harskada

මෛත්‍රීගෙන් රට හදන්න කාල සටහනක්

මෛත්‍රී පාලනයක්  - ස්ථාවර රටක් තේමා කරගත් ජනාධිපති අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අද එළිදැක්වුණා. ඒ, ක...


මෛත්‍රී පාලනයක්  - ස්ථාවර රටක් තේමා කරගත් ජනාධිපති අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අද එළිදැක්වුණා.



පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළි දැක්වීමේ උත්සවය ආරම්භ වූයේ ආගමික වතාවන්ට මුල් තැන දෙමින්.
පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා කරුණු 11 කින් යුත් ප්‍රතිපත්ති ප්‍රකාශනය සහ දින 100 වැඩපිළිවෙළ ප්‍රථමයෙන් පිළිගැන්වූයේ මහා සංඝරත්නයටයි.
ඔහු ජනාධිපති ධුරයට පත් වීමෙන් ආරම්භ වන දින 100 වැඩපිළිවෙළේ පළමු කාර්යය විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත් කිරීමයි.
ඒ සමගම පාර්ලිමේන්තුව නියෝජනය කරන අනෙකුත් දේශපාලන පක්ෂවල මන්ත්‍රිවරුන්ගෙන් සමන්විත කැබිනට් මණ්ඩලයක් පත් කිරීම ද එම කාලය තුළ සිදුවනු ඇති.
අනතුරුව සියලු දේශපාලන පක්ෂ හා පුරවැසි සංවිධානවල නියෝජිතයින්ගෙන් යුත් ජාතික උපදේශක සභාවක් පත් කරනු ලබන්නේ යෝජිත ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සදහා විද්වත් අදහස් ලබාගැනීමේ අරමුණින්.
දින 100 වැඩපිළිවෙළ තුළ පාර්ලිමේන්තුව කැදවීමට නියමිතව ඇත්තේ ජනවාරි 19 වැනිදායි.
එම පාර්ලිමේන්තුවට විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම හා 18 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීම ඇතුළත් 19 වන ආණඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ඉදිරිපත් කරනු ලබනවා.
මනාප ඡන්ද ක්‍රමය සහමුලින්ම අහෝසි කෙරෙන නව මැතිවරණ ක්‍රමය ඇතුළත් නව පනත් කෙටුම්පත ඉදිරිපත් කෙරෙන්නේ සර්ව පාක්ෂික කමිටුවක‍ යෝජනා ලබා ගැනීමෙන් අනතුරුවයි.
ඊට අමතරව ජාතික ඖෂධ ප්‍රතිපත්තිය, තොරතුරු දැන ගැනීම හා  ජාතික විගණන යන පනත් කෙටුම්පත් ද නව පාර්ලිමේන්තුවේ දින 100 තුළ සම්මත කර ගැනීමට ද නියමිතයි.
දින සියයයේ වැඩපිළිවෙල තුළ අතුරු අය වැයක් ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
ඊට අනුව රාජ්‍ය සේවකයින්ගේ වැටුප රුපියල් 10,000 කින් වැඩි කිරීම.
රජයේ සේවකයින්ට යතුරුපැදි ලබා ගැනීමට දුන් ණය මුදල සම්පූර්ණයෙන් කපා හැරීම සහ  ගෙවූ රුපියල් 50000ක මුදල යළි ලබා දීම.
දින 180 ක් සදහා බදවා ගත් සුදුසුකම් සම්පුර්ණ කළ කොන්ත්‍රාත් සහ අනියම් සේවකයින් ස්ථීර කිරීම.
සමෘද්ධි දීමනාව දෙගුණයකින් වැඩිකිරීම,
විශ්‍රාමිකයින්ගේ වැටුප් විෂමතා ඉවත් කරන තෙක් රුපියල් 3500 ක මාසික දීමනාවක් ගෙවීම හා දුප්පත් ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සදහා රජය ගෙවන මාසික දීමනාව රුපියල් 1500 කින් වැඩි කිරීම.
ඉන්ධන මිලෙන් රජය අය කරන රුපියල් කෝටි 4000 කට අධික බදු ඉවත් කර පොදු ප්‍රවාහන සේවා ත්‍රීරෝද රථ හා යතුරුපැදි සදහා විශේෂ සහන ලබා දීම.
ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 300 කින් අඩු කිරීම.
ඊට අමතරව , කිරි ලීටරයක සහතික මිල රුපියල් 60 සිට 70 දක්වා වැඩි කිරීම.
වී කිලෝග්‍රෑමයකට රුපියල් 50 ක් හා අර්තාපල් කිලෝග්‍රෑමයකට රුපියල් 80 ක සහතික මිලක් ලබාදීම.
සියලු ගොවි ණය සියයට 50 කින් කපා හැර ඉතිරිය  ගෙවීමට සහන කාලයක් ලබාදීම.
රුපියල් ලක්ෂ 2 ක උපරිමයකට යටත්ව උකස් කර ඇති රන් භාණ්ඩ සදහා ගෙවිය යුතු අධික පොලිය සහ දඩ මුදල් කපා හැරීම.
