harskada

ශ්‍රී ලංකාව යුද්ධයට අදාල ගැටලුවලට පිළිතුරු දීමට අසමත් වෙලා - බ්‍රිතාන්‍යය


යුද්ධයට සම්බන්ධ ගැටලුවලට පිළිතුරු ලබා දීමේදී අපේක්ෂාකළ මට්ටමට පැමිණීමට ශ්‍රී ලංකාව අසමත් වී ඇති බව බ්‍රිතාන්‍ය පවසනවා.
බ්‍රිතාන්‍ය සදහන් කළේ ඒ හේතුවෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක අවශ්‍යතාව මතු වූ බවයි. 

එරට පාර්ලිමේන්තුවේ පැවති ශ්‍රි ලංකාව සම්බන්ධ විවාදයකට එක් වෙමින් මේ බව සදහන් කළේ  විදේශ හා පොදු රාජ්‍ය මණ්ඩලීය කටයුතු පිළිබද කාර්යාලයේ රාජ්‍ය අමාත්‍ය බරනේස් වාසි මහත්මියයි. 



බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ හවුස් ඔෆ් ලෝඩ්ස් හෙවත් ඉහල මන්ත්‍රී මණ්ඩලයේ ශ්‍රී ලංකාව සම්බන්ධ පැවති මෙම විවාදයට මන්ත්‍රීවරුන් රැසකගෙන් ප්‍රශ්න යොමු වුණා.
ඊට බ්‍රිතාන්‍ය රජය වෙනුවෙන් පිළිතුරු ලබා දුන්නේ කළේ විදේශ හා පොදු රාජ්‍ය මණ්ඩලීය කටයුතු පිළිබද කාර්යාලයේ රාජ්‍ය අමාත්‍ය බරනේස් වාසි මහත්මියයි.

sound up - dub   බරනේස් වාසි - රාජ්‍ය අමාත්‍ය
                               බ්‍රිතාන්‍යය විදේශ හා පොදු රාජ්‍ය මණ්ඩලීය කටයුතු පිළිබද කාර්යාලය

-         අපි නිරන්තරයෙන් ශ්‍රීලංකා රජයෙන් ඉල්ලා සිටියා දෙපාර්ශවය අතර සංහිඳියාව හා දේශපාලන විසඳුමක් ඇති කිරිම ඉදිරියට ගෙන යන්න කියලා. ඒ කර්තව්‍යයේ දී උතුරු පළාත් සභා මැතිවරණය පැවැත්විම අපි සටහන් කළ යුතුයි. නමුත් ශ්‍රීලංකා රජය සියලු පළාත් සභා වලට ඔවුන්ගේ කාර්යයන් ඵලදායීව ඉටු කරන්න අවස්ථාව සැලසිය යුතුයි.ඒසේම අපි ශ්‍රීලංකා රජය ධෛර්යමත් කර සිටිනවා සංහිඳියාවට උපකාරයක් වන එක්සත් ජාතීන්ගේ පරික්ෂණය සමඟ එක්වී කටයුතු කරන ලෙස.

ප්‍රශ්නය -       නමුත් ශ්‍රීලංකා රජය කියා තිබෙනවා  එක්සත් ජාතීන්ගේ පරික්ෂණයට ප්‍රතිකේෂ්ප කරන බව
                  විලියම් බැච් - පා.ම. , කම්කරු පක්ෂය
                 

ශ්‍රීලංකා රජය එවැනි සමහර ප්‍රකාශ කර තිබෙනවා අපිත් දුටුවා.නමුත්  එක්සත් ජාතීන්ගේ පරික්ෂණ කණ්ඩායම ශක්තිමත්.එම කණ්ඩායමේ ප්‍රබල චරිත කිහිපයක්ම සිටිනවා. ශ්‍රීලංකා රජය  පරික්ෂණයට සහය නොදැක්වූවත් කණ්ඩායම හොඳ හා ශක්තිමත් ජාතයන්තර පරික්ෂණයක්  සිදු කරාවි  යන්න අපේ බලාපොරොත්තුවයි. බරනේස් වාසි - රාජ්‍ය අමාත්‍යබ්‍රිතාන්‍යය විදේශ හා පොදු රාජ්‍ය මණ්ඩලීය කටයුතු පිළිබද කාර්යාලය



ප්‍රශ්නය -   අලුත්ගම ඇතිවු තත්ත්වයේ  සැකකරුවන් අත්අඩංගුවට ගැනීම ඇතුළු වත්මන් ප්‍රගතිය                            කෙසේද?
               බරනේස් බ්‍රින්ටන් - පා.ම. , ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය.

                             
අලුත්ගම සහ බේරුවල ඇති වූ ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් අපි දැඩිව කනස්සලුවෙනවා. එතන තුවාල හා මරණ විතරක් නෙමෙයි සිද්ධ වුණේ. විශාල වෙනත් හානිද සිදු වුණා. ඇත්ත වශයෙන්ම මේ ප්‍රහාර සම්බන්ධයෙන් හා  ඊට වගකිව යුත්තන් සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරන බවට ශ්‍රී ලංකා රජයේ සහතිකය අපි පිළිගන්නවා. වත්මන් තත්ත්වය පිළිබදව නිවැරදිව මා දැනුවත් නැහැ. නමුත් එහි යම් යාවත්කාලීන වීමක් තිබේ නම් මා අනිවාර්යයෙන්ම මන්ත්‍රිවරිය වෙත ලිඛිතව දන්වනවා. 
-  බරනේස් වාසි - රාජ්‍ය අමාත්‍යබ්‍රිතාන්‍යය විදේශ හා පොදු රාජ්‍ය මණ්ඩලීය කටයුතු පිළිබද කාර්යාලය

