ලෝක කුසලාන තරගාවලිය සංවිධානය කිරීමට එරෙහිව වසර 7 ක් තිස්සේ පැවැති විරෝධතා සහ වැඩවර්ජන සියල්ලම නිමාවට පත්කරමින් 12 වැනිදා ආරම්භ වූ පාපන්...
ලෝක කුසලාන තරගාවලිය සංවිධානය කිරීමට එරෙහිව වසර 7 ක් තිස්සේ පැවැති විරෝධතා සහ වැඩවර්ජන සියල්ලම නිමාවට පත්කරමින් 12 වැනිදා ආරම්භ වූ පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ පළමු තරගයේදීම ක්‍රොඒෂියාව පරාජය කරමින් ගෝල 3-1 ක පහසු ජයක් ලබාගැනීමට සත්කාරක රට වන බ‍්‍රසීලය සමත් විය.
ඇතැම් අවස්ථාවලදී එය බ‍්‍රසීලයේ හොඳම පාපන්දු කී‍්‍රඩාව ලෙස නොපෙනුනද ඔවුන් නියම රිද්මයට පැමිණි කල්හි කිසිවකුට ඔවුන් නතර කරනු තබා ඒ ගැන සිතීමටවත් නොහැකි විය.
අද්වීතීය ප‍්‍රහාරකයා වන නෙයිමාර් සහ උද්යෝගිමත් භාවයේ කැඩපතක් බඳු ඔස්කා එක්ව තරගය ගල ග‍්‍රහයෙන් ගෙන ජයග‍්‍රහණය ගැන සිහින දකිමින් සිටි ක්‍රෙඒෂියානු පිලෙන් ඈතට ඇදගෙන ගියහ.
තරගය ආරම්භ වී 11 වැනි විනාඩියේදී ආරක්‍ෂක කී‍්‍රඩක මාර්සෙලෝගේ පාදයේ වැදී බ‍්‍රසීල දළ තුළට වැදුණු පන්දුව ක්‍රොඒෂියානු පිලට අනපේක්‍ෂිත ගෝලයක් දුන්නෙන් බ‍්‍රසීලය පරාජය කිරීමට සිහින දකිමින් සිටි ක්‍රොඒෂිනුවන්ගේ බලාපොරොත්තු හදිසියේම ලියළා, දළු ලමින් වැඩෙන්නට විය. එහෙත් 1-0 ක් ලෙසින් පෙරමුණේ සිටි ක්‍රොඒෂියානුවන්ට බ‍්‍රසීල පිලේ ප‍්‍රහාරකයා වන නෙයිමාර් අමතක විය.
ගෝලය ඉදිරිපිට හතරැුස් කොටුවෙන් පිටත සිටම අදහිය නොහැකි පහරකින් තරගය සමකළ නෙයිමාර් දෙවැනි අර්ධයේදී ඉතාමත් පහසු දඬුවම් පහරකින් තවත් ගෝලයක් ලබාගනිමින් බ‍්‍රසීලය පෙරමුණට ගෙන ආවේය.
අවශ්‍ය විටෙක නියමිත වේලාවක් පන්දුව නවතා ගනිමින්ද, නැවත වරක් ප‍්‍රතිවාදීන් මුළා කරමින්ද, අති විශිෂ්ට ආකාරයෙන් පන්දුව රැුගෙන ගිය මැද පෙළ කී‍්‍රඩක ඔස්කා තුන්වැනි ගෝලය ලබාගත්තේ සා ඕ පාවුලෝ නුවර කොරින්තියන්ස් කී‍්‍රඩාංගණයට රැස්ව සිටි 62,103 ක කී‍්‍රඩාලෝලීන්ගේ උන්මාදනීය ඔල්වරසන් හඬ මැදිනි.
පාපන්දු කී‍්‍රඩාවේ අධ්‍යාත්මික නිවහන ලෙස ලෝ පුරා හැඳින්වෙන බ‍්‍රසීලයට පාපන්දු ලෝක කුසලාන පැමිණි අවස්ථාවේදී, ආරම්භක තරගයේදීම ගෝල දෙකක් ලබාගැනීම තරගයේ වීරයා වූ, තවමත් 22 හැවිරිදි නෙයිමාර් සිහිනෙන් පවා නොපැතූ දෙයකි.
”මට සතුට උහුළා ගන්න බෑ. සතුටුයි..සතුටුයි....සතුටුයි....මේක මගේ සිහිනයකවත් තිබුණ දෙයක් නෙමේ” යයි තරගයේ වීරයා වාර්තාකරුවන්ට පැවසීය.
”අප නිවැරදි පියවරෙන්, ජයග‍්‍රහණයකින්, පටන් ගත්තා”
”එහි ගෞරවය මුළු කණ්ඩායමටම ලැබෙන්න ඕනෑ.....ඔවුන් කිසි කලබලයක් නැතිව, පසුපසින් ඇවිදින් තරගය ජයග‍්‍රහණය කළා” යයිද නෙයිමාර් පැවසීය.