"විද්‍යා" පාසල් දැරිය ඝාතන සිද්ධිය-7ක් පෝරකයට !
ශිවයෝගනාදන් විද්‍යා නමැති පාසල් දැරිය යාපනයේදී සමූහ දූෂණයට ලක්කොට ඝාතනය කිරීමේ සිද්ධියේ චූදිතයින් 7 දෙනෙකුට මරණ දඬුවම හිමිවුණා. යාපනය...
https://sandunarosha.blogspot.com/2017/09/7.html
ශිවයෝගනාදන් විද්‍යා නමැති පාසල් දැරිය යාපනයේදී
සමූහ දූෂණයට ලක්කොට ඝාතනය කිරීමේ සිද්ධියේ චූදිතයින් 7 දෙනෙකුට මරණ දඬුවම
හිමිවුණා.
යාපනය මහාධිකරණයේදී ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල
මෙම තීන්දුව ප්‍රකාශයට පත්කළේ ඒකමතිකවයි.
සියලුදෙනා
දැඩි සෝදිසියකට ලක්කරමින් ආරක්ෂාව තරකර තිබූ යාපනය මහාධිකරණයට අද සුවිශේෂී දිනයක්
වූයේ රටේ මහත් ආන්දෝලනයකට තුඩුදුන් විද්‍යා ඝාතන නඩුවේ තීන්දුව අද ප්‍රකාශයට
පත්වීම හේතුවෙන්.
ශිවයෝගනාදන් විද්‍යා දැරියගේ මව අද පෙරවරුවේ
මෙලෙස අධිකරණ ශාලාවට ඇතුල්වුණා.
පිටු 332 කින්
සමන්විත නඩු තීන්දුව මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා විසින් ප්‍රකාශයට
පත්කළේ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලේ අනෙක් විනිසුරුවරුන් දෙපස සිටියදී.
නඩුවේ චූදිතයින් |
මහලිංගම්
සෂීකුමාර් හෙවත් සුවිස් කුමාර් ඇතුළු විත්තිකරුවන් 7 දෙනෙකුට ස්ත්‍රී දූෂණයකට
කුමන්ත්‍රණය යන චෝදනාව එල්ලවෙද්දී ඔවුන්
අතුරින් සිව්දෙනෙකුට සමූහ දූෂණය හා ඝාතන චෝදනා ද එල්ල වුණා.
රජයේ
සාක්ෂිකරුවන් වූ විත්තිකරුවන් මෙහිදී දෙදෙනකු නිදෝස්කොට නිදහස් කෙරුණා.
මරණ දඬුවම
ලබාදිමේ තීන්දුවට එකඟ වෙමින් මහාධිකරණ විනිසුරු මානික්කවාසගර් ඉලන්චේලියන් මහතා
පැවසුවේ පිටු 345 කින් යුත් වෙනත් තීන්දුවක් ප්‍රකාශයට පත්කළා.
නඩු විභාගය
අතරතුරදී විනිසුරු ඉලන්චේලියන් මහතා ප්‍රසිද්ධියට පත්වූයේ ඔහුට එල්ලවූ වෙඩි ප්‍රහාරයක්
හේතුවෙන්.
විනිසුරුවරයා
සිය තීන්දුවේ සඳහන් කර ඇත්තේ ඝාතන සිද්ධියෙන් පසු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන්
මහත්මියගේ ක්‍රියාකලාපය සිය දෝෂදර්ශනයට ලක්වන බවයි.
විමර්ශන පමාව
නිසා යාපනය මූලස්ථාන පොලිසියේ අපරාධ අංශය ද විනිසුරුවරයාගේ විවේචනයට ලක්වූ අතර,
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඔහුගේ ප්‍රශංසාව හිමිවුණා.
එම
විමර්ශනවලදී හෙලිවූයේ විද්‍යා දැරියට සිදුකළ අපයෝජන රූගත කර විදෙස් පුද්ගලයින්ට
අලෙවිකර ඇති බැවින් මෙය ජාත්‍යන්තර වශයෙන් සැලසුම්කළ අපරාධයක් බවයි.
අවසානයේ ත්‍රිපුද්ගල
විනිසුරු මඬුල්ලේ ඒකමතික තීන්දුවක් ලෙස සුවිස් කුමාර් ඇතුළු චූදිතයින් 7 දෙනෙකුට
මරණදඩුවම නියම වුණා.
සුවිස් කුමාර් ඇතුළු 7ක් පෝරකයට |
ඊට අමතරව
විත්තිකරුවන් සත්දෙනාම විද්‍යා දැරියගේ පවුලට රුපියල් මිලියනය බැගින් වන්දි ගෙවිය
යුතු අතර, ඔවුන්ට දඩ මුදලක්ද නියම කෙරුණා.
2015 වසරේ මැයි මස 13 වැනි දින ශිවයෝගනාදන් විද්‍යා
සමූහ දූෂණයට ලක්කොට ගෙලමිරිකා මරාදමා තිබුණේ ඇය යාපනය - පුංගුඩිතිව් පාසලට යමින්
සිටියදී.
ඒවන විට ඇය වයස අවුරුදු 18 ක යුවතියක් වූ අතර, ඇගේ
මළසිරුර ගම්වාසීන්ට හමුවූයේ ලඳු කැලෑවක තිබියදී.
රාජ්‍ය ඇමති විජයකලා මහේෂ්වරන් |
සිද්ධිය සම්බන්ධයෙන් ඇතිවූ සැකයක් මත අද මරණ දඬුවම
හිමිවූ සුවිස් කුමාර් නමැත්තා ගම්වාසීන් විසින් අල්ලා ගස්බැඳ පහරදී පොලිසියට
භාරදුන්නා.
ස්විස් කුමාර්ට පැනයාමට ආධාර හා අනුබල දීමේ
චෝදනාමත එවක උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතා
අත්අඩංගුවට ගැනුණු අතර, රාජ්‍ය ඇමතනී විජයකලා මහේෂ්වරන් මහත්මියගෙන්ද
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කළා.
______________________________________________________________________________
පුවත්වල අන්තර්ගතය සහ මුලාශ්‍රය වෙනස් කිරිමකින් තොරව භාවිතා කිරිමට අවසර ඇත.
© 2015 සඳුන් අරෝෂ ප්‍රනාන්දු - සියලු හිමිකම් ඇවරිණි
යෝජනා සහ අදහස් : අන්තර්ජාල කතෘ