harskada

නීතිඥ උපුල් ජයසුරිය නඩුව:පාතාල කල්ලි නායකයින්ට ආරක්ෂාව, නීතිඥයින් 14,000 ක් නියෝජනය කරන සභාපතිවරයාට ආරක්ෂාව නැහැ

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති උපුල් ජයසුරිය මහතාට ආරක්ෂාව සැපයීමට අවසර ලබා ගැනීම සදහා නීතිය හා සාමය පිළිබද අමාත්‍යාංශයේ ලේකම්වරයා ශ්‍රි ලංකාවට පැමිණෙන තුරු සිටින බව පොලිසිය අද අධිකරණයට දැනුම් දුන්නා.
ඒ, තමන්ට මරණීය තර්ජන ඇති බවට නීතිඥ උපුල් ජයසුරිය මහතා ගොනු කළ පැමිණිල්ලක් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේදී අද යළි කැදවූ අවස්ථාවේදී.






කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඉදිරියේ කැදවූ නඩුවට උපුල් ජයසුරිය මහතා වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥයින් රැසක් පෙනී සිටියා.
අධිකරණයට ලිඛිත වාර්තාවක් ලබාදුන් කොළඹ මධ්‍යම භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පාලිත සිරිවර්ධන මහතා ප්‍රකාශ කළේ උපුල් ජයසුරිය මහතාට සුදුසු ආරක්ෂාවක් සපයා ඇති බවයි.
ජයසූරිය මහතාගේ නිවසට පොලිස් මුර සංචාර 18ක් සහ කාර්යාලයට පෙරේදා සිට ආරක්ෂාව ලබාදීමට පියවර ගත් බව පොලිස් අධිකාරීවරයා මෙහිදී සදහන් කළා.
පොලිස් නිලධාරීන් දෙදෙනෙකු බැහැ 
පොලිස් අධිකාරීවරයා සදහන් කළේ, ජයසූරිය මහතාට පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සහිත පුද්ගලික ආරක්ෂාවක් ලබාදීමට තමන්ට නොහැකි බවයි.
ඒ හේතුවෙන්, ජීවිත අවදානම් විශ්ලේෂණ වාර්තාවක් නීතිය හා සාමය පිළිබද අමාත්‍යාංශයට යොමු කර ඇති බව පොලිස් අධිකාරීවරයා අධිකරණයට ප්‍රකාශ කළා.
නීතිය හා සාමය පිළිබද අමාත්‍යාංශයේ ලේකම් නන්ද මල්ලවාරච්චි මහතා අධිකරණයට ලිඛිතව දැනුම් දී තිබුණේ, තමන් විදේශ ගතව සිටින බැවින්, නීතිඥ සංගම් සභාපතිවරයාට පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ ආරක්ෂාව ලබාදීමට සතියක් අවශ්‍ය බවයි.
පාතාල කල්ලි නායකයින්ට ආරක්ෂාව
ඊට දැඩි විරෝධයක් පළ කළ නීතිඥවරුන් ප්‍රකාශ කළේ පාතාල කල්ලි නායකයින්ට ආරක්ෂාව ලබාදෙන පොලිසියට නීතිඥයින් 14,000 ක් නියෝජනය කරන සභාපතිවරයාට ආරක්ෂාව සැලසීමට නොහැකි බවයි.
මෙහිදී නීතිඥ උපුල් ජයසුරිය මහතාගේ නිවස අසල සැකකටයුතු ලෙස ගැවසුණු පුද්ගලයින්ගේ දෙදෙනෙකුගේ ඡායාරූපය ද විවෘත අධිකරණයට ඉදිරිපත් කෙරුණා.
බලයෙන් පහ කෙරුණු අගවිනිසුරුවරිය සමඟ ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති උපුල් ජයසුරිය 
ඒ සම්බන්ධ කනස්සල්ල පළ කළ මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කළේ ඔවුන් කවුදැයි මීළග නඩු දිනයේදී ප්‍රකාශ කරන ලෙසයි.
උපුල් ජයසුරිය මහතාට ආරක්ෂාව සැපයීම සම්බන්ධයෙන් කරුණු දැක්වීමට බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාට ලබන සදුදා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි මහේස්ත්‍රාත්වරයා යළි නියෝග කළා.
අමෙරිකානු තනාපති සමඟ
එතෙක් සභාපතිවරයාගේ ආරක්ෂාව පෞද්ගලිකවම  කොළඹ මධ්‍යම භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පාලිත සිරිවර්ධන මහතා වගබලා ගත යුතු බව මහේස්ත්‍රාත්වරයා මෙහිදී නියෝග කළා.
නඩු විභාගයෙන් අනතුරුව පැමිණිල්ලේ නීතිඥයින් මාධ්‍ය වෙත අදහස්  පළ කළා.                               





- දැන් රටේ අපරාධයක් වුනොත් ලේකම්තුමා එනකං ඉන්න ඕනද. මේක පුදුම තත්ත්වයක්-  ජනාධිපති නීතිඥ  ශ්‍රීනාත් පෙරේරා , උපුල් ජයසුරිය මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ 

Related

ශ්‍රී ලංකා නීතීඥ සංගමය 6463721780200196703

Post a Comment Disqus Comments

Advertisement

Sandun Arosha on Twitter

- ඇසි දිසි -

- රූ සර -

10th RAIGAM TELE'ES – 2013


Labels

#100My3Days #27protesters #BondScam #hrc30 #hrc32 #jurnoTips #KoslandaLandslide #MY3 #POPEINSL #PresPollSL #SocialMediaBan #බැඳුම්කර_වංචාව Arjun Mahendran asylum seeker Bond scam C V VIGNESWARAN CBSL CBSL Governor facebook GOMA google street view india india pm Jayalalithaa Kandy unrest Logos Hope Mangala Samaraweera mangla samarweera News Room Management O Panneerselvam Perpetual Treasuries Pope Francis Ravinatha Aryasinha Sirisena Spot fine sri lanka Sri Lanka Earth slip Sri Lanka Navy Tamil Nadu Top Story UK UN UNHRC USA Vice Admiral Sirimevan Ranasinghe Vidya case verdict අගවිනිසුරු අග්‍රාමාත්‍ය අජි – නෝ – මොටෝ අතුරුදන් වූවන් පිළිබද කොමිසම අධිකරණය අධ්‍යපනය අනුර කුමාර දිසානායක අමීෂා රාජපක්ෂ අලුත්ගම ආරක්ෂක ආර්ථික ඇමරිකාව ඉඩම් ඉන්දියාව උපුල් ජයසුරිය ඌව පළාත් සභා මැතිවරණය එක්සත් ජාතික පක්ෂය එක්සත් ජාතීන් එල්.ටී.ටී.ඊ. ඒ.එච්.එම්. ෆවුසි ඒ.එල්.රත්නපාල ඕස්ට්‍රේලියාව කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ කමලේශ් ශර්මා ක්‍රීඩා ක්සත් ජාතීන් ගිහාන් පිලපිටිය.අධිකරණය ගෝඨාභය රාජපක්ෂ චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපතිවරණය - 2015 ජපානය ජයලලිතා ජයරාම් ජෝන් කෙරී ඥාණසාර ටයර් හන්දිය ඩී.ඒ. කරුණාදාස තමිල්නාඩු තවීෂ පීරිස් තාක්ෂණික දකුණු අප්‍රිකාව දෙමල දේශපාලන නයිජිරියාව නරේන්ද්‍ර මෝදි නවතම නවුසර් ෆවුසි නිමල් ගමගේ නිශාන්ත සිල්වා නීතීඥ නිමල් පුංචිහේවා පළාත් පාලන ආයතන පාලිත කොහොන පොදුරාජ්‍ය මණ්ඩලය පොලිසිය බොරිනි ප්‍රොනෝ බ්‍රිතානය මංගල සමරවීර මහින්ද රාජපක්ෂ මහේස්ත්‍රාත් රංග දිසානායක මානව හිමිකම් මානව හිමිකම් කොමිෂන් සභාව මෛත්‍රිපාල සිරිසේන මෛත්‍රීපාල සිරිසේන මොහාන් පීරිස් රනිල් වික්‍රමසිංහ රවීන්ද්‍ර විජේගුණරත්න රිය අනතුර.සී.සී.ටී.වී. දර්ශන ලෝකය විනෝදාත්මක වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය ශිරන්ති රාජපක්ෂ ශිරානි බණ්ඩාරනායක ශ්‍රී ලංකා නීතීඥ සංගමය ශ්‍රේෂ්ඨාධිකරණය ෂින්ෂෝ අබේ සරණාගතයින් සිරිලිය සවිය සිරිල් රම්පෝසා සී.වී. විග්නේෂ්වරන් සෙයිද් අල් හුසේන් සෞඛ්‍ය ස්ථානීය දඩ මුදල් ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හරීන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ

Hot in week

Recent

Comments

madura

Madura English-Sinhala Dictionary

Powered by www.maduraonline.com

Side Ads

Text Widget

Connect Us

item