harskada

මානව හිමිකම් පරීක්ෂණවලට ආණ්ඩුවේ බාධා කිරීම් හෙළා දකිනවා – එ.ජා. මානව හිමිකම් මහකොමසාරිස්

ශ්‍රී ලංකාවට එල්ල වන මානව හිමිකම් චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරන කමිටුවට ශ්‍රි ලංකාවට පැමිණීමට අවසර ලබාදෙන  ලෙස එක්සත් ජාතීන්ගේ ...


ශ්‍රී ලංකාවට එල්ල වන මානව හිමිකම් චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරන කමිටුවට ශ්‍රි ලංකාවට පැමිණීමට අවසර ලබාදෙන  ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබද මහ කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු ඉල්ලීමක් කර තිබෙනවා.
ධුරයට පත්වීමෙන් පසුව ශ්‍රී ලංකාව පිළිබදව ප්‍රථම ලිඛිත ප්‍රකාශය නිකුත් කරමින් මානව හිමිකම් පිළිබද මහ කොමසාරිස්වරයා මේ බව ප්‍රකාශ කළා.



එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබද මහ කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු සිය නිවේදනය මගින් ශ්‍රි ලංකා රජයෙන් ඉල්ලා සිටින්නේ පරීක්ෂන කමිටුවට මෙරටට පැමිණ රජයේ නිලධාරීන්ගෙන් සාක්ෂි සටහන් කර ගැනීමට ඉඩ ලබාදෙන ලෙසයි.
පරීක්ෂණයට අදාළ රජයේ ලිපි ලේඛණ පරිශීලනයට  ඉඩ ලබාදෙන ලෙස මහ කොමසාරිස්වරයා ඉල්ලා සිටිනවා.
ශ්‍රි ලංකාවේ මානව හිමිකම් චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන මෙම පරීක්ෂණයට සහය දෙන්නන්ට ශ්‍රි ලංකාව බාධා කරන බවද ප්‍රකාශයේ සදහන්.
මහ කොමසාරිස්වරයා නිකුත් කළ ප්‍රකාශයේ දැක්වෙන්නේ සාක්ෂි ලබා ගැනීම සදහා මුදල් ලබාදෙන බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි.
මෙම ප්‍රකාශයට පිළිතුරුලිපියක්  ජිනිවාහි ශ්‍රි ලංකා නිත්‍ය නියෝජිත රවිනාත ආරියසිංහ මහතා යොමු කර තිබෙනවා.
එහි දැක්වෙන්නේ මුල්‍යමය පහසුකම් ලබාදෙන බව පවසමින් උතුරේ වැසියන්ගෙන් හිස් කොළවලට අත්සන් ලබා ගැනීමට පුද්ගලයින් යොදවා ඇති බවට සාක්ෂි පවතින බවයි.
අනතුරුව මෙම හිස් කොළ තුළ  වැරදි තොරතුරු ඇතුළත් කර පරීක්ෂණ කමිටුවට ඉදිරිපත් කරන බව  සිය ලිපිය මගින්  රවිනාත ආරියසිංහ මහතා පෙන්වා දෙනවා.
මෙවැනි හේතූන් මත එක්සත් ජාතීන්ගේ පරීක්ෂණය තවදුරටත් ප්‍රතික්ෂේප කරන බව ජිනිවාහිදී ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත රවිනාත ආරියසිංහ මහතා යොමු කළ ලිපියේ සදහන්.
පසුගිය  මාර්තු මස ජිනිවා මානව හිමිකම් කවුන්සිලයේ සම්මත වූ යෝජනාවක් මත ශ්‍රි ලංකාවේ මානව හිමිකම් පිළිබද විමර්ශනය මේ වනවිට සිදු කෙරෙන්නේ බාහිර විශේෂඥයන් තිදෙනෙකුගේ ප්‍රධානත්වයෙන්.
එම පරීක්ෂණ කමිටුවේ අනිකුත් සාමාජිකයන්ගේ නම් මෙතෙක් ප්‍රසිද්ධ කර නොමැති අතර, කමිටු වාර්තාව ලබන මාර්තුවේදී ජිනිවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

    ________________________________________________________________________________
    පුවත්වල අන්තර්ගතය සහ මුලාශ්‍රය වෙනස් කිරිමකින් තොරව භාවිතා කිරිමට අවසර ඇත.
    © 2014 සඳුන් අරෝෂ ප්‍රනාන්දු - සියලු හිමිකම් ඇවරිණි
    යෝජනා සහ අදහස් : අන්තර්ජාල කතෘ

    Related

    සෙයිද් අල් හුසේන් 2865281086493656818

    Post a Comment Disqus Comments

    Advertisement

    Sandun Arosha on Twitter

    - ඇසි දිසි -

    - රූ සර -

    10th RAIGAM TELE'ES – 2013


    Labels

    #100My3Days #27protesters #BondScam #hrc30 #hrc32 #jurnoTips #KoslandaLandslide #MY3 #POPEINSL #PresPollSL #SocialMediaBan #බැඳුම්කර_වංචාව Arjun Mahendran asylum seeker Bond scam C V VIGNESWARAN CBSL CBSL Governor facebook GOMA google street view india india pm Jayalalithaa Kandy unrest Logos Hope Mangala Samaraweera mangla samarweera News Room Management O Panneerselvam Perpetual Treasuries Pope Francis Ravinatha Aryasinha Sirisena Spot fine sri lanka Sri Lanka Earth slip Sri Lanka Navy Tamil Nadu Top Story UK UN UNHRC USA Vice Admiral Sirimevan Ranasinghe Vidya case verdict අගවිනිසුරු අග්‍රාමාත්‍ය අජි – නෝ – මොටෝ අතුරුදන් වූවන් පිළිබද කොමිසම අධිකරණය අධ්‍යපනය අනුර කුමාර දිසානායක අමීෂා රාජපක්ෂ අලුත්ගම ආරක්ෂක ආර්ථික ඇමරිකාව ඉඩම් ඉන්දියාව උපුල් ජයසුරිය ඌව පළාත් සභා මැතිවරණය එක්සත් ජාතික පක්ෂය එක්සත් ජාතීන් එල්.ටී.ටී.ඊ. ඒ.එච්.එම්. ෆවුසි ඒ.එල්.රත්නපාල ඕස්ට්‍රේලියාව කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ කමලේශ් ශර්මා ක්‍රීඩා ක්සත් ජාතීන් ගිහාන් පිලපිටිය.අධිකරණය ගෝඨාභය රාජපක්ෂ චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපතිවරණය - 2015 ජපානය ජයලලිතා ජයරාම් ජෝන් කෙරී ඥාණසාර ටයර් හන්දිය ඩී.ඒ. කරුණාදාස තමිල්නාඩු තවීෂ පීරිස් තාක්ෂණික දකුණු අප්‍රිකාව දෙමල දේශපාලන නයිජිරියාව නරේන්ද්‍ර මෝදි නවතම නවුසර් ෆවුසි නිමල් ගමගේ නිශාන්ත සිල්වා නීතීඥ නිමල් පුංචිහේවා පළාත් පාලන ආයතන පාලිත කොහොන පොදුරාජ්‍ය මණ්ඩලය පොලිසිය බොරිනි ප්‍රොනෝ බ්‍රිතානය මංගල සමරවීර මහින්ද රාජපක්ෂ මහේස්ත්‍රාත් රංග දිසානායක මානව හිමිකම් මානව හිමිකම් කොමිෂන් සභාව මෛත්‍රිපාල සිරිසේන මෛත්‍රීපාල සිරිසේන මොහාන් පීරිස් රනිල් වික්‍රමසිංහ රවීන්ද්‍ර විජේගුණරත්න රිය අනතුර.සී.සී.ටී.වී. දර්ශන ලෝකය විනෝදාත්මක වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය ශිරන්ති රාජපක්ෂ ශිරානි බණ්ඩාරනායක ශ්‍රී ලංකා නීතීඥ සංගමය ශ්‍රේෂ්ඨාධිකරණය ෂින්ෂෝ අබේ සරණාගතයින් සිරිලිය සවිය සිරිල් රම්පෝසා සී.වී. විග්නේෂ්වරන් සෙයිද් අල් හුසේන් සෞඛ්‍ය ස්ථානීය දඩ මුදල් ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හරීන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ

    Hot in week

    Recent

    Comments

    madura

    Madura English-Sinhala Dictionary

    Powered by www.maduraonline.com

    Side Ads

    Text Widget

    Connect Us

    item