කොළඹ නගරයේ නිවාස සහ ඉඩම් අහිමි කරන ලද ජනතාවගේ දේපළවල වටිනාකම ඔවුන් ගෙවන නිවාස ණයෙන් අඩු කිරීම.
ලබාගත් ණය නොගෙවීම හේතුවෙන් අසාදු ලේඛණගතව ඇති සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්  ඉන් මුදවා කොන්දේසි සහිතව ණය ගෙවීමට අවස්ථාවක් ලබාදීම.
දරුවෙකු ප්‍රසූතියෙන් පසුව සෑම මවකට ම රුපියල් 20,000 ක දීමනාවක් ලබාදීම.
අධ්‍යාපනය සදහා දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 6 ක් වෙන්කර විශ්වවිද්‍යාල පද්ධතියට ඇතුළත් කර ගන්නා සිසුන් සංඛ්‍යාව දෙගුණයක් කිරීම.
මහපොළ ශිෂ්‍යාධාරය රුපියල් 5000 දක්වා වැඩි කිරීම.
නොමිලේ අන්තර්ජාල පහසුකම් ලබාදීමට සෑම නගරයකම ප්‍රසිද්ධ ස්ථානවල වයි - ෆයි කලාප ඇති කිරීම.
ධීවරයින්ට රුපියල් දස ලක්ෂයක රක්ෂණාවරණයක් ධීවර ප්‍රජාවට නව විශ්‍රාම වැටුප් ක්‍රමයක් ආරම්භ කිරීම.
විදෙස් ශ්‍රමිකයින් සදහා විශ්‍රාම වැටුප් ක්‍රමයක් ආරම්භ කිරීම හා ඔවුන්ගේ අනේවාසික ගිණුම් සදහා 2.5% ක අමතර පොලියක් ලබාදීම.
කඩිනම් සහන ඇතුළත් අතුරු අයවැයෙන් පසුව 2015 වසරේ අප්‍රේල්  23 වනදායින් පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නියමිතයි.
අනතුරුව නිදහස් සහ සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට පොදු අපේක්ෂකයා ප්‍රතිඥා දෙන්නේ භාරකාර රජයක් යටතේයි.
එම මැතිවරණයෙන් වැඩිම ආසන ලබා ගන්නා පක්ෂයට අග්‍රාමාත්‍ය ධුරයත්, ඊළග පක්ෂයට නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ධුරයත්, ලබා දීමට පොදු අපේක්ෂකවරයා කටයුතු කරනවා.
සියලු පක්ෂවල නියෝජනයෙන් සැකසෙන කැබිනට් මණ්ඩලය රටේ ප්‍රධාන අභියෝගවලට මුහුණදෙන්නේ, ජාතික ප්‍රතිපත්ති රාමුවක් මත කටයුතු කරමින්.
මෙම දින 100 වැඩපිළිවෙළට අමතරව පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තවත් කරුණු රැසක් ඇතුළත්.
හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා සහ 43 වෙනි අග විනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මිය ඇතුළු තනතුරු අහිමි වූවන්ගේ අයිතිවාසිකම් යළි ලබාදෙන බව  ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සදහන්.
මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනය එළි දැක්වීමෙන් අනතුරුව අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂයේ ජාතික නායක රනිල් වික්‍රමසිංහ මහතා...
   -           රනිල් වික්‍රමසිංහ - විපක්ෂ නායක
-         මේ රටේ ආගම්වලට තර්ජන එද්දී මේ රටේ ශ්‍රි ලාංකික අනන්‍යතාවය ඇති කරන්න ඉඩ නොදුන් අවස්ථාවකදී අපි ඔක්කොම එකතු වෙන්න කියලා හඩ නැගුව සිවිල් සමාජය,  මාධ්‍යවේදීන්, විශේෂයෙන්ම මාදුළුවාවේ සෝභිත නායක ස්වාමින් වහන්සේ, ඒ වගේම පාර්ලිමේන්තුව තුළ මේ සටන ආරම්භ කළ රතන ස්වාමින් වහන්සේ අනෙකුත් පුජ්‍ය පක්ෂය විශේෂයෙන් සදහන් කරන්න ඕනමයි. මේවා ක්‍රියාත්මක කරද්දී අපේ විවිධ මත තියෙයි. ඒක ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක්. අපි ඒවා විසදගන්න මාර්ගයක් සොයාගෙන තිබෙනවා. බුදුරාජාණන්වහන්සේ, ලිච්ඡවී රජ දරුවන්ට එදා දේශනා කළේ සාමයෙන් රැස් වෙන්න, සාමයෙන් සාකච්ඡා කරන්න, සාමයෙන් විසිර යන්න. මෛත්‍රි පාලනය කියන්නෙත් ලිච්ඡවී ප්‍රජාතන්ත්‍රවාදයක්. -
ස්ථාවර ආණ්ඩුවක් යටතේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ක්‍රියාත්මක කරන බවට ප්‍රතිඥා දෙන ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කළේ, රට තුළ කිසිදු ආකාරයෙන් එල්.ටී.ටී.ඊ.යට යළි හිස ඔසවීමට ඉඩ ලබානොදෙන බවයි.


