වෙනත් රටකදී හෝ සාක්ෂි ලබාගෙන ශ්‍රි ලංකාව පිළිබද පරීක්ෂණ කරනවා. - පරීක්ෂණ කමිටුව.
මානව හිමිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට පැමිණ පරික්ෂණ පැවැත්විමට ඉඩ නොදෙන්නේ නම් වෙනත් රටකදී හෝ 'සාක්ෂි' ලබා ගෙන අදාළ පරික්ෂණය සිදු කරන බව ඒ සම්බන්ධයෙන් පත්කෙරුණු කමිටුව පවසනවා .
බී.බී.සි සිංහල සේවය සමඟ සාකච්ඡාවට එක් වෙමින් එක්සත් ජාතීන්ගේ පරීක්ෂණ කමිටුවේ සාමාජිකා නිතිඥ අස්මා ජෙහන්ගිර් මහත්මිය මේ බව සඳහන් කළා.
ඇය පෙන්වා දෙන්නේ ජනතාව තොරතුරු ලබාදීම ආණ්ඩුව විසින් වැලැක්වනු ලැබුවහොත් ඒ හරහා ආණ්ඩුවේ තත්ත්වය තවත් උග්‍ර වනු ඇති බවයි.
ශ්‍රී ලංකාවට
එල්ල වන මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා
එක්සත් ජාතීන් විසින් බාහිර විශේෂඥවරුන් තිදෙනෙකු ද ඇතුළත් කමිටුව මේ වනවිට පත් කර අවසන්.
එහි එක් සාමාජිකයෙක්
වන පාකිස්තාන් ජාතික නීතිවේදිනි, අස්මා
ජෙහන්ගිර් මහත්මිය බී.බී.සි සිංහල සේවය සමඟ
සාකච්ඡාවට එක් වෙමින් ප්‍රකාශ කළේ චෝදනා එල්ල වන සියලු පාර්ශවයක් සම්බන්ධයෙන්
සාධාරණව හා අපක්ෂපාතීව පරීක්ෂණය සිදු කරන බවයි.
කෙසේ වෙතත් එම
පරික්ෂණය පැවැත්වීම සදහා මෙරටට පැමිණීමට ඉඩ නොදෙන බව රජය මේ වන විටත් ප්‍රකාශ කර
තිබෙනවා.
ඒ සම්බන්ධයෙන්
නිතිඥ අස්මා ජෙහන්ගිර් ප්‍රකාශ කලේ මෙවැන්නක් .
පිළිතුර:
රටක ආණ්ඩුවේ
සහයෝගයකින් තොරව සිදු වූ අන්තර්ජාතික පරීක්ෂණ මීට පෙරත් ක්‍රියාත්මක වෙලා තියනවා.
සහයෝගය නැති වුණා කියලා ඒ පරීක්ෂණ නැවැත්තුවේ නැහැ. ජනතාව මේ සම්බන්ධයෙන් කතා
කිරීම නවත්තන්න ඕනෑම ආණ්ඩුවකට ඉතාමත් අපහසු වෙයි කියලා මම හිතනවා. ඔවුන් තොරතුරු සැපයීම
ආණ්ඩුව විසින් වළක්වන්න හැදුවොත් ඒ හරහා ආණ්ඩුවේ තත්වය තවත් උග්‍ර වීම පමණයි සිද්ධ
වෙන්නේ.
ප්‍රශ්නය: ඔබ
කුමන ආකාරයේ පුද්ගලයන්ටද කතා කරන්නේ තොරතුරු ලබා ගන්න ?
පිළිතුර: අපි
නිශ්චිතවම කතා කරන්නේ අපරාධයට ගොදුරු වූ තැනැත්තාට. ඒක අනිවාර්යයි. ඒ වගේම තමයි මේ
අපරාධ සිදු වුණු කාලයේ තීරණ ගැනීමේ බලය තිබුණ පුද්ගලයන්ට කතා කරන්න අවශ්‍යයි . අපි සටන්
කරුවන්ට කතා කරනවා. අපි ලංකාවට ගියොත් පොලිසියට කතා කරනවා.එහෙම නොවුනොත් රජයේ නොවන
ආයතන, මාධ්‍ය හා
සිවිල් සංවිධාන වගේ වෙනත් පාර්ශව වලින් තොරතුරු ලබා ගන්න වෙනවා.
ප්‍රශ්නය:
තොරතුරු ලබා දෙන්න කැමති පුද්ගලයන්ව රටෙන් පිටතට ගෙන්වාගෙන ඒවා ලබා ගන්න ඔබ උත්සහ
කරනවාද?
පිළිතුර: එහෙම
කරපු අවස්ථා තියනවා. අසල්වැසි රටකට හෝ ජිනීවාවලට හරි ඒ පුද්ගලයෝ පැමිණිලා තියනවා.
අපිට එවැනි ඉල්ලීම් ගණනාවක් ලැබෙයි. ප්‍රථමයෙන් ඒ සාක්ෂිවල තියන සත්‍ය අසත්‍යතාවය
තහවුරු කර ගැනීම අවශ්‍යයි. සාක්ෂිකරුවාගේ විශ්වසනීයත්වය පිළිබඳ සොයා බැලීමෙන්
පස්සේ හැකි ඉක්මනින් අපි ඒ සාක්ෂිකරුවන් මුණගැසීමට කටයුතු යොදනවා.
එක්සත්
ජාතීන්ගේ පරීක්ෂණ කමිටුවේ සාමාජිකා නිතිඥ
අස්මා ජෙහන්ගිර් මහත්මිය බී.බී.සි සිංහල සේවය සමඟ සාකච්ඡාවට අවසන් කළේ මේ
ආකාරයෙන්.
පිළිතුර: මේ
පරීක්ෂණ කමිටුවේ බාහිර විශේෂඥයින් කිසිවෙක් ශ්‍රී ලංකා ආණ්ඩුවට විරුද්ධ පිරිස්වලට
පක්ෂයි කියලා මම හිතන්නේ නැහැ. අපි ඉතා විවෘත මනසකින් මේ දෙස බලන්නේ. රටේ
පුරවැසියන් ආරක්ෂා කර ගැනීමට ආණ්ඩුවකට තියන වගකීම පිළිබඳ අපිට තේරුම් ගන්න
පුළුවන්. නමුත් ඒ වගේම තමයි ආණ්ඩුවකට අවශ්‍යයි අන්තර්ජාතික මානව හිමිකම් නීතියට
අනුව කටයුතු කරන්නත්. මම මේ පරීක්ෂණ ගැන කිසිම අකාරයේ පූර්ව නිගමනයකට ඇවිත් නෙමෙයි
කටයුතු කරන්නේ.
සම්පුර්ණ සාකච්ඡාව
BBC Sandeshiya interview:
රටක ආණ්ඩුවේ සහයෝගයකින් තොරව සිදු වූ අන්තර්ජාතික පරීක්ෂණ මීට පෙරත් ක්‍රියාත්මක වෙලා තියනවා. සහයෝගය නැති වුණා කියලා ඒ පරීක්ෂණ නැවැත්තුවේ නැහැ. ජනතාව මේ සම්බන්ධයෙන් කතා කිරීම නවත්තන්න ඕනෑම ආණ්ඩුවකට ඉතාමත් අපහසු වෙයි කියලා මම හිතනවා. ඔවුන් තොරතුරු සැපයීම ආණ්ඩුව විසින් වළක්වන්න හැදුවොත් ඒ හරහා ආණ්ඩුවේ තත්වය තවත් උග්‍ර වීම පමණයි සිද්ධ වෙන්නේ.