harskada

ශිරන්ති රාජපක්ෂගෙන් ප්‍රශ්න කිරීම කතානායක නිල නිවසේදී

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳවන ශිරන්ති රාජපක්ෂ මහත්මියගෙන් පොලිස් මූල්‍ය වංචා විමර්ශන කොට්ඨාසය අද ප්‍රකාශයක් ලබාගත්තා. ඒ ...

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳවන ශිරන්ති රාජපක්ෂ මහත්මියගෙන් පොලිස් මූල්‍ය වංචා විමර්ශන කොට්ඨාසය අද ප්‍රකාශයක් ලබාගත්තා.
, හිටපු ජනාධිපති බිරිඳගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වූ සිරිලිය සවිය රාජ්‍ය නොවන සංවිධානයේ බැංකු ගිණුම්වල සිදු වූ බව පැවසෙන අක්‍රමිකතා සම්බන්ධවයි.




 හිටපු ජනාධිපතිවරයාගේ බිරිඳ, ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ අදහසකට අනුව ආරම්භ වූ සිරිලිය සවිය රාජ්‍ය නොවන සංවිධානය සිය මූල්‍ය ගනුදෙනු සිදු කළේ මහජන බැංකුවේ සුදුවැල්ල ශාඛාවේ විවෘත කළ ගිණුමක් හරහායි.
එම ගිණුමේ සිදු වූ අක්‍රමිකතාවයක් සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය වංචා විමර්ශන කොට්ඨාසය පරීක්ෂණ ආරම්භ කළ අතර එහි එක් අදියරයක් ලෙස අද ශිරන්ති රාජපක්ෂ මහත්මිය එම කොට්ඨාසය වෙත කැඳවනු ලැබුවා.
ඒ අනුව රාජපක්ෂ මහත්මිය අද පෙරවරුවේ ඒ සදහා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත පැමිණීමට පිටත් වුණේ මේ ආකාරයෙන්.
ඇයගේ පැමිණීම බලාපොරොත්තුවෙන් මාධ්‍යවේදීන් පෙරවරුවේ සිටම එම ස්ථානයේ රැදී සිටියත් රාජපක්ෂ මහත්මිය එම ස්ථානයට පැමිණියේ නැහැ.
ඒ වෙනුවට රාජපක්ෂ මහත්මිය කතානායක නිල නිවසේදී අදාළ ප්‍රකාශය ලබා දුන් බව ඇගේ මාධ්‍ය සම්බන්ධීකරණ නිලධාරී අනෝමා වැලිවිට මහත්මිය සදහන් කළා.

-         පිරිසක් මූල්‍ය අපරාධ කොට්ඨාසය අවට කලහකාරී ලෙස හැසිරුණා.  එම නිසා රාජපක්ෂ මහත්මියගේ ආරක්ෂාව සලකමින් ඇගේ ප්‍රකාශය විශේෂ ස්ථානයකදී  ලබා ගත්තා.
-    ප්‍රශ්නය  - ඕනෑම කෙනෙකු මෙවැනි ඉල්ලීමක් සිදුකළ විටදී එලෙස වෙනත් ස්ථානයකදී ප්‍රකාශය ලබා දිය හැකිද?
-         මාධ්‍ය ප්‍රකාශක - එහෙම බැහැ විමර්ශන නිලධාරීන්ගේ අනුමැතිය මත තමයි එය සිදුකළ හැක්කේ.

සිරිලිය සවිය ගිණුමේ මුදල් ලබා ගැනීමේ බලය පවරා තිබුණේ දෙකේ ඉලක්කම් 9ක් ඇති ජාතික හැදුනුම්පතේ අංකයක් හිමි ටී. රාජපක්ෂ හා එකේ ඉලක්කම් නවයක් ඇති ජාතික හැඳුනුම්පත් අංකයක් හිමි ඒ.එම්.ජේ.ඒ. කුමාරි යන අයවළුන්ටයි. 
මේ සම්බන්ධයෙන්  ශිරාණි රාජපක්ෂ මහත්මියගේ මාධ්‍ය සම්බන්ධීකරණ නිලධාරීවරියගෙන් විමසූ අතර ඇය පැවසුවේ එය අදාළ බැංකුවේ වරදක් බවයි.
අනෝමා වැලිවිට - ශිරන්ති රාජපක්ෂගේ මාධ්‍ය සම්බන්ධීකරණ නිලධාරී-         ඒ ගොල්ලෝ ඇතුළත් කරපු දත්ත තමයි මේ තියෙන්නේ. ඕක ෆෝම් එක මට ෆිල් කරන්න බැහැනේ. ඒකේ මැනේජර් සහ එතන ඉන්න කට්ටිය තමයි ඒ දේවල් දන්නේ. අපි නෙමේ. අපිට තියෙන්නේ අපි ගිහිල්ලා අත්සන් කරන තැන් කිව්වාම අත්සන් කරනවා. ෆිල් කරන ඒවා කරන්නේ ඒ ආයතනය.
සිරිලිය සවිය ගිණුමේ මේ වන විට රුපියල් මිලියන 43.8 ක මුදලක් ඇති අතර, එම සංවිධානය අංක 111201 යටතේ රාජ්‍ය නොවන සංවිධානයක් වශයෙන් මෙරට ලියාපදිංචිකර තිබෙනවා.
එහි ලියාපදිංචි ලිපිනය කාල්ටන් බංගලාව, තංගල්ල වන අතර දුරකතන අංකය 011 47 33 200 ලෙස සදහන්.
මේ  එම දුරකතන අංකයට ඇමතුමක් දුන් විට ලැබුණු ප්‍රතිචාරයයි.
 ප්‍රශ්නය - ආයුබෝවන් මේ සිරිලිය සවිය ආයතනයද?
-         නැහැ මේ ජනාධිපති මන්දිරයයි.
මේ අතර, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ලිපි ශීර්ෂය යටතේ මේ සම්බන්ධයෙන් අද පස්වරුවේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කෙරුණා.
උපුටා ගැනීම -
  සිරිලිය සවිය සංවිධානය දේශීය හා විදේශීය මූල්‍ය හා ද්‍රව්‍යමය පරිත්‍යාග මත කටයුතු කරයි. මෙහි කටයුතු සදහා රජයේ මුදල් හෝ දේපළ කිසිවක් භාවිතා වී නැති බවත්,  ශිරන්ති රාජපක්ෂ මහත්මිය මූල්‍ය අපරාධ කොට්ඨාශයට දැනුම් දී සිටියාය.

-         සිරිලිය සවිය බැංකු ගිණුම් අත්හිටුවීමේ හේතුවෙන් එම සංවිධානයේ මූල්‍ය ආධාර ලබමින් සිටි රෝගීන් තිදෙනෙකු මේ වනවිට මියගොස් තිබෙන බව ආරංචි වූ බව ද රාජපක්ෂ මැතිණිය මූල්‍ය අපරාධ කොට්ඨාශයට දැනුම් දී තිබුණි.

-         බැංකු ගිණුම ආරම්භ කරන අවස්ථාවේදී බැංකුවට ශිරන්ති රාජපක්ෂ මැතිණියගේ විදේශ ගමන් බලපත්‍රයේ පිටපතක් සපයනු ලැබූ අතර, සෙසු බලධාරීන් දෙදෙනා වන කේ.එච්.ඒ.එන්. ජීවනී කුමාරි මැතිණියත්, එස්.කේ.කේ. දිසානායක මැතිණියත් තම ජාතික හැඳුනුම්පත්වල පිටපත් බැංකුවට සපයා තිබුණි.
-         අදාළ පුද්ගලයින් තිදෙනාගේ නම් සහ ලිපිනයන් නිවැරදිව සදහන් වුණත්, බැංකුවේ පරිගණක පද්ධතියට ජාතික හැදුණුම්පත් අංක ඇතුළත් කිරීමේදී යම්කිසි අතපසුවීමක් සිදුවී ඇති බව පෙනේ. 