    -           මෛත්‍රිපාල සිරිසේන 

-         මේ සම්මා සම්බුදු පියාණන් අභියස  අපි පැහැදිලිව ප්‍රතිඥා දෙනවා මේක කරුණු ක්‍රියාත්මක කිරීමේ වගකීම මම සම්පුර්ණයෙන්ම භාර ගන්නවා. ඒ කරුණු ස්ථීරවම ක්‍රියාත්මක කරනවා කියලා.  මා මිත්‍ර මහින්ද රාජපක්ෂ මැතිතුමාත්, එතුමාගේ මැති ඇමතිවරුත් වේදිකාවල කියනවා මේ රටේ දේශපාලන අස්ථාවරත්වයක් එයි අපි ජයග්‍රහණය කළොත් කියලා. නැවත යුද්ධයක් එයි කියලා ඒ ගොල්ලෝ කියනවා. මම බොහොම පැහැදිලිව කියන්න ඕන යුද්ධය අවසන් කරපු ශ්‍රේෂ්ඨ රණ වීරයා ජාතික වශයෙන් සහ අන්තර්ජාතික වශයෙන් කීර්තියට පත් ජෙනරාල් සරත් ෆොන්සේකා මැතිතුමා ඉන්නෙත් අපිත් එක්කයි. මේ රටේ නැවත එල්.ටී.ටී.ඊ.යට හිස ඔසවන්න අපි ඉඩ දෙන්නේ. නැහැ. 

