harskada

හිතා මතා අසත්‍ය ප්‍රකාශ කළ ජාතික රූපවාහිනියට මැකෝගෙන් පාඩමක්

අද ඡන්ද දිනයේ ජාතික රූපවාහිනිය අමු පට්ට කෙප්ප ප්‍රචාරය කිරීම හේතුවෙන් කිපුණු මැතිවරණ කොමසාරිස් වරයා ජාතික රූපවාහිනියට සදාචාරය සහ මැතිවරණ...


අද ඡන්ද දිනයේ ජාතික රූපවාහිනිය අමු පට්ට කෙප්ප ප්‍රචාරය කිරීම හේතුවෙන් කිපුණු මැතිවරණ කොමසාරිස් වරයා ජාතික රූපවාහිනියට සදාචාරය සහ මැතිවරණ නීති කියා දීම සඳහා මීට ස්වල්ප මොහොතකට පෙර සිය කාර්යාලයෙන් නික්මී ජාතික රූපවාහිනිය වෙත ගියේය.
කොමසාරිස් වරයාගේ කෝපයට හේතු වූයේ සජිත් ප්‍රේමදාස විසින් කරන ලද පැමිණිල්ලකි. සජිත් ප්‍රේමදාස අද මැදමූලන මරාට සහාය පළ කිරීම සඳහා අරලිය ගහ මැදුරට ගියේ යයි අමු බොරු ප්‍රවෘත්තියක් ජාතික රූපවාහිනියවිසින් ප්‍රචාරය කෙළේය. එ් සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස මැතිවරණ කොමසාරිස් වරයාට පැමිණිලි කරන ලදී.
රූපවාහිනී සංස්ථාවට ගිය කොමසාරිස්වරයා එහි සභාපති හමුවී වහාම එම ප්‍රවෘත්තිය අසත්‍යයක් බව ප්‍රචාරය කරන ලෙස තරයේ අවවාද කර ඇති අතර අද දිනයේද යුද්දය සම්බන්ධ වාර්තා වැඩ සටහනක් ප්‍රචාරය කරමින් ඡන්දයට බලපෑම් කිරීමටද අවවාද කර තිබේ. නිල ඡන්ද ප්‍රතිඵල ප්‍රචාරය අත්හිටුවන බවට අවවාද කළ කොමසාරිස් වරයා ‘ඒ ටික කර ගන්නද හදන්නේ‘ යයි පවසා තමා යලිත් පැමිණෙන බවද පවසා සංස්ථාවෙන් පිටත්ව ගියේය. පසුව රූපවාහිනිය තම ප්‍රවෘත්තිය අසත්‍යයක් බව ප්‍රචාරය කෙළේය. ලංකා ඉතිහාසයේ මෙවැනි අශෝබන  ක්‍රියාවක් කළ ප්‍රථම ආයතනය රූපවාහිනී සංස්ථාවයි. එහි සභාපති වරයා විමල් රුබසිංහ නම් ගෝතයෙක් වන අතර ඔහු හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ආරිය රුබසිංහගේ සොයුරෙකි.
මැතිවරණ දිනයේ සිදුකරන නීති විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් අදාල ආයතන සීල් තැබීමට පවා මැතිවරණ කොමසාරිස් වරයාට නීතිමය බලය තිබේ.
ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී ඡන්දය යනු කෙනෙකුගේ කැමැත්ත බවත් කැමැත්ත බලෙන් හෝ හොරෙන් ගත නොහැකි බවත් හොර ඡන්දය දමන අයගේ ඔළුවට ම වෙඩි තබන්නැයි පොලිිසියට කියා ඇතැයිද මැතිවරණ කොමසාරිස් පැවසුවේය.
ඡන්ද පොළ ආරක්ෂාව පිළිබඳ අදහස් දැක්වූ කොමසාරිස්වරයා කියා සිටියේ පොලිසියට තම බලය යෙදවීමට හැකියාව පවතින බවයි.
මාධ්‍යවේදියකු මේ අවස්ථාවේ දී විමසා සිටියේ පොලිසියට අවම බලය භාවිතා කිරීමට උපදෙස් දී ඇති බැවින් කලබල ඇතිකිරීමට උත්සාහ ගන්නේ නම් දණහිසෙන් පහළට වෙඩි තැබීමට ඔවුන්ට අවසර ලැබෙන්නේ ද යන්නයි. එහිදී අදහස් දැක්වූ මැතිවරණ කොමසාරිස්වරයා මෙසේ කීවේය.
‘‘ අවම බලය කියලා දෙයක් දැන් නැහැ. දැන් තියෙන්නේ අවශ්‍ය බලය. දණ හිසෙන් පහළට වෙඩි තියන්නේ මොකට ද ? ඡන්දය බලෙන් දාන්න හරි කලබල කරන්න හරි ආවොත් දණ හිසෙන් පහළට වෙඩි තියලා වැඩක් නැහැ ඔළුවටම වෙඩි තියන්න ඕනේ. “
මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මේ වන විට මහින්ද ජනතාප්‍රිය පුද්ගලයෙක් වී සිටී.
-ලංකා ඊ නිව්ස්

