහුතරයක ඇය සමග රංගනයෙන් දායක වන්නේ කොලිවුඩයේ ප්‍රකට නළු රාමචන්ද්‍රන් නොහොත් එම්.ජී.ආර්.

දෙදෙනා අතර  දිගු කාලීන සමීප සම්බන්ධතාවයක් පැවැති අතර,  රාමචන්ද්‍රන් නොහොත් එම්.ජී.ආර්. 1982 වසරේදී ජයලලිතා දේශපාලනයට ප්‍රවිශ්ඨ කිරීමට මුලිකත්වය ගනු ලබනවා.

1984 මැතිවරණයෙන් ඉන්දීය රාජ්‍ය සභාවට ද තේරී පත්වන ජයලලිතා එතෙක් ඒ.අයි.ඒ.ඩී.එම්.කේ. පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ එම්.ජී.ආර්.ගේ අභාවයෙන් පසු එම තනතුරට නිල වශයෙන් පත්වන්නේ 1987 වසරේදීයි. 


වසර ගණනාවක් පැවැති එම්. කරුණානිධිගේ ආධිපත්‍යය බිඳ දමමින් 1991 වසරේදී ජයලලිතා ජයරාම් පළමු වරට තමිල්නාඩු ප්‍රාන්ත මහ ඇමති ධුරයට වන්නේ එම ධුරයට පත්වූ ලාබාලතම පුද්ගලයා හා  ප්‍රථම කාන්තාව වෙමින්. 

2001, 2011 මැතිවරණ ද ජය ගනිමින් ජයලලිතා මහ ඇමති තනතුරට පත්වුවත් 2001 හා  2014  දෙවසරේදීම ඇයට ධුරයෙන් ඉවත් වීමට සිදුවුයේ එල්ල වූ දූෂණ චෝදනාවන්ට වරදකරු වීම හේතුවෙන්.

ඒ සෑම අවස්ථාවකදීම අභියාචනා මගින් ජයලලිතා යළි මහ ඇමති ලෙස පත්වීමට සමත් වනවා.

අනතුරුව  2016  මැතිවරණය ද ජයලලිතා ජය ගනිමින් තමිල්නාඩු මහ ඇමති ධුරයේ ඇය  යළිත් දිවුරුම් දෙන්නේ සය වරක් දිවුරුම් දුන් ප්‍රථමයා  වෙමින්.

දූෂණ චෝදනා රැසක් හමුවේ දශක එකහමාරකට ආසන්න කාලයක් ජයලලිතා ජනාදරයට පත්වීමට ප්‍රබල හේතුවක් වන්නේ ආහාර පානාදි ජනතාවගේ මුලික අවශ්‍යතා නොමිලේ සපුරාලීම හේතුවෙන්.
වරෙක ජයලලිතා තමිල්නාඩු ජනතාවට රත්‍රන්, ජංගම  දුරකතන ද ලබාදීමට කටයුතු කළා.

තමිල්නාඩු ප්‍රාන්තයේ ශ්‍රී ලාංකික සරණාගතයින් විශාල පිරිසක් ජීවත් වන අතර, එල්.ටී.ටී.ඊ.  ත්‍රස්තවාදීන්ගේ ඊළාම් සිහිනයට පක්ෂග්‍රාහී ලෙස ජයලලිතා නිරන්තරයෙන්ම අදහස් පළ කළා.

1967 වසරේදී සීරිමා - ශාස්ත්‍රී ගිවිසුම මගින් ශ්‍රී ලංකාවට පවරා දුන් කච්චතිව් දූපතේ අයිතිය යළි ඉන්දියාවට පවරාගත යුතු බවට වරක් ජයලලිතා  යෝජනා කළේ දෙරටේ රජයන් ඇයගේ ප්‍රකාශ තැකීමකට ලක් නොකළ පසුබිමකයි.

තමිල්නාඩු මහ ඇමතිනියගේ අභාවය සම්බන්ධයෙන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසන්නේ ජයලලිතා ඇගේ ජනතාව අතර ගෞරවාදරයට ලක්වූ නායිකාවක් බවයි.

ඇගේ සමීපතමයන් වෙත සිය ශෝකය පිරිනමන බවද ජනාධිපතිවරයා සිය පණිවුඩයෙන් සඳහන් කර තිබෙනවා.

හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා ද ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසන්නේ ජයලලිතා ජයරාම් ඉන්දියාවේ දෙමළ ජන ප්‍රජාවේ හදවත් දිනාගෙන සිටි බවයි. 

ඇගේ පවුලට සහ තමිල්නාඩු ජනතාවට සිය ශෝකය පළ කරන බව එහි සඳහන්.

තමිල්නාඩු මහ ඇමතිනියගේ අභාවය නිමිත්තෙන් උතුරු පළාත් සභාවේ කටයුතු විනාඩි 10 කට කල් තැබුවේ ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් ජයලලිතා සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදු කිරීමෙන් පසුවයි.

වතුකරයේ දෙමළ ජනතාව ද සිය දෛනික කටයුතුවලින් ඉවත් වී ආගමික වතාවන්වලට අද එක්වුණා.


චෙන්නායි නුවර රාජාජී ශාලාවේ තැන්පත් කර ඇති ජයලලිතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් එක්වුණා.

ඒ අතරට සුප්‍රකට නළු රැජිනි කාන්ත් සහ ප්‍රභූ දේවා ද අයත්.

ලක්ෂ සංඛ්‍යාත ජනතාවක්


අවමංගල්‍ය උත්සවය පැවැත්වීමට පෙර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද අවසන් ගෞරව දැක්වීම සදහා එක්වුණා.

