නයිජිරියාවේදී සන්නන්ධ කණ්ඩායමක් විසින් පැහැරගත් ශ්‍රි ලාංකිකයා ඉක්මනින් නිදහස් කර ගැනීමට හැකිවනු ඇති බවට තමන් විශ්වාස කරන බව එරට ශ්‍රි ලංකා...
නයිජිරියාවේදී
සන්නන්ධ කණ්ඩායමක් විසින් පැහැරගත් ශ්‍රි ලාංකිකයා ඉක්මනින් නිදහස් කර ගැනීමට හැකිවනු
ඇති බවට තමන් විශ්වාස කරන බව එරට ශ්‍රි ලංකා
වැඩබලන මහ කොමසාරිස් ඒ.එල්.රත්නපාල
මහතා පවසනවා.
හිරු
ප්‍රවෘත්ති කළ විමසීමකදී ඔහු සදහන් කළේ පැහැර ගැනුණු ඩී.ඒ. කරුණාදාස මහතා සමග
නයිජිරියානු ආරක්ෂක අංශ නිරන්තරයෙන් අදහස්
හුවමාරු කර ගනිමින් සිටින බවයි.
VIDEO
68 හැවිරිදි ඩී.ඒ. කරුණාදාස
වේයන්ගොඩ - මොට්ටුන්න ප්‍රදේශයේ
පදිංචිව සිටි 68 හැවිරිදි ඩී.ඒ. කරුණාදාස මහතා පසුගිය අගහරුවාදා පැහැර ගැනීමට
ලක්වූයේ නයිජිරියාවේ ඔන්ඩෝ සහ කෝගී ප්‍රාන්ත මායිමේදි.
ඒ, ඔහු කළමනාකාරවරයෙකු
ලෙස සේවය කරන බොරිනි ප්‍රොනෝ නැමැති ඉතාලි ඉදිකිරීම් සමාගම සදහා ව්‍යාපෘතියක්
ලබාගැනීමට යන අතරතුරේදීයි.
එහිදී කරුණාදාස
මහතාගේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරීයා ද ඝාතනය කර ඇති අතර, තුවාල ලැබූ රියදුරු
ඔන්ඩෝ ප්‍රාන්තයේ වෛද්‍ය මධ්‍යස්ථානයක ප්‍රතිකාර ලබනවා.
කරුණාදාස පැහැරගත්
කල්ලිය ඔහු නිදහස් කිරීමට නම් කෝටි 50 ක කප්පම් මුදලක් ඉල්ලා සිටින්නේ ඔහු
සේවය කරන ඉතාලි ඉදිකිරීම් සමාගමෙන්.
ඔහුගේ ඥාතීන් හිරු ප්‍රවෘත්ති
වෙත සදහන් කළේ මෙම මුදල අවශ්‍ය කුමන මුදල් ඒකකයකින් ද යන්න කප්පම්කරුවන් සදහන් නොකළ බවයි.
එක්දරු පියෙකු වන ඩි.ඒ.
කරුණාදාස මහතා සිවිල් ඉංජිනේරුවරයෙකු ද වන අතර, ඔහු නයිජිරියාවේ සේවය කරන්නේ වසර
35 ක පමණ කාලයක සිටයි.
කරුණාදාස මහතා බේරාගැනීම
සදහා නයිජීරියාවේ ශ්‍රි ලංකා මහ කොමසාරිස් කාර්යාලය මේ වන විට අවශ්‍ය කටයුතු
කරමින් සිටින බව එහි වැඩබලන මහකොමසාරිස්වරයා ප්‍රකාශ කළා.
ඒ.එල්. රත්නපාල - වැඩබලන මහ කොමසාරිස් නයිජිරියාවේ ශ්‍රී ලංකාවේ මහ
කොමසාරිස් කාර්යාලය -
මේ සම්බන්ධයෙන් අපි
විවිධ පැතිවලින් මැදිහත් වෙලා තියෙනවා. නමුත් ඒ පිළිබද විස්තර කියන්න අපහසුයි. ඒක
ආරක්ෂාවට සහ නිදහස් කර ගැනීමේ ක්‍රියාවලියට බාධාවක්. නමුත් අපිට ඉතාම විශ්වාසයක්
තියෙනවා ඔහුව නුදුරේදීම නිදහස් කර ගැනීමට හැකි බව-
නයිජිරියාව මෙවනි පුද්ගල
පැහැරගැනීම් නිරන්තරයෙන් සිදුවන රාජ්‍යයක්.
පුද්ගල පැහැරගැනීම් නිරන්තරයෙන්