Related

නවතම 8069805600283916987

Post a Comment Disqus Comments

Advertisement

Sandun Arosha on Twitter

- ඇසි දිසි -

- රූ සර -

10th RAIGAM TELE'ES – 2013


Labels

#100My3Days #27protesters #BondScam #hrc30 #hrc32 #jurnoTips #KoslandaLandslide #MY3 #POPEINSL #PresPollSL #SocialMediaBan #බැඳුම්කර_වංචාව Arjun Mahendran asylum seeker Bond scam C V VIGNESWARAN CBSL CBSL Governor facebook GOMA google street view india india pm Jayalalithaa Kandy unrest Logos Hope Mangala Samaraweera mangla samarweera News Room Management O Panneerselvam Perpetual Treasuries Pope Francis Ravinatha Aryasinha Sirisena Spot fine sri lanka Sri Lanka Earth slip Sri Lanka Navy Tamil Nadu Top Story UK UN UNHRC USA Vice Admiral Sirimevan Ranasinghe Vidya case verdict අගවිනිසුරු අග්‍රාමාත්‍ය අජි – නෝ – මොටෝ අතුරුදන් වූවන් පිළිබද කොමිසම අධිකරණය අධ්‍යපනය අනුර කුමාර දිසානායක අමීෂා රාජපක්ෂ අලුත්ගම ආරක්ෂක ආර්ථික ඇමරිකාව ඉඩම් ඉන්දියාව උපුල් ජයසුරිය ඌව පළාත් සභා මැතිවරණය එක්සත් ජාතික පක්ෂය එක්සත් ජාතීන් එල්.ටී.ටී.ඊ. ඒ.එච්.එම්. ෆවුසි ඒ.එල්.රත්නපාල ඕස්ට්‍රේලියාව කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ කමලේශ් ශර්මා ක්‍රීඩා ක්සත් ජාතීන් ගිහාන් පිලපිටිය.අධිකරණය ගෝඨාභය රාජපක්ෂ චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපතිවරණය - 2015 ජපානය ජයලලිතා ජයරාම් ජෝන් කෙරී ඥාණසාර ටයර් හන්දිය ඩී.ඒ. කරුණාදාස තමිල්නාඩු තවීෂ පීරිස් තාක්ෂණික දකුණු අප්‍රිකාව දෙමල දේශපාලන නයිජිරියාව නරේන්ද්‍ර මෝදි නවතම නවුසර් ෆවුසි නිමල් ගමගේ නිශාන්ත සිල්වා නීතීඥ නිමල් පුංචිහේවා පළාත් පාලන ආයතන පාලිත කොහොන පොදුරාජ්‍ය මණ්ඩලය පොලිසිය බොරිනි ප්‍රොනෝ බ්‍රිතානය මංගල සමරවීර මහින්ද රාජපක්ෂ මහේස්ත්‍රාත් රංග දිසානායක මානව හිමිකම් මානව හිමිකම් කොමිෂන් සභාව මෛත්‍රිපාල සිරිසේන මෛත්‍රීපාල සිරිසේන මොහාන් පීරිස් රනිල් වික්‍රමසිංහ රවීන්ද්‍ර විජේගුණරත්න රිය අනතුර.සී.සී.ටී.වී. දර්ශන ලෝකය විනෝදාත්මක වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය ශිරන්ති රාජපක්ෂ ශිරානි බණ්ඩාරනායක ශ්‍රී ලංකා නීතීඥ සංගමය ශ්‍රේෂ්ඨාධිකරණය ෂින්ෂෝ අබේ සරණාගතයින් සිරිලිය සවිය සිරිල් රම්පෝසා සී.වී. විග්නේෂ්වරන් සෙයිද් අල් හුසේන් සෞඛ්‍ය ස්ථානීය දඩ මුදල් ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හරීන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ

Hot in week

Recent

Comments

madura

Madura English-Sinhala Dictionary

Powered by www.maduraonline.com

Side Ads

Text Widget

Connect Us

item