සවස 4.30ට දේහය පිළිබඳ අවසන් කටයුතු පැවැත්වුණේ චෙන්නායි නුවර මරීනා වෙරළ තීරයේදීයි.


ජයලලිතා ජයරාම්ගේ සිරුර මිහිදන් කෙරුණේ ඇයගේ රංගන සහ දේශපාලන  ජීවිතයේ සමීපතමයා වන රාමචන්ද්‍රන්ගේ හෙවත් එම්.ජී.ආර්.ගේ ස්මාරකය අසලයි. 

Related

"මම මුකුත් දන්නේ නැහැ" - රවි

අමාත්‍ය රවී කරුණානායක කොමිසම හමුවේ තමා මාස 9ක් පුරා පදිංචිව සිටියේ අර්ජුන් අලෝසියස්ගේ සමාගමකින් මුදල් ගෙවා ලබා ගත් නිවසක යැයි තමන් නොදැන සිටි බව රවී කරුණානායක ඇමතිවරයා පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කර...

ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර නිදහස් වෙළෙඳ ගිවිසුමක් සඳහාවන මූලික සාකච්ඡා ඇරඹෙයි

ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර නිදහස් වෙළෙඳ ගිවිසුමක් සඳහාවන මූලික සාකච්ඡා දෙරටේ  අග්‍රාමාත්‍යවරුන් අතර අද ආරම්භ වුණා. ඒ, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ තෙදින  සිංගප්පූරු නිල සංචාරය...

Sri Lanka aims to demilitarise island by 2018

COLOMBO (AFP) - Sri Lanka intends to become completely demilitarised by 2018, the government said Wednesday (July 6), a significant announcement that will end the army's involvement in civilian life ...

Post a Comment Disqus Comments

Advertisement

Sandun Arosha on Twitter

- ඇසි දිසි -

- රූ සර -

10th RAIGAM TELE'ES – 2013


Labels

#100My3Days #27protesters #BondScam #hrc30 #hrc32 #jurnoTips #KoslandaLandslide #MY3 #POPEINSL #PresPollSL #SocialMediaBan #බැඳුම්කර_වංචාව Arjun Mahendran asylum seeker Bond scam C V VIGNESWARAN CBSL CBSL Governor facebook GOMA google street view india india pm Jayalalithaa Kandy unrest Logos Hope Mangala Samaraweera mangla samarweera News Room Management O Panneerselvam Perpetual Treasuries Pope Francis Ravinatha Aryasinha Sirisena Spot fine sri lanka Sri Lanka Earth slip Sri Lanka Navy Tamil Nadu Top Story UK UN UNHRC USA Vice Admiral Sirimevan Ranasinghe Vidya case verdict අගවිනිසුරු අග්‍රාමාත්‍ය අජි – නෝ – මොටෝ අතුරුදන් වූවන් පිළිබද කොමිසම අධිකරණය අධ්‍යපනය අනුර කුමාර දිසානායක අමීෂා රාජපක්ෂ අලුත්ගම ආරක්ෂක ආර්ථික ඇමරිකාව ඉඩම් ඉන්දියාව උපුල් ජයසුරිය ඌව පළාත් සභා මැතිවරණය එක්සත් ජාතික පක්ෂය එක්සත් ජාතීන් එල්.ටී.ටී.ඊ. ඒ.එච්.එම්. ෆවුසි ඒ.එල්.රත්නපාල ඕස්ට්‍රේලියාව කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ කමලේශ් ශර්මා ක්‍රීඩා ක්සත් ජාතීන් ගිහාන් පිලපිටිය.අධිකරණය ගෝඨාභය රාජපක්ෂ චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපතිවරණය - 2015 ජපානය ජයලලිතා ජයරාම් ජෝන් කෙරී ඥාණසාර ටයර් හන්දිය ඩී.ඒ. කරුණාදාස තමිල්නාඩු තවීෂ පීරිස් තාක්ෂණික දකුණු අප්‍රිකාව දෙමල දේශපාලන නයිජිරියාව නරේන්ද්‍ර මෝදි නවතම නවුසර් ෆවුසි නිමල් ගමගේ නිශාන්ත සිල්වා නීතීඥ නිමල් පුංචිහේවා පළාත් පාලන ආයතන පාලිත කොහොන පොදුරාජ්‍ය මණ්ඩලය පොලිසිය බොරිනි ප්‍රොනෝ බ්‍රිතානය මංගල සමරවීර මහින්ද රාජපක්ෂ මහේස්ත්‍රාත් රංග දිසානායක මානව හිමිකම් මානව හිමිකම් කොමිෂන් සභාව මෛත්‍රිපාල සිරිසේන මෛත්‍රීපාල සිරිසේන මොහාන් පීරිස් රනිල් වික්‍රමසිංහ රවීන්ද්‍ර විජේගුණරත්න රිය අනතුර.සී.සී.ටී.වී. දර්ශන ලෝකය විනෝදාත්මක වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය ශිරන්ති රාජපක්ෂ ශිරානි බණ්ඩාරනායක ශ්‍රී ලංකා නීතීඥ සංගමය ශ්‍රේෂ්ඨාධිකරණය ෂින්ෂෝ අබේ සරණාගතයින් සිරිලිය සවිය සිරිල් රම්පෝසා සී.වී. විග්නේෂ්වරන් සෙයිද් අල් හුසේන් සෞඛ්‍ය ස්ථානීය දඩ මුදල් ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හරීන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ

Hot in weekRecentComments

Hot in week

Recent

Comments

madura

Madura English-Sinhala Dictionary

Powered by www.maduraonline.com

Side Ads

Text Widget

Connect Us

item