harskada

මෝදිට ලංකාව ගැන විශ්වාසයක්.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණය තුළින් ශ්‍රී ලංකාවේ සාමය, සංහිදියාව සහ සංවර්ධනය තවදුරටත් වැඩිදියුණු වනු ඇති බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පවසනවා.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මේ අදහස් පළ කළේ අද පස්වරුවේ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා සමග පැවති ද්විපාර්ශ්වීය සාකච්ඡාවේදීයි.

විදේශ කටයුතු අමාත්‍ය ධුරයට පත්වීමෙන් පසු සිය පළමු නිල සංචාරයට එක්වන අමාත්‍ය මංගල සමරවීර මහතා, ඉන්දීය අග්‍රාමාත්‍ය නිල නිවසේදී නරේන්ද්‍ර මෝදි මහතා හමුවුණා.
ඉතා උණුසුම් ලෙස ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයා පිළිගත් මෝදි මහතා, ශ්‍රී ලංකා නව ජනාධිපතිවරයාට සහ අග්‍රාමාත්‍යවරයාට සුබ පැතුවා.
මෙවර ජනාධිපතිවරණය ජාත්‍යන්තර හා කලාපීය වැදගත්කමකින් යුත් බව පැවසූ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සදහන් කළේ වෙනසක් හා එකමුතුකම වෙනුවෙන් ශ්‍රී ලංකාවාසීන් සිය ඡන්දය භාවිතා කළ බවයි.



ශ්‍රී ලංකා රජයේ සහ ජනතාවගේ අභිලාෂයන් සාක්ෂාත් කර ගැනීමට සැබෑ අසල්වාසියෙකු ලෙස ඉන්දියාව අඛණ්ඩවම සහය දෙන බවට මෙහිදී  නරේන්ද්‍ර මෝදි මහතා ප්‍රතිඥා දුන්නා.


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ පියවර නිවැරැදියි 


ඔහු එහිදී ප්‍රකාශ කළේ පියවර කිහිපයකින් පවා පුද්ගලයෙකුගේ දිශාව නිගමනය කළ හැකි බවයි.
ඒ අනුව ශ්‍රී ලංකාවේ නව නායකත්වය, දේශපාලන සංහිදියාව සහ සහයෝගීතාවය, පෙරදැරිකරගත්  සියලු හඩ නියෝජනය කරන සැබෑ ශ්‍රී ලංකා රජයක් කරා ගෙන යනු ඇති බව මෙහිදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නා.


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හැකි ඉක්මනින් ඉන්දියාවට පැමිණේයැයි බලාපොරොත්තුවෙන් සිටින ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සදහන් කළේ තමන්ද ඉදිරියේදී ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට සූදානමින් සිටින බවයි. 

________________________________________________________________________________
පුවත්වල අන්තර්ගතය සහ මුලාශ්‍රය වෙනස් කිරිමකින් තොරව භාවිතා කිරිමට අවසර ඇත.
© 2015 සඳුන් අරෝෂ ප්‍රනාන්දු - සියලු හිමිකම් ඇවරිණි

යෝජනා සහ අදහස් : අන්තර්ජාල කතෘ

Related

Sri Lanka aims to demilitarise island by 2018

COLOMBO (AFP) - Sri Lanka intends to become completely demilitarised by 2018, the government said Wednesday (July 6), a significant announcement that will end the army's involvement in civilian life ...

Post a Comment Disqus Comments

Advertisement

Sandun Arosha on Twitter

- ඇසි දිසි -

- රූ සර -

10th RAIGAM TELE'ES – 2013


Labels

#100My3Days #27protesters #BondScam #hrc30 #hrc32 #jurnoTips #KoslandaLandslide #MY3 #POPEINSL #PresPollSL #SocialMediaBan #බැඳුම්කර_වංචාව Arjun Mahendran asylum seeker Bond scam C V VIGNESWARAN CBSL CBSL Governor facebook GOMA google street view india india pm Jayalalithaa Kandy unrest Logos Hope Mangala Samaraweera mangla samarweera News Room Management O Panneerselvam Perpetual Treasuries Pope Francis Ravinatha Aryasinha Sirisena Spot fine sri lanka Sri Lanka Earth slip Sri Lanka Navy Tamil Nadu Top Story UK UN UNHRC USA Vice Admiral Sirimevan Ranasinghe Vidya case verdict අගවිනිසුරු අග්‍රාමාත්‍ය අජි – නෝ – මොටෝ අතුරුදන් වූවන් පිළිබද කොමිසම අධිකරණය අධ්‍යපනය අනුර කුමාර දිසානායක අමීෂා රාජපක්ෂ අලුත්ගම ආරක්ෂක ආර්ථික ඇමරිකාව ඉඩම් ඉන්දියාව උපුල් ජයසුරිය ඌව පළාත් සභා මැතිවරණය එක්සත් ජාතික පක්ෂය එක්සත් ජාතීන් එල්.ටී.ටී.ඊ. ඒ.එච්.එම්. ෆවුසි ඒ.එල්.රත්නපාල ඕස්ට්‍රේලියාව කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ කමලේශ් ශර්මා ක්‍රීඩා ක්සත් ජාතීන් ගිහාන් පිලපිටිය.අධිකරණය ගෝඨාභය රාජපක්ෂ චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපතිවරණය - 2015 ජපානය ජයලලිතා ජයරාම් ජෝන් කෙරී ඥාණසාර ටයර් හන්දිය ඩී.ඒ. කරුණාදාස තමිල්නාඩු තවීෂ පීරිස් තාක්ෂණික දකුණු අප්‍රිකාව දෙමල දේශපාලන නයිජිරියාව නරේන්ද්‍ර මෝදි නවතම නවුසර් ෆවුසි නිමල් ගමගේ නිශාන්ත සිල්වා නීතීඥ නිමල් පුංචිහේවා පළාත් පාලන ආයතන පාලිත කොහොන පොදුරාජ්‍ය මණ්ඩලය පොලිසිය බොරිනි ප්‍රොනෝ බ්‍රිතානය මංගල සමරවීර මහින්ද රාජපක්ෂ මහේස්ත්‍රාත් රංග දිසානායක මානව හිමිකම් මානව හිමිකම් කොමිෂන් සභාව මෛත්‍රිපාල සිරිසේන මෛත්‍රීපාල සිරිසේන මොහාන් පීරිස් රනිල් වික්‍රමසිංහ රවීන්ද්‍ර විජේගුණරත්න රිය අනතුර.සී.සී.ටී.වී. දර්ශන ලෝකය විනෝදාත්මක වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය ශිරන්ති රාජපක්ෂ ශිරානි බණ්ඩාරනායක ශ්‍රී ලංකා නීතීඥ සංගමය ශ්‍රේෂ්ඨාධිකරණය ෂින්ෂෝ අබේ සරණාගතයින් සිරිලිය සවිය සිරිල් රම්පෝසා සී.වී. විග්නේෂ්වරන් සෙයිද් අල් හුසේන් සෞඛ්‍ය ස්ථානීය දඩ මුදල් ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හරීන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ

Hot in weekRecentComments

Hot in week

Recent

Comments

madura

Madura English-Sinhala Dictionary

Powered by www.maduraonline.com

Side Ads

Text Widget

Connect Us

item