නයිජිරියාවේදී පැහැරගත් ලාංකිකයා නිදහස් ..
නයිජිරියාවේදී සන්නද්ධ කණ්ඩායමක් පැහැරගත් ශ්‍රි ලාංකික සිවිල් ඉංජිනේරුවරයා නිදහස් කර තිබෙනවා. ඒ, ඔහු සේවය කළ ඉදිකිරීම් සමාගම මගින් අදා...
ෂෙනාලි රත්නසේකර - පැහැර ගත් පුද්ගලයාගේ දියණිය- ගොඩක් ආසාවෙන් මම තාත්තිගේ Voice එක ඇහුවේ. දවස් 5කින් විතර ආපුවහම පොඩ්ඩක් දුකක් හිතුවා. මොකද එයා ගොඩක් දුක් විඳින්න ඇති වෙච්ච දේත් එක්ක.
දින 9ක් කප්පම්කරුවන්ගේ ග්‍රහණයේ සිටි කරුණාදාස මහතා කප්පම් මුදල ගෙවා ඊයේ නිදහස් කර ගෙන ඇත්තේ ඔහු කළමනාකාරවරයෙකු ලෙස සේවය කරන බොරිනි ප්‍රොනෝ නැමැති ඉතාලි ඉදිකිරීම් සමාගම මගින්.
කරුණාදාසගේ බිරිඳ
- ඒක අපිට කිව්වේ නැහැ. ඒක යන්නේ කම්පැණියයි, ඩිරෙක්ටයි අතර විතරයි. ඒක අපේ මහත්තයාවත් දන්නේ නැහැ.
ෂෙනාලි රත්නසේකර - පැහැර ගත් පුද්ගලයාගේ දියණිය- කොහොමත් එයාගේ අදහස තියෙන්නේ එහේ ඉන්න නෙවෙයි මෙහෙට එන්න. ඉතින් කවදා එයිද කියලා අපි ටතාම පිළිතුරක් නැහැ. එයා එනකං තමයි අපි බලන් ඉන්නේ.