තරුණ වෙන්න එන්නත් දුන් දොස්තර නිමල් ගමගේ 18 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරයට - FULL REPORT
රූපලාවන්‍ය කටයුත්තක් සදහා ලබාදුන් එන්නතකින් පසුව වෛද්‍යවරියක මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු එම පෞද්ගලික සායනය බාර වෛද්‍යවර...
https://sandunarosha.blogspot.com/2014/08/18-full-report.html
රූපලාවන්‍ය
කටයුත්තක් සදහා ලබාදුන් එන්නතකින් පසුව වෛද්‍යවරියක මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන්
අත්අඩංගුවට ගැනුණු එම පෞද්ගලික සායනය බාර වෛද්‍යවරයා ලබන 18 වැනිදා රක්ෂිත
බන්ධනාගාරගත කර තිබෙනවා.
ඒ,
අද පස්වරුවේ කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන්
අනතුරුවයි.
චූදිත වෛද්‍ය නිමල් ගමගේ අත්අඩංගුවට ගැනුණේ ඊයේ රාත්‍රියේදී .
ඒ, බම්බලපිටිය විශාකා පාරේ පිහිටි ගොඩනැගිල්ලක ඔහු
පවත්වාගෙන ගිය කොස්මැටික්ස් සර්ජරි ක්ලිනික් නැමැති රූපලාවන්‍යගාරයේදී.
කොළඹ අපරාධ කොට්ඨාසය මගින් සිදුකළ මෙම අත්අඩංගුවට
ගැනීමෙන් පසුව සැකකාර වෛද්‍යවරයා ගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කර තිබෙනවා.
අනතුරුව අද පස්වරුවේ නිමල් ගමගේ වෛද්‍යවරයා කොළඹ අංක 5 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළා.
මහේස්ත්‍රාත්වරයා එහිදී නියෝග කළේ වෛද්‍යවරයා ලබන 18
වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි.
රංගන හා නිරූපන ශිල්පීන්, ආදී සමාජයේ ඉහළ
පැලැන්තියේ පුද්ගලයින්ට වෛද්‍ය නිමල් ගමගේ
දිගුකලක් තිස්සේ තරුණ බව රැක ගැනීම සදහා විවිධ ප්‍රතිකාර සිදුකර තිබෙනවා. (video)
ඊයේ පස්වරු 1.00 ට පමණ මියගිය පී.ඒ. ප්‍රියංගි වෛද්‍යවරිය
ද පැමිණියේ සිය තරුණ බව රැක ගැනීමේ අරමුණින්.
47 හැවිරිදි දෙදරු මවක් වන ඇය ඇස් රැළි වැටීම ඉවත්
කිරීමට යාමේදී ලබාදුන් ප්‍රතිජීවක එන්නතක් විෂ වීම බව මූලික පරීක්ෂණවලින්
අනාවරණයවී ඇතැයි පොලිසිය සදහන් කළා.
(කියවන්න : ලස්සන වීමට ගිය දොස්තර නෝනා එන්නත විසවී මියයයි)
මේ ඔහු ජාතික රූපවාහිනියේ සිදුකළ වැඩසටහනක්
________________________________________________________________________________
පුවත්වල අන්තර්ගතය සහ මුලාශ්‍රය වෙනස් කිරිමකින් තොරව භාවිතා කිරිමට අවසර ඇත.
© 2014 සඳුන් අරෝෂ ප්‍රනාන්දු - සියලු හිමිකම් ඇවරිණි
යෝජනා සහ අදහස් : අන්තර්ජාල කතෘ