ජනපති යළිත් අලුත්ගම හා බේරුවලට
https://sandunarosha.blogspot.com/2014/06/blog-post_30.html
පසුගියදා නොසන්සුන්තාවයක් ඇති වූ අලුත්ගම හා බේරුවල ප්‍රදේශවල ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද යළිත් නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා.
ඒ නොසන්සුන්තාවයෙන් හානියට පත් වූ
නිවාස යළි ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු සොයා බැලීම සදහායි.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අලුත්ගම ප්‍රදේශයට පැමිණි අවස්ථාවේදී එහි
සිටි ජනතාව ඉතා සුහද ලෙස පිලිගත්තා.
ජනාධිපතිවරයා දර්ගානගරය, පතිරාජගොඩ
හා මීරච්චිකන්ද ප්‍රදේශවලද ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවන ආකාරය සොයා බැලුවා.
නොසන්සුන්තාවයෙන් හානියට පත් වූ නිවාස හා දේපොළ යළි ප්‍රතිසංස්කරණය ත්‍රිවිධ
හමුදා නිලධාරීන් විසින් සිදුකරනු ලබන අතර එය භාරව කටයුතු කරන මේජර් ජනරාල් උබය
මැදවෙල මහතාද මේ අවස්ථාවට එක්ව සිටියා.
ජනාධිපතිවරයා වරාපිටිය හා සීනවත්ත ප්‍රදේශයන්හිද නිරීක්ෂණයට එක්වුණා.
මේ අතර ජනාධිපතිවරයා අලුත්ගම කන්දෙ විහාරය වෙත ගොස් ආගමික වතාවත්වලද නිරත වුණා.
අනතුරුව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විහාරාධිපති පූජ්‍ය බටුවන්හේනේ
බුද්ධරක්ඛිත නාහිමියන් ද බැහැ දුටුවා.
________________________________________________________________________________
පුවත්වල අන්තර්ගතය සහ මුලාශ්‍රය වෙනස් කිරිමකින් තොරව භාවිතා කිරිමට අවසර ඇත.
© 2014 සඳුන් අරෝෂ ප්‍රනාන්දු - සියලු හිමිකම් ඇවරිණි
යෝජනා සහ අදහස් : අන්තර්ජාල කතෘ