harskada

ඌව මැතිවරණය සම්බන්ධයෙන් විපක්ෂය ගොනු කළ පෙත්සම නිශ්ප්‍රභයි..

ඌව පළාත් සභාවේ මන්ත්‍රීධුර සංයුතිය වෙනස් කිරීමට එරෙහිව එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් කළ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය අද ප්‍රතික්ෂේප කළා. අගවිනි...

ඌව පළාත් සභාවේ මන්ත්‍රීධුර සංයුතිය වෙනස් කිරීමට එරෙහිව එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් කළ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය අද ප්‍රතික්ෂේප කළා.
අගවිනිසුරු මොහාන් පීරිස් මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල තීරණය කළේ, මන්ත්‍රී ධූර සංඛ්‍යාව සම්බන්ධයෙන් තිරණ ගැනිමට මැතිවරණ කොමසාරිස්වරයාට බලය ඇති බවයි.



විපක්ෂය විසින් මෙම පෙත්සම ගොනු කළේ, 21 ක් වු  බදුල්ල දිස්ත්‍රීක්කයේ  මන්ත්‍රී ධූර සංඛ්‍යාවෙන් 3ක් ඉවත් කර  එය මොණරාගලට එක්කිරිමට මැතිවරණ කොමසාරිස්වරයා ගත් තිරණය අභියෝගයට ලක් කරමින්.
ඊට විසඳුමක් ලැබෙන තුරු ඌව පළාත් සභා මැතිවරණය සඳහා නාම යෝජනා කැඳවීම තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ද  එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන්  පෙත්සම ඉදිරිපත් කළ , බදුල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා ඉල්ලා තිබුණා.
එය අද අගවිනිසුරු මොහාන් පිරිස් මහතා ප්‍රමුඛ ත්‍රී-පුද්ගල විනිසුරු මඬුල්ලක් ඉදිරියේ කැඳවූ අවස්ථාවේ දී වගඋත්තරකාර පාර්ශවය කරුණු ඉදිරිපත් කළා.
මැතිවරණ කොමසාරිස් වෙනුවෙන් පෙනී සිටි නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් පෙන්වා දුන්නේ මැතිවරණ කොමසාරිස්වරයා විසින් තීරණය කරන ලද එම සංඛ්‍යාව 1988 අංක 02 දරන පළාත් සභා පනතේ 03 වන වගන්තිය යටතේ හා 2004 අංක 05 පළාත් සභා සංශෝධිත පනතින් සංශෝධිත පළාත් සභා පනතේ 3/3 උප වගන්තිය යටතේ නිවැරදිව තීරණය කළ බවයි.    එම්.එම්. මොහොමඩ් - නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්
ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම විභාගයට නොගෙනම නිශ්ප්‍රභ කිරීමට  තීරණය කළා.
අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පෙත්සම්කාර පාර්ශ්වය සදහන් කළේ 40,000 කට එක් මන්ත්‍රිධුරයක් ලබාදිය යුතුය යන මුල් පනතේ වගන්තිය ශ්‍රේෂ්ඨාධිකරණය පිළි නොගත් බවයි.  
 40,000 කට එකක් කියන එක වෙනස් කරන්න බෑ. ඒක පනතේ අනිවාර්යයෙන් ම තියෙන එකක්. දැන් බලන්න තිබුණේ 40,000 ට තීරණය කරලා ඉතුරුවක් තියෙනවාද කියලා. ඒක තමයි ඇත්තටම අදහස් කරන්නේ. ඉතුරුවක් තියෙනවානම් තවද කියන එක උඩ ඉඩම්වලට යම්කිසි ප්‍රමාණයක් බෙදන්න පුළුවන් ද කියලා. නමුත්, ඒ තර්කය උසාවිය පිළිගත්තේ නෑ. උසාවි තීන්දුව දැන් අවසන්. අපි ඒක පිළි අරගෙන ජයග්‍රහණය කිරීමේ මාර්ගයේ ඉදිරියටම යනවා. -        ජෝසෆ් මයිකල් පෙරේරා - උප නායක,එක්සත් ජාතික පක්ෂය

