භායානක රිය අනතුරකට මුහුණ දුන් සිසුවිය දිවි ගලවා ගනී.රියදුරු පලා යයි ...WATCH LIVE CCTV VISUALS
කැලණිය - ටයර් හන්දිය අසළ දී පාසල් සිසුවියක් අනතුරට පත්කර පළා ගිය ත්‍රිරෝද රථ රියැදුරෙකු පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා. ඒ, මෙම අනතුර සට...
https://sandunarosha.blogspot.com/2015/05/blog-post_26.html
කැලණිය
- ටයර් හන්දිය අසළ දී පාසල් සිසුවියක් අනතුරට පත්කර පළා ගිය ත්‍රිරෝද
රථ රියැදුරෙකු පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.
ඒ, මෙම
අනතුර සටහන්ව තිබූ සී.සී.ටී.වී. දර්ශන නිරීක්ෂණය කිරීමෙන් අනතුරුවයි.
කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ කැලණිය - දළුගම ටයර්
හන්දිය අසළ දී මෙම අනතුර සිදුවූයේ ඊයේ පස්වරුවේයි.
අනතුරට සිසුවිය මුහුණ දෙන අවස්ථාවේදී පදික
මාරුවට පිටුපසින් අනෙකුත් වාහන නවත්වා තිබුණ ද, මාර්ගයේ කෙළවරේ ධාවන තීරුවේ
පැමිණි ත්‍රිරෝද රථය එය අනුගමනය කරන්නේ නැහැ.
පසෙක පදික වේදිකාවේ සිටින පුද්ගලයෙකු ද ත්‍රිරෝද රථය
නවත්වන ලෙස සංඥා කළ ද පැමිණි අධික වේගය හේතුවෙන් ත්‍රිරෝද රථය සිසුවිය අනතුරට
පත් කරනවා.
අනතුරින් පසු ත්‍රිරෝද රථ රියදුරු පළා යන
අතර, ඔහු පිටුපසින් යතුරුපැදිකරුවෙකු ලුහුබැඳ යනවා.
අනතුර දුටු කන්ටේනර් රථ රියදුරු පළා ගිය ත්‍රිරෝද රථයේ අංකය අසළ සිටි
පිරිසට ලබා දීමට පියවර ගත්තා.
ඒ අනුව එම
ස්ථානයේ සිටි පුද්ගලයින් කිහිපදෙනෙකු හා
පොලීසිය පළා ගිය ත්‍රිරෝද රථය පසුපස ගිය ද එම උත්සාහය ව්‍යාර්ථ වී තිබෙනවා.
කෙසේ වෙතත්, පසුව සැකකරු පොලිස් අත්අඩංගුවට පත්
වන්නේ මෙම දර්ශන පරීක්ෂා කිරීමෙන් අනතුරුවයි.
මෙම අනතුරට මුහුණ දුන් කැලණිය - දළුගම - වේවැල්දූව
පාරේ පදිංචි සංසලා දිව්‍යාංජලී නමැති දැරිය පසුව රෝහල් ගත කෙරුණා.
ශාන්ත ෆ්‍රැන්සිස් විද්‍යාලයේ 7 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන ඇය බරපතළ තුවාළ ලබා නැහැ.