උපුටා ගැනීම අවසන්...

Related

සිරිලිය සවිය 6726557844600344084

Post a Comment Disqus Comments

Advertisement

Sandun Arosha on Twitter

- ඇසි දිසි -

- රූ සර -

10th RAIGAM TELE'ES – 2013


Labels

#100My3Days #27protesters #BondScam #hrc30 #hrc32 #jurnoTips #KoslandaLandslide #MY3 #POPEINSL #PresPollSL #SocialMediaBan #බැඳුම්කර_වංචාව Arjun Mahendran asylum seeker Bond scam C V VIGNESWARAN CBSL CBSL Governor facebook GOMA google street view india india pm Jayalalithaa Kandy unrest Logos Hope Mangala Samaraweera mangla samarweera News Room Management O Panneerselvam Perpetual Treasuries Pope Francis Ravinatha Aryasinha Sirisena Spot fine sri lanka Sri Lanka Earth slip Sri Lanka Navy Tamil Nadu Top Story UK UN UNHRC USA Vice Admiral Sirimevan Ranasinghe Vidya case verdict අගවිනිසුරු අග්‍රාමාත්‍ය අජි – නෝ – මොටෝ අතුරුදන් වූවන් පිළිබද කොමිසම අධිකරණය අධ්‍යපනය අනුර කුමාර දිසානායක අමීෂා රාජපක්ෂ අලුත්ගම ආරක්ෂක ආර්ථික ඇමරිකාව ඉඩම් ඉන්දියාව උපුල් ජයසුරිය ඌව පළාත් සභා මැතිවරණය එක්සත් ජාතික පක්ෂය එක්සත් ජාතීන් එල්.ටී.ටී.ඊ. ඒ.එච්.එම්. ෆවුසි ඒ.එල්.රත්නපාල ඕස්ට්‍රේලියාව කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ කමලේශ් ශර්මා ක්‍රීඩා ක්සත් ජාතීන් ගිහාන් පිලපිටිය.අධිකරණය ගෝඨාභය රාජපක්ෂ චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපතිවරණය - 2015 ජපානය ජයලලිතා ජයරාම් ජෝන් කෙරී ඥාණසාර ටයර් හන්දිය ඩී.ඒ. කරුණාදාස තමිල්නාඩු තවීෂ පීරිස් තාක්ෂණික දකුණු අප්‍රිකාව දෙමල දේශපාලන නයිජිරියාව නරේන්ද්‍ර මෝදි නවතම නවුසර් ෆවුසි නිමල් ගමගේ නිශාන්ත සිල්වා නීතීඥ නිමල් පුංචිහේවා පළාත් පාලන ආයතන පාලිත කොහොන පොදුරාජ්‍ය මණ්ඩලය පොලිසිය බොරිනි ප්‍රොනෝ බ්‍රිතානය මංගල සමරවීර මහින්ද රාජපක්ෂ මහේස්ත්‍රාත් රංග දිසානායක මානව හිමිකම් මානව හිමිකම් කොමිෂන් සභාව මෛත්‍රිපාල සිරිසේන මෛත්‍රීපාල සිරිසේන මොහාන් පීරිස් රනිල් වික්‍රමසිංහ රවීන්ද්‍ර විජේගුණරත්න රිය අනතුර.සී.සී.ටී.වී. දර්ශන ලෝකය විනෝදාත්මක වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය ශිරන්ති රාජපක්ෂ ශිරානි බණ්ඩාරනායක ශ්‍රී ලංකා නීතීඥ සංගමය ශ්‍රේෂ්ඨාධිකරණය ෂින්ෂෝ අබේ සරණාගතයින් සිරිලිය සවිය සිරිල් රම්පෝසා සී.වී. විග්නේෂ්වරන් සෙයිද් අල් හුසේන් සෞඛ්‍ය ස්ථානීය දඩ මුදල් ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හරීන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ

Hot in week

Recent

Comments

madura

Madura English-Sinhala Dictionary

Powered by www.maduraonline.com

Side Ads

Text Widget

Connect Us

item