ගූගල් ස්ට්‍රීට් වීව් සේවාව ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි.
http://sandunarosha.blogspot.com/2016/03/google-maps-street-view-launches-sri-lanka.html
ගූගල් ස්ට්‍රීට් වීව් සේවාව අද ශ්‍රී ලංකාවට
හඳුන්වා දුන්නා.
ඒ අනුව ශ්‍රී ලංකාවේ ප්‍රධාන නගර හා මංමාවත් රැසක්
මෙම සේවාව හරහා අංශක 360 ක කෝණයකින් නැරඹිය හැකියි.
අලිමංකඩ ඔස්සේ රුවන්වැලි සෑය නරඹමින් කොළඹ - නුවර ප්‍රධාන මාර්ගය ඔස්සේ ගාලු මුවදොර පිටිය වෙත ඔබ මීට පෙර ගමන්කර නොමැති වුවත්, අද ශ්‍රී ලංකාවට හඳුන්වාදුන් ගූගල් ස්ට්‍රීට් වීව් හරහා එම අත්දැකීම ඔබට විඳගත හැකියි.
මෙම සේවාව හඳුන්වාදුන්
ලොව 67 වන රට ශ්‍රී ලංකාව වන අතර, පරිගණකය, ටැබ් හෝ ස්මාර්ට් ජංගම
දුරකථනවල ස්ට්‍රීට් වීව් සේවාව ක්‍රියාත්මකයි.
maps.google.lk වෙබ් අඩවියට
පිවිස ඔබට නැරඹීට අවශ්‍ය ස්ථානය සොයා දකුණු පහළ කෙළවරේ ඇති මිනිස් රුව එබීමෙන්
ගූගල් ස්ට්‍රීට් වීව් නැරඹිය හැකියි.
ගූගල් මැප්ස් යෙදුම
හරහා ද ස්ට්‍රීට් වීව් ක්‍රියාත්මක අතර දැනට සේවාව ක්‍රියාත්මක මාර්ග නිල්
පැහැයෙන් වර්ණ ගන්වා තිබෙනවා.

ගූගල් සමාගම සඳහන්
කරන්නේ දැනට ශ්‍රී ලංකාව පුරා කිලෝමීටර් 50,000 කට අධික දුරක් ගූගල් ස්ට්‍රීට්
වීව් සේවාව හරහා ආවරණය කර ඇති බවයි.