harskada

ව්‍යවස්ථා සංශෝධනයක් වෙනුවෙන් දකුණු අප්‍රිකානු විශේෂ නියෝජිතයෙකු දිවයිනට.


ව්‍යවස්ථා සංශෝධනයක් වෙනුවෙන්
(දකුණු පස - දකුණු අප්‍රිකානු ජනාධිපති)
   

මානව හිමිකම් තුළින් ප්‍රතිලාභ ලබන ස්ථාවර ශ්‍රී ලංකාවක් ඇති කිරීමට උපකාර කිරීම සදහා තමන් මෙරටට පැමිණි බව දකුණු අප්‍රිකානු නියෝජ්‍ය ජනාධිපති සිරිල් රම්පෝසා මහතා පවසනවා.

දෙදින නිල සංචාරයක් සදහා අද පෙරවරුවේ දිවයිනට පැමිණි දකුණු අප්‍රිකානු විශේෂ නියෝජිතයා සදහන් කළේ ශ්‍රී ලංකාවේ සංහිදියා ක්‍රියාවලිය වෙනුවෙන් ව්‍යවස්ථා සංශෝධනයක් යෝජනා කරන බවයි.  



දකුණු අප්‍රිකානු නියෝජ්‍ය ජනාධිපති සිරිල් රම්පෝසා මහතා අද පෙරවරුවේ දිවයිනට පැමිණියේ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන්.

කෙසේ වෙතත් එම අවස්ථාව ආවරණයට ඉඩ ලබා දිය නොහැකි බව ගුවන් තොටුපොළ කාර්ය භාර කළමනාකරු  අප වාර්තාකරු වෙත ප්‍රකාශ කළා.
ඔහු සදහන් කළේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ උපදෙස් අනුව මෙම අවස්ථාව ආවරණයට රාජ්‍ය මාධ්‍ය වෙත පමණක් අවසර ලබා දී ඇති බවයි.
කෙසේ වෙතත් ඔහු කටුනායක ගුවන් තොටුපළින් දිවයිනට ළගාවූ දර්ශන අපවෙත ලබාගැනීමට හැකිවුණා.  
දෙදිනක් මෙරට සාම ක්‍රියාවලිය වෙනුවෙන් තොරතුරු සොයා බලන රම්පෝසා මහතා ප්‍රථමයෙන් මුණ ගැසුණේ රජයේ නියෝජිතයින්.
කොළඹ හෝටලයක පැවති ඊට මහාචාර්ය ජී.එල් . පිරිස් මහතා  ඇතුළු මැති ඇමතිවරුන් කිහිප දෙනෙකු එක්ව සිටියා.
හෙට පස්වරුව දක්වා දිවයිනේ රැදී සිටින  දකුණු අප්‍රිකානු නියෝජ්‍ය ජනාධිපති සිරිල් රම්පෝසා මහතා දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින් හමුවීමෙන් අනතුරුව උතුරේ සංචාරයකද නිරත වනවා.
රම්පෝසා මහතා එරට ජනාධිපති ජාකොබ් සූමා මහතා විසින් පත් කළේ ශ්‍රී ලංකාවේ සාමය තවදුරටත් තහවුරු කිරීම වෙනුවෙන්.
ඒ අනුව ඔහු දිවයිනට පැමිණීමට පෙර නිවේදනය කළේ තමන් ශ්‍රී ලංකාවේ සත්‍ය හා සංහිදියා ක්‍රියාවලිය වෙනුවෙන් උපකාර කිරීමට උත්සාහ දරණ බවයි.
ඒ සදහා ව්‍යවස්ථා සංශෝධනයක් යෝජනා කරන බවද දකුණු අප්‍රිකානු නියෝජ්‍ය ජනාධිපති සිරිල් රම්පෝසා මහතා නිකුත් කර ඇති නිවේදනයේ සදහන්.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ජාතික නිදහස් පෙරමුණ කොළඹදී අද පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේ රම්පෝසා මහතාගේ යෝජනාවලට තම පක්ෂය විරුද්ධ බවයි. 

