harskada

සුදු කොඩි සිද්ධිය පිළිබදව නව හෙළිදරව්වක්...


එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් යටත්විය යුතු ආකාරය සදහන් කරමින් යුරෝපයේ රාජ්‍ය තාන්ත්‍රික අතරමැදියෙකුට යුද්ධයේ අවසන් සමයේදී තමන් කෙටි පණිවිඩයක් යොමු කළ බව, එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ආචාර්ය පාලිත කොහොන මහතා තිබෙනවා.
ඇසෝසියේටඩ් ප්‍රෙස් පුවත් සේවය මේ බව වාර්තා කළේ ආචාර්ය පාලිත කොහොන මහතා සමග සම්මුඛ සාකච්ඡාවකින් අනතුරුවයි. 



ඇසෝසියේටඩ් ප්‍රෙස් පුවත් සේවය මෙම සම්මුඛ සාකච්ඡාව පවත්වා ඇත්තේ එක්සත් ජාතීන්ගේ සංවිධානය ලබන මාසයේ ශ්‍රී ලංකාව පිළිබදව පැවැත්වීමට නියමිතව ඇති පරීක්ෂණයට අදාළවයි.
එහිදී එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ආචාර්ය පාලිත කොහොන මහතා එම පරීක්ෂණය අර්ථදක්වා ඇත්තේ ත්‍රස්තවාදය පරාජය කිරීම හේතුවෙන් තෙවන ලෝකයේ රටකට සමාවකින් තොරව ලබා දෙන දඩුවමක් ලෙසින්.

එම පරීක්ෂණය සම්පූර්ණයෙන්ම නිෂ්ඵල කාර්යයක් බව ද කොහොන මහතා පෙන්වා දී තිබෙනවා.

ඊට අමතරව මෙම සාකච්ඡාවේදී යුද්ධයේ අවසන් පැය 48 ට අදාළව සුදු කොඩි සිද්ධිය සම්බන්ධයෙන් ද, එවක විදේශ ලේකම්වරයා ලෙස කටයුතු කළ අචාර්ය පාලිත කොහොන මහතාගෙන් විමසා තිබෙනවා.
අදාළ සිද්ධියේදී ශ්‍රී ලංකාවට චෝදනා එල්ලවන්නේ සුදු කොඩි අතැතිව පැමිණි නඩේසන් හා පුලිදේවන් නැමති එල්.ටී.ටී.ඊ. නායකයින් ඇතුළු 12 දෙනෙකු ඝාතනය කළ බවටයි.

සුදු කොඩි නඩුව 
කෙසේ වෙතත් ඊට පිළිතුරු සපයමින් ආචාර්ය පාලිත කොහොන මහතා ප්‍රකාශ කර ඇත්තේ ත්‍රස්තවාදීන්ට යටත්විය යුතු ආකාරය පිළිබදව සදහන් කරමින් තමන් කෙටි පණිවිඩයක්  යුරෝපීය අතරමැදියෙකුට යොමු කළ බවයි.

එලෙස යටත්වීමේ ගනුදෙනුවක් තිබුණාද, ඔවුන්ව ඝාතනයට නියෝග ලබා දුන්නාද යන්න තමන් නොදන්නා බව කොහොන මහතා ප්‍රකාශ කර තිබෙනවා.

චෝදනා නැගීම ඉතා පහසු කටයුත්තක් වුවත් එහි විශ්වාසනීයභාවය පිළිබදව වෙනස් අයුරකින් සිතිය යුතු බව කොහොන මහතා ප්‍රකාශ කර ඇති බව ඇසෝසියේටඩ් ප්‍රෙස් වාර්තාවේ සදහන්.

මේ අතර අද යාපනයේදී දෙමල ජාතික සන්ධානය ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැදවමින් සදහන් කළේ විශේෂඥවරුන් තිදෙනෙකුගෙන් සමන්විත එක්සත් ජාතීන්ගේ විමර්ෂණ කණ්ඩායම මේ සියල්ල පිළිබද පරීක්ෂණ පවත්වනු ඇති බවයි.
යුද්ධයෙන් පසු ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාට පොරොන්දු වුණා යුද අපරාධ සිදුකළ අයට දඩුවම් දෙන බව. නමුත් මේ කිසිදු දෙයක් වෙලා නැහැ. ඉදිරියේදීත් මේ පොරොන්දු ඉටු නොවන තත්ත්වයකුයි තියෙන්නේ. ඒක නිසා අපි මුල ඉදන්ම කිව්වේ ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍යයි කියලා. දැන් ඒක සිද්ධවෙනවා.අපේ පූර්ණ සහයෝගය ඊට හිමිවනවා. නමුත් මීට සාක්ෂි දෙන්න සූදානම්වෙලා ඉන්න අයට රජය තර්ජන එල්ල කරනවා. කැබිනට් ප්‍රකාශකවරයාට අනුව ඔවුන්ට දඩුවම් දෙන්නේ ත්‍රස්ත මර්දන පනත අනුව. නමුත් මේ සාක්ෂි දීම ඊට අදාළ නැහැ. මේ ජාත්‍යන්තර පරීක්ෂණයට ජනතාව සාක්ෂි දෙන්නේ තමන්ගේ සාධාරණත්වය සහ ආරක්ෂාව සලසා ගන්න. ඒක අයිතියක්. ඒක වැලැක්වුවහොත් රජය ජාත්‍යන්තරයේදී අධික පීඩනයට ලක්වේවි.

 සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් - පා.ම. - දෙමළ ජාතික සන්ධානය 


________________________________________________________________________________
පුවත්වල අන්තර්ගතය සහ මුලාශ්‍රය වෙනස් කිරිමකින් තොරව භාවිතා කිරිමට අවසර ඇත.
© 2014 සඳුන් අරෝෂ ප්‍රනාන්දු - සියලු හිමිකම් ඇවරිණි
යෝජනා සහ අදහස් : අන්තර්ජාල කතෘ

Related

මානව හිමිකම් පරීක්ෂණවලට ආණ්ඩුවේ බාධා කිරීම් හෙළා දකිනවා – එ.ජා. මානව හිමිකම් මහකොමසාරිස්

ශ්‍රී ලංකාවට එල්ල වන මානව හිමිකම් චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරන කමිටුවට ශ්‍රි ලංකාවට පැමිණීමට අවසර ලබාදෙන  ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබද මහ කොමසාරිස් සෙයිද් අල් හ...

පොලීසිය සම්බන්ධ ජනතා විශ්වාසය බිද වැටිලා - මානව හිමිකම් කොමිසම

"පොලීසිය සම්බන්ධ ජනතා විශ්වාසය  බිද වැටිලා " පොලීසිය සම්බන්ධයෙන් ජනතා විශ්වාසය බිදවැටී ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පවසනවා. එහි නීති අංශයේ අතිරේක ලේකම් නීතීඥ නිමල් පුංචිහ...

Post a Comment Disqus Comments

Advertisement

Sandun Arosha on Twitter

- ඇසි දිසි -

- රූ සර -

10th RAIGAM TELE'ES – 2013


Labels

#100My3Days #27protesters #BondScam #hrc30 #hrc32 #jurnoTips #KoslandaLandslide #MY3 #POPEINSL #PresPollSL #SocialMediaBan #බැඳුම්කර_වංචාව Arjun Mahendran asylum seeker Bond scam C V VIGNESWARAN CBSL CBSL Governor facebook GOMA google street view india india pm Jayalalithaa Kandy unrest Logos Hope Mangala Samaraweera mangla samarweera News Room Management O Panneerselvam Perpetual Treasuries Pope Francis Ravinatha Aryasinha Sirisena Spot fine sri lanka Sri Lanka Earth slip Sri Lanka Navy Tamil Nadu Top Story UK UN UNHRC USA Vice Admiral Sirimevan Ranasinghe Vidya case verdict අගවිනිසුරු අග්‍රාමාත්‍ය අජි – නෝ – මොටෝ අතුරුදන් වූවන් පිළිබද කොමිසම අධිකරණය අධ්‍යපනය අනුර කුමාර දිසානායක අමීෂා රාජපක්ෂ අලුත්ගම ආරක්ෂක ආර්ථික ඇමරිකාව ඉඩම් ඉන්දියාව උපුල් ජයසුරිය ඌව පළාත් සභා මැතිවරණය එක්සත් ජාතික පක්ෂය එක්සත් ජාතීන් එල්.ටී.ටී.ඊ. ඒ.එච්.එම්. ෆවුසි ඒ.එල්.රත්නපාල ඕස්ට්‍රේලියාව කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ කමලේශ් ශර්මා ක්‍රීඩා ක්සත් ජාතීන් ගිහාන් පිලපිටිය.අධිකරණය ගෝඨාභය රාජපක්ෂ චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපතිවරණය - 2015 ජපානය ජයලලිතා ජයරාම් ජෝන් කෙරී ඥාණසාර ටයර් හන්දිය ඩී.ඒ. කරුණාදාස තමිල්නාඩු තවීෂ පීරිස් තාක්ෂණික දකුණු අප්‍රිකාව දෙමල දේශපාලන නයිජිරියාව නරේන්ද්‍ර මෝදි නවතම නවුසර් ෆවුසි නිමල් ගමගේ නිශාන්ත සිල්වා නීතීඥ නිමල් පුංචිහේවා පළාත් පාලන ආයතන පාලිත කොහොන පොදුරාජ්‍ය මණ්ඩලය පොලිසිය බොරිනි ප්‍රොනෝ බ්‍රිතානය මංගල සමරවීර මහින්ද රාජපක්ෂ මහේස්ත්‍රාත් රංග දිසානායක මානව හිමිකම් මානව හිමිකම් කොමිෂන් සභාව මෛත්‍රිපාල සිරිසේන මෛත්‍රීපාල සිරිසේන මොහාන් පීරිස් රනිල් වික්‍රමසිංහ රවීන්ද්‍ර විජේගුණරත්න රිය අනතුර.සී.සී.ටී.වී. දර්ශන ලෝකය විනෝදාත්මක වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය ශිරන්ති රාජපක්ෂ ශිරානි බණ්ඩාරනායක ශ්‍රී ලංකා නීතීඥ සංගමය ශ්‍රේෂ්ඨාධිකරණය ෂින්ෂෝ අබේ සරණාගතයින් සිරිලිය සවිය සිරිල් රම්පෝසා සී.වී. විග්නේෂ්වරන් සෙයිද් අල් හුසේන් සෞඛ්‍ය ස්ථානීය දඩ මුදල් ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හරීන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ

Hot in weekRecentComments

Hot in week

Recent

Comments

madura

Madura English-Sinhala Dictionary

Powered by www.maduraonline.com

Side Ads

Text Widget

Connect Us

item