යුද සමයේ අතුරුදන් වූවන් පිළිබද සොයා බැලීමට ජනාධිපතිවරයා පත්කළ කොමිසමට පැමිණිලි 19,400ක් මේ වන විට ලැබී ඇති බව එම කොමිසමේ සභාපති මැක්ස්වෙල...
යුද සමයේ අතුරුදන් වූවන් පිළිබද සොයා බැලීමට
ජනාධිපතිවරයා පත්කළ කොමිසමට පැමිණිලි 19,400ක් මේ වන විට ලැබී ඇති බව එම කොමිසමේ
සභාපති මැක්ස්වෙල් පරණගම මහතා පවසනවා.
ඔහු මේ බව සදහන් කළේ කොමිසම උතුරු - නැගෙනහිර පළාත්වල
සාක්ෂි විමසීමේ පළමු වටය අද අවසන් කිරීමෙන් අනතුරුවයි.
අතුරුදන්
වූවන් පිළිබද සොයා බලන කොමිසම අද සිය පළමු වටයේ අවසන් සාක්ෂි විමසීම පැවැත්වූයේ
මඩු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී.
ඊට
සාක්ෂි ලබා දීමට 40 දෙනෙකුට ආරාධනා කර
තිබුණත් ඊට පැමිණියේ 26 දෙනෙකු පමණයි.
අදත්
කොමිසමට නව පැමිණිලි 20 ක් ලැබුණු බව අප වාර්තාකරු සදහන් කළා.
එක්තරා සිවිල් සංවිධානයක්
කියලා තිබුණා. මන්නාරමේ 3000 ක් අතුරුදන් වූවන් ඉන්නවා කියලා. එච්චර නැහැ. ඒක
වැරදියි. මේ කොමිසම ගැන ජනතාවට විශ්වාසයක් තියෙනවා.
- මැක්ස්වෙල් පරණගම - සභාපති ,අතුරුදන්වූවන් පිළිබද ජනාධිපති කොමිසම
මේ
වසරේ මුල් භාගයේ සිට උතුරු නැගෙනහිර පළාත්වල කොමිසම පැමිණිලි විමර්ශනය කළේ
පුද්ගලයින් 985 දෙනෙකුට කොමිසම හමුවට පැමිණෙන ලෙස
ලිඛිතව දන්වමින්.
නමුත්
ඊට සාක්ෂි ලබා දීමට පැමිණියේ පුද්ගලයින් 786 දෙනෙකු පමණක් වන අතර ඔවුන්ගේ සාක්ෂි
විමර්ශනය කර අවසන් බව කොමිසම සදහන් කළා.
නමුත්
කොමිසමේ සභාපති මැක්ස්වෙල් පරණගම මහතා සදහන් කළේ.ඒ අතරතුරදී ලැබුණු පැමිණිලි
හේතුවෙන් කොමිසමට තවත් පැමිණිලි 19000 කට අධික සංඛ්‍යාවක් විමර්ශනය කිරීමට ඉතිරි
වී ඇති බවයි.
________________________________________________________________________________
පුවත්වල අන්තර්ගතය සහ මුලාශ්‍රය වෙනස් කිරිමකින් තොරව භාවිතා කිරිමට අවසර ඇත.
© 2014 සඳුන් අරෝෂ ප්‍රනාන්දු - සියලු හිමිකම් ඇවරිණි
යෝජනා සහ අදහස් : අන්තර්ජාල කතෘ