ශ්‍රී ලංකාව සාමකාමී 

මේ අතර ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ටෝනි ඇබට් මහතා ප්‍රකාශ කළේ  ශ‍්‍රී ලංකාව සාමකාමී රටක් වන අතර මානව හිමිකම් අතින් ප‍්‍රගතියක් අත්කරගනිමින් සිටින බවයි
එරටට පැමිණෙන සංක්‍රමණිකයන් සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඕස්ටේ‍්‍රලියානු අග‍්‍රාමාත්‍යවරයා පැවසුවේ  ශ‍්‍රී ලංකාව ජීවත්වීමට සුදුසුම රට නොවිය හැකි නමුදු  ඕස්ටේ‍්‍රලියාවද එවැනි රටක් නොවන බවයි.

________________________________________________________________________________
පුවත්වල අන්තර්ගතය සහ මුලාශ්‍රය වෙනස් කිරිමකින් තොරව භාවිතා කිරිමට අවසර ඇත.
© 2014 සඳුන් අරෝෂ ප්‍රනාන්දු - සියලු හිමිකම් ඇවරිණි
යෝජනා සහ අදහස් : අන්තර්ජාල කතෘ

Related

නවතම 420240054127138868

Post a Comment Disqus Comments

Advertisement

Sandun Arosha on Twitter

- ඇසි දිසි -

- රූ සර -

10th RAIGAM TELE'ES – 2013


Labels

#100My3Days #27protesters #BondScam #hrc30 #hrc32 #jurnoTips #KoslandaLandslide #MY3 #POPEINSL #PresPollSL #SocialMediaBan #බැඳුම්කර_වංචාව Arjun Mahendran asylum seeker Bond scam C V VIGNESWARAN CBSL CBSL Governor facebook GOMA google street view india india pm Jayalalithaa Kandy unrest Logos Hope Mangala Samaraweera mangla samarweera News Room Management O Panneerselvam Perpetual Treasuries Pope Francis Ravinatha Aryasinha Sirisena Spot fine sri lanka Sri Lanka Earth slip Sri Lanka Navy Tamil Nadu Top Story UK UN UNHRC USA Vice Admiral Sirimevan Ranasinghe Vidya case verdict අගවිනිසුරු අග්‍රාමාත්‍ය අජි – නෝ – මොටෝ අතුරුදන් වූවන් පිළිබද කොමිසම අධිකරණය අධ්‍යපනය අනුර කුමාර දිසානායක අමීෂා රාජපක්ෂ අලුත්ගම ආරක්ෂක ආර්ථික ඇමරිකාව ඉඩම් ඉන්දියාව උපුල් ජයසුරිය ඌව පළාත් සභා මැතිවරණය එක්සත් ජාතික පක්ෂය එක්සත් ජාතීන් එල්.ටී.ටී.ඊ. ඒ.එච්.එම්. ෆවුසි ඒ.එල්.රත්නපාල ඕස්ට්‍රේලියාව කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ කමලේශ් ශර්මා ක්‍රීඩා ක්සත් ජාතීන් ගිහාන් පිලපිටිය.අධිකරණය ගෝඨාභය රාජපක්ෂ චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපතිවරණය - 2015 ජපානය ජයලලිතා ජයරාම් ජෝන් කෙරී ඥාණසාර ටයර් හන්දිය ඩී.ඒ. කරුණාදාස තමිල්නාඩු තවීෂ පීරිස් තාක්ෂණික දකුණු අප්‍රිකාව දෙමල දේශපාලන නයිජිරියාව නරේන්ද්‍ර මෝදි නවතම නවුසර් ෆවුසි නිමල් ගමගේ නිශාන්ත සිල්වා නීතීඥ නිමල් පුංචිහේවා පළාත් පාලන ආයතන පාලිත කොහොන පොදුරාජ්‍ය මණ්ඩලය පොලිසිය බොරිනි ප්‍රොනෝ බ්‍රිතානය මංගල සමරවීර මහින්ද රාජපක්ෂ මහේස්ත්‍රාත් රංග දිසානායක මානව හිමිකම් මානව හිමිකම් කොමිෂන් සභාව මෛත්‍රිපාල සිරිසේන මෛත්‍රීපාල සිරිසේන මොහාන් පීරිස් රනිල් වික්‍රමසිංහ රවීන්ද්‍ර විජේගුණරත්න රිය අනතුර.සී.සී.ටී.වී. දර්ශන ලෝකය විනෝදාත්මක වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය ශිරන්ති රාජපක්ෂ ශිරානි බණ්ඩාරනායක ශ්‍රී ලංකා නීතීඥ සංගමය ශ්‍රේෂ්ඨාධිකරණය ෂින්ෂෝ අබේ සරණාගතයින් සිරිලිය සවිය සිරිල් රම්පෝසා සී.වී. විග්නේෂ්වරන් සෙයිද් අල් හුසේන් සෞඛ්‍ය ස්ථානීය දඩ මුදල් ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හරීන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ

Hot in week

Recent

Comments

madura

Madura English-Sinhala Dictionary

Powered by www.maduraonline.com

Side Ads

Text Widget

Connect Us

item