ඕස්ට්‍රේලියානු මුහුදේදී අතරමං වූ ශ්‍රී ලාංකිකයින් 153 දෙනාට සිදුවූයේ කුමක්ද?
ඕස්ට්‍රේලියානු මුහුදේදී ශ්‍රී ලාංකිකයින් 153 දෙනෙකු රැගත් බෝට්ටුවක් අතරමං වූ බවට වාර්තා පළ වී අදට සතියක් ඉක්ම යනවා. එම සරණාගතයන්ට ...
![]() |
ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර නිදහස් වෙළෙඳ ගිවිසුමක් සඳහාවන මූලික සාකච්ඡා දෙරටේ අග්‍රාමාත්‍යවරුන් අතර අද ආරම්භ වුණා. ඒ, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ තෙදින සිංගප්පූරු නිල සංචාරය...
ඕස්ට්‍රේලියානු මුහුදේදී ශ්‍රී ලාංකිකයින් 153 දෙනෙකු රැගත් බෝට්ටුවක් අතරමං වූ බවට වාර්තා පළ වී අදට සතියක් ඉක්ම යනවා. එම සරණාගතයන්ට ...
![]() |
- අපි සරණාගතයින්. අපි ශ්‍රී ලංකාවෙන් ඇවිත් ඉන්දියාව් සිටියේ. දැන් අධික වර්ෂාපතනයක් තියෙනවා. අපිට උදව් කරන්න කවුරුත් නෑ. මුහුදත් රළුයි. මේක ළමයිනුත් ඉන්නවා. අපිට දකින්න පුළුවන් සමහර නැව්වල සංඥාවන්. නමුත් ඒවා ධීවර යාත්‍රා ද නාවික හමුදා යාත්‍රාද යන්න අපි දන්නේ නැහැ. - අතරමං වූ බෝට්ටුවේ සිටින පුද්ගලයෙක්.(2014.06.28 ) - මුලාශ්‍රය - ඒ.බී.සී. ප්‍රවෘත්ති -
ඒ බෝට්ටුව අතරමග නතර කරලා දුරකතන අරගෙන කියලා අපි සැක කරනවා. නමුත් තවමත් අපිට ඒක තහවුරු වෙලා නෑ. නමුත් අද අපිට තහවුරු කරන්න පුළුවන් දෙමළ භාෂා පරිවර්තකයින් කිහිප දෙනෙක් ගුවන් මාර්ගයෙන් නැවකට ගෙනිහිල්ලා තියෙනවා. බෝට්ටුවේ ඉන්න අයගෙන් ඔවුන් තොරතුරු විමසනවා. ප්‍රශ්න 4 යි ඔවුන් අහන්නේ. බොහෝ විට ඔවුන්ගේ ප්‍රශ්න කිරීම් ඉවරවෙලා ශ්‍රි ලංකා නාවික හමුදාවට භාරදේවී. -පැමෙලා කර් - ඕස්ට්‍රේලියාවේ දේශපාලන රැකවරණ පතන්නන් වෙනුවෙන් වූ මධ්‍යස්ථානය. (2014.04.02 )
කොහොමද එහෙම කරන්නේ? කොහොමද ඔවුන් යවන්නේ? පවුල් පිටින් දරුවන් එක්ක. නැවතත් ඔවුන්ව හිංසනයකට ලක්වූ තැනටම. රහසිගත ආකාරයෙන්. - ක්‍රිස්ටීන් මිල්නේ - නායක ,ඔස්ට්‍රේලියානු හරිත පක්ෂය
මට තේරෙන්නේ නෑ. ඇයි මේකට විශේෂ කැමැත්තක් දක්වන්නේ කියලා. නමුත් මගේ දැක්මට අනුව මහජනතාවගේ කැමැත්ත වෙන එකක්. ඒක තමයි ජාතික කැමැත්ත. - ස්කොට් මොරිසන් - ඔස්ට්‍රේලියානු සංක්‍රමණික කටයුතු පිළිබද අමාත්‍ය
මේ රජය ක්‍රමෝපායික ලෙස සිදු කරන්නේ දේශ සීමා ආරක්ෂා කිරීමත්, බෝට්ටු පැමිණීමක් වැළැක්වීමත් සහතික කිරීමත්.- ටෝනි ඇබට් - ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය