harskada

"මම මුකුත් දන්නේ නැහැ" - රවි

අමාත්‍ය රවී කරුණානායක කොමිසම හමුවේ තමා මාස 9ක් පුරා පදිංචිව සිටියේ අර්ජුන් අලෝසියස්ගේ සමාගමකින් මුදල් ගෙවා ලබා ගත් නිවසක යැයි තමන් නොදැ...

අමාත්‍ය රවී කරුණානායක කොමිසම හමුවේ
තමා මාස 9ක් පුරා පදිංචිව සිටියේ අර්ජුන් අලෝසියස්ගේ සමාගමකින් මුදල් ගෙවා ලබා ගත් නිවසක යැයි තමන් නොදැන සිටි බව රවී කරුණානායක ඇමතිවරයා පවසයි.
ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත්කිරීම පිළිබඳ පරීක්ෂා කිරීමේ සහ විමර්ශනය කිරීමේ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව ඉදිරියේදී ය.

හිටපු මුදල් අමාත්‍ය හා වත්මන් විදේශ අමාත්‍ය රවී කරුණානායක මහතා අද පෙරවරු 10.10 ට පමණ කොමිසම හමුවට පැමිණි අතර එහිදී ඔහු  කොමිසම හමුවේ ප්‍රථමයෙන් සමාව අයැද සිටියා.
නොතීසි ලැබුණද රාජකාරි කටයුතු හේතුවෙන් දෙවරක්ම කොමිසම හමුවේ පෙනී සිටීමට නොහැකි වූ බව ප්‍රකාශ කළ අමාත්‍යවරයා පැවසුවේ සිය දේශපාලන අනාගතයද මේ වන විට  අවදානම් තත්ත්වයක පවතින බවයි.
සාක්ෂි  විමසීම අරඹමින් ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිස්ටර් ජනරාල් දප්පුල ද ලිවේරා මහතා අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කළේ බලයට පැමිණියේ යහපාලනය ගෙන ඒමටද යන්න පිළිබඳවයි.
තමා වැනි බලවත් ඇමතිවරයෙක්ගෙන්  මෙලෙස ප්‍රශ්න කිරීමට හැකියාව ලැබී ඇත්තේ ඒ හේතුවෙන් බව කරුණානායක මහතා මෙහිදී සඳහන් කළා.
සිය පියාගේ කාලයේ සිටම අර්ජුන් ඇලෝෂියස් මහතාගේ පවුල සමඟ සබඳතා තිබූ බව පැවසූ අමාත්‍යවරයා සඳහන් කළේ වසර 10 ක පමණ කළක සිට අර්ජුන් ඇලෝෂියස් මහතා හඳුනන බවයි.
තමන් අමාත්‍යධුරය දරන සමයේ මුදල් අමාත්‍යාංශයට තෙවරක් පැමිණ ඇති ඇලෝෂියස් මහතාගෙන්  රැකියා  අවශ්‍යතා හා ආගමික ස්ථානවලට අරමුදල් සපයාගැනීම සඳහාද සහය ලබාගත් බව සාක්ෂිකරු පැවසුවා.
රවී කරුණානායක මහතාගේ නම සඳහන් කෙටි පණිවිඩ
අනතුරුව අර්ජුන් ඇලෝෂියස් මහතාගේ ජංගම දුරකතනයෙන් ලබාගත් දත්ත ඇතුළත් පිටු 8600 ක වාර්තාවක් නීතිපති දෙපාර්තමේන්තුව කොමිසමට ඉදිරිපත් කළා.
අනතුරුව ප්‍රශ්න කෙරුණේ එහි රවී කරුණානායක මහතාගේ නම සඳහන් කෙටි පණිවිඩ (SMS) උපුටා දක්වමින්.
ලීඩර් පුවත්පතේ සේවකයින් වැඩකිරීම නවත්වා තිබෙනවා.
අපිට මිලියන 3 ක් අවශ්‍යයි. - අර්ජුන් ඇලෝෂියස්ගේ ජංගම දුරකතනයෙන්
රුවන් ගාල්ලගේ නැමැත්තෙකු යොමු කළ පණිවිඩය ඇසුරෙන් කොමිසම පැවසුවේ සන්ඩේ ලීඩර් පුවත්පතට ඇලෝෂියස් මහතා ආයෝජනය කර ඇති බවයි.

ආර්. කේ. නැමැත්තෙකුගෙන් මූල්‍ය මණ්ඩල පත්‍රිකා ලබාගන්නා ලෙසට හා ඔහු සමඟ යහපත් හමුවක් පැවති බවට තමන් අපේක්ෂා කරන බව ඇලෝෂියස් මහතාගේ විධායක ලේකම් ස්ටිව් සැමුවෙල් මහතා යොමු කළ කෙටි පණිවිඩ උපුටා දක්වමින් ප්‍රශ්න කෙරුණු විට කරුණානායක මහතා පැවසුවේ ආර්. කේ. යනුවෙන් හඳුන්වා ඇත්තේ තමන් නොවන බවයි. 
අග්‍රාමාත්‍යවරයාගේ සහ කරුණානායක මහතාගේ ප්‍රතිරූපය නැංවීම සඳහා ඕපාදූප කෝලමක් ආරම්භ කිරීමට අවසර ලබාදෙන ලෙස ඉන් එක් පණිවිඩයක දැක්වූවත් අදාළ පණිවිඩය යොමු  කළේ කවුදැයි සොයාගැනීමට විමර්ශකයින්ට හැකියාව ලැබී නැහැ. 

ඕපාදූප කෝලමක්
අනතුරුව අර්ජුන් ඇලෝෂියස් මහතාගේ ජංගම දුරකතනයේ දත්ත මත පදනම්ව නීතිපති දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඇලෝෂියස් සහ රවී කරුණානායක මහත්වරුන්  එකම දිනයන්හි සිංගප්පූරුවේ සිටි බවට සනාථ කළ හැකි බවයි.
ඇතැම් අවස්ථාවල ඔවුන් දෙදෙනා ගමන් කර ඇත්තේ එකම ගුවන් යානයේ බවද ඔවුන් පෙන්වා දුන්නා.
සාක්ෂිකරු සඳහන් කළේ රාජකාරි කටයුතු අතරතුරදී ඇලෝෂියස් මහතා 3 වතාවක් පමණ සිංගප්පූරුවේ දී මුණ ගැසුණු බවයි.
රජයට  හදිසි මුදල් අවශ්‍යතාවයක් ඇති බැවින් බැඳුම්කර වෙන්දේසිය හරහා මුදල් වැඩිපුර ලබාගන්නා ලෙසට උපදෙස් ලබාදෙමින් අමාත්‍ය රවී කරුණානායක මහතා හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් වෙත යොමු කළ ලිපිය සම්බන්ධයෙන් අනතුරුව ප්‍රශ්න කෙරුණා.
එම ලිපිය පසුව සකස් කරන ලද්දක් බව නීතිපති දෙපාර්තමේන්තුව ඔප්පු කිරිමට දිගින් දිගටම උත්සහ දැරීමත් සමඟ ඊට කොමිසම හරස් වෙමින් පැවසුවේ තමන්ට මතභේදකාරී මහල් නිවාසය සම්බන්ධයෙන් පැවසීමට අවශ්‍ය බවයි. 
එම අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් හා ජනාධිපති නීතීඥ දප්පුලද ලිවේරා මහතා අතර දැඩි වාග් ප්‍රහාර හුවමාරු වූවත් අවසානයේ ජනාධිපති නීතීඥවරයා සිය ප්‍රශ්න කිරීම අඛණ්ඩවම සිදු කළා.
පැය 4 කට පමණ පසුව නීතිපති දෙපාර්තමේන්තුව මතභේදකාරී මහල් නිවාසය සම්බන්ධයෙන් ප්‍රශ්න කල අතර එහිදී  සාක්ෂිකරු පැවසුවේ එම නිවසේ ලක්ෂ 14 ක මාසික කුලිය සිය බිරිඳ සහ දියණිය ගෙවූ බවයි.
කෙසේ වෙතත් සාක්ෂිකරු පැවසුවේ එම මුදල අර්ජුන් ඇලෝෂියස් මහතාට හිමි සමාගමකට හිමිවන බව තමන් නොදැන සිටි බවයි. 
මාස 8 ක් සඳහා ලක්ෂ 110 ක් ගෙවීමට මුදල් ලැබුණු මූලාශ්‍රය කුමක්දැයි කොමිසම ප්‍රශ්න කළා.
සාක්ෂිකරු පැවසුවේ තමන් මහමඟ නිදා සිටින යාචකයෙකු නොවන බවත් සිය බිරිඳ සහ දියණිය සමාගම් අධ්‍යක්ෂකවරුන් ලෙස කටයුතු කරන බවයි.
එසේ නම් සමාගමේ ගිණුම්වල හා බැංකු ප්‍රකාශනවල එම මුදල් ගෙවීම සම්බන්ධයෙන් සඳහන් වන්නේ දැයි ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා විමසා සිටියා.
රවී කරුණානායක මහතා පැවසුවේ එය තමන් නොදන්නා බවයි.
අනතුරුව මෙම නිවස රුපියල් ලක්ෂ 1650 ක මිලට රවී කරුණානායක මහතා අධ්‍යක්ෂ ධුරය දැරූ සමාගමකින් මිලට ගනු ලබන්නේ  බැංකු ණයක් මගින්.
එහි වාරිකය මහා බ්‍රිතාන්‍යයේ පදිංචි ලක්ෂ්මි කාන්තන් මහතා ගෙවන අතර ඔහු ශ්‍රී ලංකාවට පැමිණි විට තමන්ගේ නිවසේ සිටින බව  රවී කරුණානායක මහතා ප්‍රකාශ කළා.

ඔහු එම වාරිකය ගෙවීමට රුපියල් ලක්ෂ 1450 ක් රවී කරුණානායක මහතා අධ්‍යක්ෂක ධුරය දැරූ සමාගමට දුන් ආකාරය තවමත් ප්‍රශ්න සහගත අතර එම මුදල් සම්බන්ධයෙන් කිසිදු සටහනක් සමාගමේ ගිණුම් වාර්තාවල නොමැති බව කොමිසම සඳහන් කළා. 

Related

නවතම 3249286990159274159

Post a Comment Disqus Comments

Advertisement

Sandun Arosha on Twitter

- ඇසි දිසි -

- රූ සර -

10th RAIGAM TELE'ES – 2013


Labels

#100My3Days #27protesters #BondScam #hrc30 #hrc32 #jurnoTips #KoslandaLandslide #MY3 #POPEINSL #PresPollSL #SocialMediaBan #බැඳුම්කර_වංචාව Arjun Mahendran asylum seeker Bond scam C V VIGNESWARAN CBSL CBSL Governor facebook GOMA google street view india india pm Jayalalithaa Kandy unrest Logos Hope Mangala Samaraweera mangla samarweera News Room Management O Panneerselvam Perpetual Treasuries Pope Francis Ravinatha Aryasinha Sirisena Spot fine sri lanka Sri Lanka Earth slip Sri Lanka Navy Tamil Nadu Top Story UK UN UNHRC USA Vice Admiral Sirimevan Ranasinghe Vidya case verdict අගවිනිසුරු අග්‍රාමාත්‍ය අජි – නෝ – මොටෝ අතුරුදන් වූවන් පිළිබද කොමිසම අධිකරණය අධ්‍යපනය අනුර කුමාර දිසානායක අමීෂා රාජපක්ෂ අලුත්ගම ආරක්ෂක ආර්ථික ඇමරිකාව ඉඩම් ඉන්දියාව උපුල් ජයසුරිය ඌව පළාත් සභා මැතිවරණය එක්සත් ජාතික පක්ෂය එක්සත් ජාතීන් එල්.ටී.ටී.ඊ. ඒ.එච්.එම්. ෆවුසි ඒ.එල්.රත්නපාල ඕස්ට්‍රේලියාව කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ කමලේශ් ශර්මා ක්‍රීඩා ක්සත් ජාතීන් ගිහාන් පිලපිටිය.අධිකරණය ගෝඨාභය රාජපක්ෂ චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපතිවරණය - 2015 ජපානය ජයලලිතා ජයරාම් ජෝන් කෙරී ඥාණසාර ටයර් හන්දිය ඩී.ඒ. කරුණාදාස තමිල්නාඩු තවීෂ පීරිස් තාක්ෂණික දකුණු අප්‍රිකාව දෙමල දේශපාලන නයිජිරියාව නරේන්ද්‍ර මෝදි නවතම නවුසර් ෆවුසි නිමල් ගමගේ නිශාන්ත සිල්වා නීතීඥ නිමල් පුංචිහේවා පළාත් පාලන ආයතන පාලිත කොහොන පොදුරාජ්‍ය මණ්ඩලය පොලිසිය බොරිනි ප්‍රොනෝ බ්‍රිතානය මංගල සමරවීර මහින්ද රාජපක්ෂ මහේස්ත්‍රාත් රංග දිසානායක මානව හිමිකම් මානව හිමිකම් කොමිෂන් සභාව මෛත්‍රිපාල සිරිසේන මෛත්‍රීපාල සිරිසේන මොහාන් පීරිස් රනිල් වික්‍රමසිංහ රවීන්ද්‍ර විජේගුණරත්න රිය අනතුර.සී.සී.ටී.වී. දර්ශන ලෝකය විනෝදාත්මක වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය ශිරන්ති රාජපක්ෂ ශිරානි බණ්ඩාරනායක ශ්‍රී ලංකා නීතීඥ සංගමය ශ්‍රේෂ්ඨාධිකරණය ෂින්ෂෝ අබේ සරණාගතයින් සිරිලිය සවිය සිරිල් රම්පෝසා සී.වී. විග්නේෂ්වරන් සෙයිද් අල් හුසේන් සෞඛ්‍ය ස්ථානීය දඩ මුදල් ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හරීන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ

Hot in week

Recent

Comments

madura

Madura English-Sinhala Dictionary

Powered by www.maduraonline.com

Side Ads

Text Widget

Connect Us

item