harskada

පොදු විපක්ෂය අවබෝධතා ගිවිසුමකට...

දින 100 ක් ඇතුළත විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ඇතුළු සාධාරණ සමාජයක් ගොඩනැංවීම සදහා වූ යෝජනා ඇතුළත් අවබෝධතා ගිවිසුමකට අද පොදු විපක්ෂය...

දින 100 ක් ඇතුළත විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ඇතුළු සාධාරණ සමාජයක් ගොඩනැංවීම සදහා වූ යෝජනා ඇතුළත් අවබෝධතා ගිවිසුමකට අද පොදු විපක්ෂය අත්සන් තැබුවා.
ඒ, කොළඹ විහාරමහාදේවි එළිමහන් රංග පීඨයේදී.


‘සාධාරණ, ප්‍රජාතන්ත්‍රවාදී හා  ජනහිතකාමී ආණ්ඩුකරණයක් සදහා‘ යන තේමාව පෙරටුකරගත් වැඩසටහන ඇරඹුණේ සර්ව ආගමික වතාවත්වලට මුල් තැන දෙමින්.

පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු පක්ෂ හා සිවිල් සංවිධාන රැසක නියෝජිතයින් මෙම අවස්ථාවට එක්වුණා.

දින 100 කින් සාධාරණ, ප්‍රජාතන්ත්‍රවාදී හා ජනහිතකාමී ආණ්ඩුවක් ඇති කිරීමේ අවබෝධතා ගිවිසුමට ප්‍රථමයෙන් අත්සන් තැබුවේ එක්සත් ජාතික පක්ෂ ජාතික නායක රනිල් වික්‍රමසිංහ මහතායි.

අනතුරුව පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග ඇතුළු මහත්ම මහත්මීන් අවබෝධතා ගිවිසුමට අත්සන් තැබුවා.

ඒ කෝට්ටේ ශ්‍රී නාග විහාරයේ විහාරාධිපති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමි ඇතුළු මහා සංඝරත්නය ඉදිරියේයි. 



පක්ෂ හා සංවිධාන 36 ක් අවබෝධතාවයට එළඹුණු මෙම ගිවිසුමට, දින 100 කින් සම්පූර්ණ කෙරෙන ප්‍රධාන ක්ෂණික කාර්යයන් 4 ක් ඇතුළත්.


- විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර ජනතාවට වගකියන පාර්ලිමේන්තු ක්‍රමයක් ස්ථාපිත කිරීම...

- 18 වන සංශෝධනය අහෝසි කර ස්වාධීන කොමිෂන් සභා යළි ස්ථාපිත කිරීම.

- මනාප ඡන්ද ක්‍රමය මුළුමනින්ම අහෝසි කර සියලු ජන කොටස්වලට නිසි නියෝජනයක් ලැබෙන නව මැතිවරණ ක්‍රමයක් ඇති කිරීම

- ජීවන වියදමට සරිලන ලෙස රාජ්‍ය හා පුද්ගලික අංශයේ සවිස්තරාත්මක වැටුප් සංශෝධනයක් කිරීම.

ඒ අතර වනවා.

ඊට අමතරව වසර 2 කට නොඅඩු කාලයක් සදහා පිහිටුවන සර්ව පාක්ෂික ආණ්ඩුව ක්‍රියාත්මක කරන කාර්යයන් ද ගිවිසුමට ඇතුළත්.

- කර්මාන්ත අංශය ශක්තිමත් කර දේශීය නිෂ්පාදනයන්ට සාධාරණ මිලක් සහතික කිරීම.

- සමාජයෙන් කොන් වී ඇති දිළිදු ජන කොටස් ඉලක්ක කර ගත් විශේෂ සහ ශක්තිමත් සමාජ ආරක්ෂණ දැලක් ස්ථාපිත කිරීම.

- වංචා, දූෂණ වළක්වා මහජන මුදල් රැක ගැනීමට දැඩි විනිවිද බවකින් යුක් වගවීමේ ක්‍රමවේදයක් ඇති කිරීම.
- නීතියේ ආධිපත්‍යයට ප්‍රමුඛස්ථානය දීම.

ඒ අතර ප්‍රධාන කරුණුයි.
අනතුරුව ගිවිසුමට අත්සන් තැබූ පාර්ශ්වයන් අදහස් පළ කළා.


රනිල් වික්‍රමසිංහ - ජාතික නායකඑක්සත් ජාතික පක්ෂයමේ ලියවිල්ල මෙතනින් අවසන් නැහැ. අපේ වැඩ කටයුතු එතනට සීමා වෙලා නැහැ. මේ රටේ ජනතාවගේ ප්‍රශ්න විසදන්න නම් සමාජ පෙරළියක් කරන්න ඕන. අන්න එහෙම අලුත් සමාජයක් ඇති කරන්න අපි එකග වෙලා තියෙන්නේ. ආණ්ඩු පක්ෂයේ හිටියත් විරුද්ධ පක්ෂයේ හිටියත් අපි මේ මූලික රාමුවට අපි ඔක්කොම එකගයි. එම නිසා තමයි අපි යෝජනා කරලා තියෙන්නේ පාර්ලිමේන්තු ඡන්දෙන් අඩු ගානේ අවුරුදු දෙකක් අපි ඔක්කොම එකතුවෙලා මේ රටේ පාලනය ගෙනියන්න ඕන. මේක කරන්නේ අපි වෙනුවෙන් නෙමෙයි අපිට ඡන්දෙ දීලා රාජපක්ෂලාව පරද්දලා මේ රට හදන්න කියලා අපි කෙරේ විශ්වාසය තිබ්බ අයට.

මෛත්‍රීපාල සිරිසේන - පොදු අපේක්ෂක- සාධාරණ ප්‍රජාතන්ත්‍රවාදී හා ජනහිතකාමී ආණ්ඩුකරණයක් සදහා මහජනයා වෙත ලබා දෙන ප්‍රතිඥාවයි. අපි සැමගේ මාතෘ භූමියවන ශ්‍රී ලංකා ද්වීපය නැවත වතාවක් සමාජ සාධාරණය රජයන ආදර්ශමත් ප්‍රජාතන්ත්‍රවාදී රටක් බවට පත් කිරීම සදහා වූ පරිශ්‍රමයේ නියමුවා ලෙස ඔබ සැම මා කෙරේ තැබුවා වු විශ්වාසයට අතිශයින් කෘතඥවන අතර එම විශ්වාසය අංශු මාත්‍රයකින් හෝ පලුදු නොකරන බවට මේ ප්‍රතිඥා  ලබා දෙමි. (අත්පොළොසන්)

 චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග - හිටපු ජනාධිපතිනි
- තමාගේ සියලු තානාත්තර පැත්තකින් තියලා සියලු පහසුකම් පැත්තකින් දාලා අපේ පක්ෂයේ ප්‍රධාන ලේකම් මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියට ඇවිල්ලා තියෙනවා. සියලුම පක්ෂවල සහයෝගය ඇතිව. එතුමා තරුණ මන්ත්‍රී වරයෙක් වූ කාලයේ සිටම මාගේ මව බණ්ඩාරනායක මැතිනිය සමග මා සමග අපි සමග කටයුතු කරපු අත්දැකීම් මට තියෙනවා. මම එකක් තමුන්නාන්සේලාට කියන්නම් එතුමා හොරකම් කරන දූෂණය කරන කෙනෙක් නෙමෙයි. එතුමා මිනී මරණ කෙනෙක් නෙමෙයි. එතුමාට දේශපාලන දර්ශනයක් තියෙනවා. පැහැදිලි ප්‍රතිපත්තියක් තියෙනවා. විවේචන භාරගන්න පුළුවන්. විවේචනය කරපු මිනිස්සුන්ව ඝාතනය කරන්නේ නැහැ . මහ පාරේ, මහ දවාලේ. එතුමා හොද නායකයත්වයක් මේ සටනට සහ පිහිටුවන්නට යන නව පාලනයට. අපේ අනෙක් නායකයින් සමග දෙන බවට මට සහතික කරන්න පුළුවන්.

සරත් ෆොන්සේකා - නායක
ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය.

- පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ නම ආපු වෙලාවේ මටත් සතුටක් ඇති වුණා. මම එතුමාව ප්‍රථමවරට හදුනාගත්තේ අවුරුදු 20 කට පමණ පෙර. එකට වැඩ කළා අවුරුදු 2 ක් 3 ක්. එතුමා ගැන යම් කිසි විශ්වාසයක් ඒ වෙලාවේ මගේ හිතේ තිබුණ නිසා තමයි එතුමා දේශපාලන ගමනක් විරුද්ධ පක්ෂයත් එක්ක යනවා කියලා ආරංචි වුණාම මට සතුටක් ඇති වුණේ. රට විනාශ කළ දූෂිත පාලනයක්. ඔහුගේ පවුල් පැලැන්ති මේ ඔක්කොම රටට කරන විනාශ නවත්වන්න. ඕනෑම කැප කිරීමක් ජීවිත පූජාවෙන් කරනවා. ඒ ගැන කිසිම සැකයක් නැහැ.

පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමි - කැඳවුම්කරු
සාධාරණ සමාජයක් සදහා වූ ජනතා ව්‍යාපාරය

- මේ සැරේ වෙනදා වගේ බලයට පත්කරලා අපි ප්‍රේක්ෂකයන් වෙලා ඉන්නේ නැහැ. මේ වැඩේ හරියට කරන තුරු අපි සැමදෙනා අවබෝධතාවයකින් යුක්තව ක්‍රියා කරනවා.එමනිසා ඔබතුමාට බලය පවරන්නේ රටක් පිළිකුල් කරන මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරගෙන අපි හොද අනාගතයකට ගමන් කරමු. ඒකයි අපේ අවබෝධතාවය.
__________________________________________________________________________
පුවත්වල අන්තර්ගතය සහ මුලාශ්‍රය වෙනස් කිරිමකින් තොරව භාවිතා කිරිමට අවසර ඇත.
© 2014 සඳුන් අරෝෂ ප්‍රනාන්දු - සියලු හිමිකම් ඇවරිණි
යෝජනා සහ අදහස් : අන්තර්ජාල කතෘ

Related

මෛත්‍රීපාල සිරිසේන 7804543227013726895

Post a Comment Disqus Comments

Advertisement

Sandun Arosha on Twitter

- ඇසි දිසි -

- රූ සර -

10th RAIGAM TELE'ES – 2013


Labels

#100My3Days #27protesters #BondScam #hrc30 #hrc32 #jurnoTips #KoslandaLandslide #MY3 #POPEINSL #PresPollSL #SocialMediaBan #බැඳුම්කර_වංචාව Arjun Mahendran asylum seeker Bond scam C V VIGNESWARAN CBSL CBSL Governor facebook GOMA google street view india india pm Jayalalithaa Kandy unrest Logos Hope Mangala Samaraweera mangla samarweera News Room Management O Panneerselvam Perpetual Treasuries Pope Francis Ravinatha Aryasinha Sirisena Spot fine sri lanka Sri Lanka Earth slip Sri Lanka Navy Tamil Nadu Top Story UK UN UNHRC USA Vice Admiral Sirimevan Ranasinghe Vidya case verdict අගවිනිසුරු අග්‍රාමාත්‍ය අජි – නෝ – මොටෝ අතුරුදන් වූවන් පිළිබද කොමිසම අධිකරණය අධ්‍යපනය අනුර කුමාර දිසානායක අමීෂා රාජපක්ෂ අලුත්ගම ආරක්ෂක ආර්ථික ඇමරිකාව ඉඩම් ඉන්දියාව උපුල් ජයසුරිය ඌව පළාත් සභා මැතිවරණය එක්සත් ජාතික පක්ෂය එක්සත් ජාතීන් එල්.ටී.ටී.ඊ. ඒ.එච්.එම්. ෆවුසි ඒ.එල්.රත්නපාල ඕස්ට්‍රේලියාව කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ කමලේශ් ශර්මා ක්‍රීඩා ක්සත් ජාතීන් ගිහාන් පිලපිටිය.අධිකරණය ගෝඨාභය රාජපක්ෂ චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපතිවරණය - 2015 ජපානය ජයලලිතා ජයරාම් ජෝන් කෙරී ඥාණසාර ටයර් හන්දිය ඩී.ඒ. කරුණාදාස තමිල්නාඩු තවීෂ පීරිස් තාක්ෂණික දකුණු අප්‍රිකාව දෙමල දේශපාලන නයිජිරියාව නරේන්ද්‍ර මෝදි නවතම නවුසර් ෆවුසි නිමල් ගමගේ නිශාන්ත සිල්වා නීතීඥ නිමල් පුංචිහේවා පළාත් පාලන ආයතන පාලිත කොහොන පොදුරාජ්‍ය මණ්ඩලය පොලිසිය බොරිනි ප්‍රොනෝ බ්‍රිතානය මංගල සමරවීර මහින්ද රාජපක්ෂ මහේස්ත්‍රාත් රංග දිසානායක මානව හිමිකම් මානව හිමිකම් කොමිෂන් සභාව මෛත්‍රිපාල සිරිසේන මෛත්‍රීපාල සිරිසේන මොහාන් පීරිස් රනිල් වික්‍රමසිංහ රවීන්ද්‍ර විජේගුණරත්න රිය අනතුර.සී.සී.ටී.වී. දර්ශන ලෝකය විනෝදාත්මක වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය ශිරන්ති රාජපක්ෂ ශිරානි බණ්ඩාරනායක ශ්‍රී ලංකා නීතීඥ සංගමය ශ්‍රේෂ්ඨාධිකරණය ෂින්ෂෝ අබේ සරණාගතයින් සිරිලිය සවිය සිරිල් රම්පෝසා සී.වී. විග්නේෂ්වරන් සෙයිද් අල් හුසේන් සෞඛ්‍ය ස්ථානීය දඩ මුදල් ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හරීන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ

Hot in week

Recent

Comments

madura

Madura English-Sinhala Dictionary

Powered by www.maduraonline.com

Side Ads

Text Widget

Connect Us

item