පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට ජනාධිපතිවරයාගේ සහභාගිත්වය නැහැ.
https://sandunarosha.blogspot.com/2014/07/blog-post_22.html
ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝහීදි හෙට ආරම්භ වන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට ජනාධිපති
මහින්ද රාජපක්ෂ මහතා සහභාගි නොවීමට තීරණය කර තිබෙනවා.
ඒ.එෆ්.පී. පුවත් සේවය වාර්තා කළේ ක්‍රියාකාරීන් පිරිසක්
ජනාධිපතිවරයාගේ පැමිණීමට එරෙහිව එරටදී උද්ඝෝෂණය කිරීමට සූදානම්ව ඇති බැවින් මෙම
තීරණය ගෙන ඇති බවයි.
කෙසේ වෙතත් අප මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ජනාධිපති ප්‍රකාශක
මොහාන් සමරනායක මහතා සදහන් කළේ එවන් සංචාරයක් සැලසුම්කර නොතිබූ බවයි.
රටවල් 53 කින් සමන්විත පොදු රාජ්‍ය මණ්ඩලයේ සභාපතිධුරය හොබවන්නේ
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතායි .