මේ වන විට ත්‍රිකුණාමලයේ කැමැත්ත 25%යි - කොළඹ 50% යි
ජනතාව ඡන්ද විමසීම ආරම්භ වූ අවස්ථාවේ සිට දැඩි උනන්දුවකින් සිය ඡන්දය භාවිත කිරීම සඳහා ඡන්ද මධ්‍යස්ථාන වෙත පැමිණෙමින් සිටින ආකාරය දක්නට ලැ...
https://sandunarosha.blogspot.com/2015/01/25-50.html
ජනතාව ඡන්ද විමසීම ආරම්භ වූ අවස්ථාවේ සිට දැඩි උනන්දුවකින් සිය ඡන්දය භාවිත කිරීම සඳහා ඡන්ද මධ්‍යස්ථාන වෙත පැමිණෙමින් සිටින ආකාරය දක්නට ලැබෙන බව දිවයින පුරා රැඳී සිටින අද දෙරණ වාර්තාකරුවන් පවසයි.
2015 වසරේ ජනාධිපතිවරණයේ ජන්ද විමසීමේ කටයුතු අද උදෑසන 07 ට ආරම්භ වුණා.
එම කටයුතු පස්වරු 04 දක්වා ක්‍රියාත්මකය.
මේ අතර ඡන්දය භාවිතා කිරීමට යෑමේ දී ජාතික හැඳුනුම්පත හෝ මැතිවරණ කොමසාරිස්වරයා විසින් පිළිගනු ලැබු අනන්‍යතා පත්‍රයක් රැගෙන යෑම අනිවාර්ය බව මැතිවරණ මහලේකම් කාර්යාලය දැනුම් දෙයි.
මේ අතර අද(08) පෙරවරුවේ සැලකිය යුතු ඡන්ද දායකින් පිරිසක් ඡන්දය ප්‍රකාශ කර තිබු බව දිස්ත්‍රික්ක තේරිම්භාර නිලධාරීන් පවසයි.
අද පෙරවරු 10.00 පමණ වන විට බොහෝ දිස්ත්‍රික්කවල ඡන්ද දායකයින් ගෙන් 20% කට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර තිබු බව සඳහන්ය.
මහනුවර ,බදුල්ල, කෑගල්ල සහ මාතලේ දිස්ත්‍රික්කවල ඡන්ද දායකයින්ගෙන් 40% ක ප්‍රතිශතයක් අද පෙරවරු 10.00 පමණ වන විට ඡන්දය ප්‍රකාශ කර තිබූ බව දිස්ත්‍රික්ක තේරිම්භාර නිලධාරීවරු පවසයි.
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඡන්ද දායකයන්ගෙන් 37% ක පිරිසක් අදාළ කාලය තුළ ඡන්දය ප්‍රකාශ කර තිබූ බව සඳහන්ය.
ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඡන්ද දායකයින්ගෙන් 20% ක් 27% ක් අතර ප්‍රතිශතයක් අදාළ කාලය තුළ ඡන්දය ප්‍රකාශ කර තිබු බව එම නිලධාරීවරුන් පවසයි.
කුරුණෑගල දිස්ත්‍රික්කයේ ද 32% ක ඡන්ද දායකයින් පිරිසක් අද පෙරවරුවේ ඡන්දය ප්‍රකාශ කර තිබුණි.
එසේම නුවරඑළිය දිස්ත්‍රික්කයේ මේ වන විට ප්රකාෂිත ඡන්ද ප්‍රතිශතය 45ක් වන අතර ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ 25% මේ වන විට ඡන්දය ප්‍රකාශ කර ඇති බව එම දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් සඳහන් කරයි.
තවද කොළඹ දිස්ත්‍රික්කයේ 50% ට අධික ඡන්ද චායකයින් මේ වන විට ඡන්දය ප්‍රකාශ කර ඇති බවද කෑගල්ල දිස්ත්‍රීක්කයේ 45% මේ වන විට ඡන්දය ප්‍රකාශ කර ඇති බව එම දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් පවසයි.