ශිරාණි යළි පත්විම නිත්‍යානුකූළ ද?
යළි සිය ධුරයේ වැ ඩ භාරගත් ශ්‍රි ලංකාවේ 43 වන අගවිනිසුරු ආචාර්ය ශිරානි බණ්ඩාරනායක මහත්මියව ධුරයෙන් ඉවත් කරන...
https://sandunarosha.blogspot.com/2015/01/blog-post_28.html
යළි සිය ධුරයේ වැඩ භාරගත් ශ්‍රි ලංකාවේ 43 වන අගවිනිසුරු ආචාර්ය ශිරානි බණ්ඩාරනායක මහත්මියව ධුරයෙන් ඉවත් කරන්නේ මතභේදාත්මක දෝෂාභියෝග ක්‍රියාවලියකින් පසුවයි.
දෝෂාභියෝගයකින් ශිරාණි බණ්ඩාරනායක මහත්මිය ඉවත් කිරිමෙන් පසු අගවිනිසුරුවරයෙකු ධුරයේ සිටියදි ඇය මෙලෙස යළි අගවිනිසුරු ධුරයේ පිහිටුවීමට සම්බන්ධයෙන් පවතින නිත්‍යානුකූළ තත්ත්වය කුමක්ද?
2011 වසරේදී එවක ජනපති මහින්ද රාජපක්ෂ මහතා විසින්
අග්‍රවිනිශ්චකාර ධුරයට ආචාර්ය ශිරානි බණ්ඩාරනායක මහත්මිය පත් කරන්නේ ශ්‍රි ලංකාවේ 43 වන අගවිනිසුරු ලෙසින්. (2012.05.18)
කෙසේ වෙතත්, ඉන් වසරකුත් මාස
6කට පසුව ඇයට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන එනවා.
එහි චෝදනා 14 අතරට මුල්‍ය තොරතුරු හෙළිනොකිරීම, බලය අනිසි භාවිත කිරීම හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව
නොසලකා හැරීම යන ආදිය ඇතුළත්.
එකී චෝදනා අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මිය ප්‍රතික්ෂේප කරන පසුබිමක
චෝදනා විභාගයට ගැනෙන්නේ මන්ත්‍රිවරුන් 11 දෙනෙකුගෙන් යුත් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් හමුවේයි.
එම තේරීම් කාරක සභාවට විරෝධය පළ කරමින් විපක්ෂ මන්ත්‍රිවරුන් සිව් දෙනා ද
අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මිය ද සභාවෙන් ඉවත්ව යනවා. (2013.01.07)
කෙසේ වෙතත්,රජය නියෝජනය කරන සෙසු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්
තීරණය කරන්නේ අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝග චෝදනා පහෙන් තුනක් ඔප්පු
වූ බවටයි. ( 2012.12.08 )
නමුත්, අභියාචනාධිකරණය අගවිනිසුරුවරිය ගොනු කළ පෙත්සමකට
තීන්දුව ලබා දෙමින් තේරීම් කාරක සභා වාර්තාව නිශ්ප්‍රභ කරමින් නියෝගයක් නිකුත් කළා. (2013.01.07)
එදින අභියාචනාධිකරණ
සභාපති ශ්‍රී ස්කන්දරාජා ප්‍රමුඛ විනිසුරු මඩුල්ල සදහන් කළේ දෝෂාභියෝගය විභාග කළ
පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 78- ඒ වගන්තිය ව්‍යවස්ථාවට
පටහැනි බවයි.
(2013.01.03)
මෙම තීන්දුව සමගින් දෝෂාභියෝගයට එරෙහි විරෝධතා විවිධ කණ්ඩායම් දියත් කළ ද (2013.01.09) අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය
පාර්ලිමේන්තුවේදි සම්මත වන්නේ වැඩි ඡන්ද 106 කින්. (2013.1.11)
ඉන් දින 4කට පසුව නීතිපති ධුරයේ ද කටයුතු කළ මොහාන් පීරිස්
මහතා 44 වන අගවිනිසුරු ලෙස එවක ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දෙනවා.
(2013.01.15)
කෙසේ වෙතත් ශ්‍රි
ලංකා නීතිඥ සංගමය ප්‍රකාශ කළේ, 44 වන අගවිනිසුරුවරයා ලෙස මොහාන් පිරිස් මහතා පිළි
නොගන්නා බවයි.
අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය
තීරණය කරන්නේ අභියාචනාධිකරණය පාර්ලිමේන්තු තේරීම් කාරක වාර්තාව බල රහිත කරමින්
ලබාදුන් තීන්දුව අහෝසි කිරිමටයි. (2014.02.21)
ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන්
මෙම තින්දුව මත ඇතැම් නීති පාර්ශ්ව තර්ක කරන්නේ ශිරාණි බණ්ඩාරනායක මහත්මිය 43 වන අගවිනිසුරුවරිය ලෙස යළි වැඩ භාර ගැනීම නිත්‍යානුකූළ
නොවන බවයි.
මේ
අතර, ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින්
පවසන්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 107/2 වගන්තියට අනුව ශිරාණි
බණ්ඩාරනායක මහත්මිය ධුරයෙන් පහ කළ මොහාන් පීරිස් මහතා අග විනිසුරු ධුරයට පත් කිරීම
නිත්‍යානුකූළ නොවන බවයි.
නිවේදනයට
අනුව රජයේ මතය වන්නේ ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය අගවිනිසුරු ධුරයෙන් ඉවත්
කරන ලෙස ඉල්ලීම, ඉවත් කිරීම හා කලායැයි පැවසෙන පත් කිරීම ආරම්භයේ
සිටම බල ශූන්‍ය ක්‍රියාවක් බවයි.
පුවත්වල අන්තර්ගතය සහ මුලාශ්‍රය වෙනස් කිරිමකින් තොරව භාවිතා කිරිමට අවසර ඇත.
© 2015 සඳුන් අරෝෂ ප්‍රනාන්දු - සියලු හිමිකම් ඇවරිණි
යෝජනා සහ අදහස් : අන්තර්ජාල කතෘ