________________________________________________________________________________
පුවත්වල අන්තර්ගතය සහ මුලාශ්‍රය වෙනස් කිරිමකින් තොරව භාවිතා කිරිමට අවසර ඇත.
© 2014 සඳුන් අරෝෂ ප්‍රනාන්දු - සියලු හිමිකම් ඇවරිණි
යෝජනා සහ අදහස් : අන්තර්ජාල කතෘ

Related

සිරිල් රම්පෝසා 282578609901311813

Post a Comment Disqus Comments

Advertisement

Sandun Arosha on Twitter

- ඇසි දිසි -

- රූ සර -

10th RAIGAM TELE'ES – 2013


Labels

#100My3Days #27protesters #BondScam #hrc30 #hrc32 #jurnoTips #KoslandaLandslide #MY3 #POPEINSL #PresPollSL #SocialMediaBan #බැඳුම්කර_වංචාව Arjun Mahendran asylum seeker Bond scam C V VIGNESWARAN CBSL CBSL Governor facebook GOMA google street view india india pm Jayalalithaa Kandy unrest Logos Hope Mangala Samaraweera mangla samarweera News Room Management O Panneerselvam Perpetual Treasuries Pope Francis Ravinatha Aryasinha Sirisena Spot fine sri lanka Sri Lanka Earth slip Sri Lanka Navy Tamil Nadu Top Story UK UN UNHRC USA Vice Admiral Sirimevan Ranasinghe Vidya case verdict අගවිනිසුරු අග්‍රාමාත්‍ය අජි – නෝ – මොටෝ අතුරුදන් වූවන් පිළිබද කොමිසම අධිකරණය අධ්‍යපනය අනුර කුමාර දිසානායක අමීෂා රාජපක්ෂ අලුත්ගම ආරක්ෂක ආර්ථික ඇමරිකාව ඉඩම් ඉන්දියාව උපුල් ජයසුරිය ඌව පළාත් සභා මැතිවරණය එක්සත් ජාතික පක්ෂය එක්සත් ජාතීන් එල්.ටී.ටී.ඊ. ඒ.එච්.එම්. ෆවුසි ඒ.එල්.රත්නපාල ඕස්ට්‍රේලියාව කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ කමලේශ් ශර්මා ක්‍රීඩා ක්සත් ජාතීන් ගිහාන් පිලපිටිය.අධිකරණය ගෝඨාභය රාජපක්ෂ චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපතිවරණය - 2015 ජපානය ජයලලිතා ජයරාම් ජෝන් කෙරී ඥාණසාර ටයර් හන්දිය ඩී.ඒ. කරුණාදාස තමිල්නාඩු තවීෂ පීරිස් තාක්ෂණික දකුණු අප්‍රිකාව දෙමල දේශපාලන නයිජිරියාව නරේන්ද්‍ර මෝදි නවතම නවුසර් ෆවුසි නිමල් ගමගේ නිශාන්ත සිල්වා නීතීඥ නිමල් පුංචිහේවා පළාත් පාලන ආයතන පාලිත කොහොන පොදුරාජ්‍ය මණ්ඩලය පොලිසිය බොරිනි ප්‍රොනෝ බ්‍රිතානය මංගල සමරවීර මහින්ද රාජපක්ෂ මහේස්ත්‍රාත් රංග දිසානායක මානව හිමිකම් මානව හිමිකම් කොමිෂන් සභාව මෛත්‍රිපාල සිරිසේන මෛත්‍රීපාල සිරිසේන මොහාන් පීරිස් රනිල් වික්‍රමසිංහ රවීන්ද්‍ර විජේගුණරත්න රිය අනතුර.සී.සී.ටී.වී. දර්ශන ලෝකය විනෝදාත්මක වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය ශිරන්ති රාජපක්ෂ ශිරානි බණ්ඩාරනායක ශ්‍රී ලංකා නීතීඥ සංගමය ශ්‍රේෂ්ඨාධිකරණය ෂින්ෂෝ අබේ සරණාගතයින් සිරිලිය සවිය සිරිල් රම්පෝසා සී.වී. විග්නේෂ්වරන් සෙයිද් අල් හුසේන් සෞඛ්‍ය ස්ථානීය දඩ මුදල් ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හරීන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ

Hot in week

Recent

Comments

madura

Madura English-Sinhala Dictionary

Powered by www.maduraonline.com

Side Ads

Text Widget

Connect Us

item