Related

ශ්‍රේෂ්ඨාධිකරණය 5985822833340573247

Post a Comment Disqus Comments

Advertisement

Sandun Arosha on Twitter

- ඇසි දිසි -

- රූ සර -

10th RAIGAM TELE'ES – 2013


Labels

#100My3Days #27protesters #BondScam #hrc30 #hrc32 #jurnoTips #KoslandaLandslide #MY3 #POPEINSL #PresPollSL #SocialMediaBan #බැඳුම්කර_වංචාව Arjun Mahendran asylum seeker Bond scam C V VIGNESWARAN CBSL CBSL Governor facebook GOMA google street view india india pm Jayalalithaa Kandy unrest Logos Hope Mangala Samaraweera mangla samarweera News Room Management O Panneerselvam Perpetual Treasuries Pope Francis Ravinatha Aryasinha Sirisena Spot fine sri lanka Sri Lanka Earth slip Sri Lanka Navy Tamil Nadu Top Story UK UN UNHRC USA Vice Admiral Sirimevan Ranasinghe Vidya case verdict අගවිනිසුරු අග්‍රාමාත්‍ය අජි – නෝ – මොටෝ අතුරුදන් වූවන් පිළිබද කොමිසම අධිකරණය අධ්‍යපනය අනුර කුමාර දිසානායක අමීෂා රාජපක්ෂ අලුත්ගම ආරක්ෂක ආර්ථික ඇමරිකාව ඉඩම් ඉන්දියාව උපුල් ජයසුරිය ඌව පළාත් සභා මැතිවරණය එක්සත් ජාතික පක්ෂය එක්සත් ජාතීන් එල්.ටී.ටී.ඊ. ඒ.එච්.එම්. ෆවුසි ඒ.එල්.රත්නපාල ඕස්ට්‍රේලියාව කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ කමලේශ් ශර්මා ක්‍රීඩා ක්සත් ජාතීන් ගිහාන් පිලපිටිය.අධිකරණය ගෝඨාභය රාජපක්ෂ චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපතිවරණය - 2015 ජපානය ජයලලිතා ජයරාම් ජෝන් කෙරී ඥාණසාර ටයර් හන්දිය ඩී.ඒ. කරුණාදාස තමිල්නාඩු තවීෂ පීරිස් තාක්ෂණික දකුණු අප්‍රිකාව දෙමල දේශපාලන නයිජිරියාව නරේන්ද්‍ර මෝදි නවතම නවුසර් ෆවුසි නිමල් ගමගේ නිශාන්ත සිල්වා නීතීඥ නිමල් පුංචිහේවා පළාත් පාලන ආයතන පාලිත කොහොන පොදුරාජ්‍ය මණ්ඩලය පොලිසිය බොරිනි ප්‍රොනෝ බ්‍රිතානය මංගල සමරවීර මහින්ද රාජපක්ෂ මහේස්ත්‍රාත් රංග දිසානායක මානව හිමිකම් මානව හිමිකම් කොමිෂන් සභාව මෛත්‍රිපාල සිරිසේන මෛත්‍රීපාල සිරිසේන මොහාන් පීරිස් රනිල් වික්‍රමසිංහ රවීන්ද්‍ර විජේගුණරත්න රිය අනතුර.සී.සී.ටී.වී. දර්ශන ලෝකය විනෝදාත්මක වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය ශිරන්ති රාජපක්ෂ ශිරානි බණ්ඩාරනායක ශ්‍රී ලංකා නීතීඥ සංගමය ශ්‍රේෂ්ඨාධිකරණය ෂින්ෂෝ අබේ සරණාගතයින් සිරිලිය සවිය සිරිල් රම්පෝසා සී.වී. විග්නේෂ්වරන් සෙයිද් අල් හුසේන් සෞඛ්‍ය ස්ථානීය දඩ මුදල් ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හරීන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ

Hot in week

Recent

Comments

madura

Madura English-Sinhala Dictionary

Powered by www.maduraonline.com

Side Ads

Text Widget

Connect Us

item