    ________________________________________________________________________________
    පුවත්වල අන්තර්ගතය සහ මුලාශ්‍රය වෙනස් කිරිමකින් තොරව භාවිතා කිරිමට අවසර ඇත.
    © 2014 සඳුන් අරෝෂ ප්‍රනාන්දු - සියලු හිමිකම් ඇවරිණි
    යෝජනා සහ අදහස් : අන්තර්ජාල කතෘ

    Related

    මෛත්‍රිපාල සිරිසේන 5449061331229057008

    Post a Comment Disqus Comments

    Advertisement

    Sandun Arosha on Twitter

    - ඇසි දිසි -

    - රූ සර -

    10th RAIGAM TELE'ES – 2013


    Labels

    #100My3Days #27protesters #BondScam #hrc30 #hrc32 #jurnoTips #KoslandaLandslide #MY3 #POPEINSL #PresPollSL #SocialMediaBan #බැඳුම්කර_වංචාව Arjun Mahendran asylum seeker Bond scam C V VIGNESWARAN CBSL CBSL Governor facebook GOMA google street view india india pm Jayalalithaa Kandy unrest Logos Hope Mangala Samaraweera mangla samarweera News Room Management O Panneerselvam Perpetual Treasuries Pope Francis Ravinatha Aryasinha Sirisena Spot fine sri lanka Sri Lanka Earth slip Sri Lanka Navy Tamil Nadu Top Story UK UN UNHRC USA Vice Admiral Sirimevan Ranasinghe Vidya case verdict අගවිනිසුරු අග්‍රාමාත්‍ය අජි – නෝ – මොටෝ අතුරුදන් වූවන් පිළිබද කොමිසම අධිකරණය අධ්‍යපනය අනුර කුමාර දිසානායක අමීෂා රාජපක්ෂ අලුත්ගම ආරක්ෂක ආර්ථික ඇමරිකාව ඉඩම් ඉන්දියාව උපුල් ජයසුරිය ඌව පළාත් සභා මැතිවරණය එක්සත් ජාතික පක්ෂය එක්සත් ජාතීන් එල්.ටී.ටී.ඊ. ඒ.එච්.එම්. ෆවුසි ඒ.එල්.රත්නපාල ඕස්ට්‍රේලියාව කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ කමලේශ් ශර්මා ක්‍රීඩා ක්සත් ජාතීන් ගිහාන් පිලපිටිය.අධිකරණය ගෝඨාභය රාජපක්ෂ චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපතිවරණය - 2015 ජපානය ජයලලිතා ජයරාම් ජෝන් කෙරී ඥාණසාර ටයර් හන්දිය ඩී.ඒ. කරුණාදාස තමිල්නාඩු තවීෂ පීරිස් තාක්ෂණික දකුණු අප්‍රිකාව දෙමල දේශපාලන නයිජිරියාව නරේන්ද්‍ර මෝදි නවතම නවුසර් ෆවුසි නිමල් ගමගේ නිශාන්ත සිල්වා නීතීඥ නිමල් පුංචිහේවා පළාත් පාලන ආයතන පාලිත කොහොන පොදුරාජ්‍ය මණ්ඩලය පොලිසිය බොරිනි ප්‍රොනෝ බ්‍රිතානය මංගල සමරවීර මහින්ද රාජපක්ෂ මහේස්ත්‍රාත් රංග දිසානායක මානව හිමිකම් මානව හිමිකම් කොමිෂන් සභාව මෛත්‍රිපාල සිරිසේන මෛත්‍රීපාල සිරිසේන මොහාන් පීරිස් රනිල් වික්‍රමසිංහ රවීන්ද්‍ර විජේගුණරත්න රිය අනතුර.සී.සී.ටී.වී. දර්ශන ලෝකය විනෝදාත්මක වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය ශිරන්ති රාජපක්ෂ ශිරානි බණ්ඩාරනායක ශ්‍රී ලංකා නීතීඥ සංගමය ශ්‍රේෂ්ඨාධිකරණය ෂින්ෂෝ අබේ සරණාගතයින් සිරිලිය සවිය සිරිල් රම්පෝසා සී.වී. විග්නේෂ්වරන් සෙයිද් අල් හුසේන් සෞඛ්‍ය ස්ථානීය දඩ මුදල් ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හරීන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ

    Hot in week

    Recent

    Comments

    madura

    Madura English-Sinhala Dictionary

    Powered by www.maduraonline.com

    Side Ads

    Text Widget

    Connect Us

    item