බුද්ධි අංශ ඉතා වැදගත් - ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ
https://sandunarosha.blogspot.com/2014/11/blog-post_27.html
කලාපීය ගැටලු මැඩලීමට බුද්ධි අංශවල කාර්යභාරය ඉතා
වැදගත් බව ආරක්ෂක සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා
පවසනවා.
ඔහු මේ අදහස් පළ කළේ අද කොළඹදී ආරම්භ වූ දකුණු සහ
අග්නිදිග ආසියාතික ජාතීන්ගේ ආරක්ෂක ප්‍රධානී සමුළුව අමතමින්.
දකුණු සහ අග්නිදිග
ආසියාතික රටවල්වල ආරක්ෂක ප්‍රධානීන්ගේ
සහභාගිත්වයෙන් මෙම සමුළුව පැවැත්වෙන ප්‍රථම වරටයි.
මේ සදහා සාක් කලාපයේ
සාමාජික රටවල් අටේ ආරක්ෂක ප්‍රධානීන් සහ ආසියානු සංවිධානයේ රටවල් 10 ක ආරක්ෂක ප්‍රධානීන්
එක්ව සිටිනවා.
චීනය සහ රුසියාව සමුලුවට එක්වන්නේ නිරීක්ෂක රටවල්
ලෙසින්.
උත්සවයේ ප්‍රධාන
ආරාධිතයා ලෙස සහභාගි වූ ආරක්ෂක සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය
රාජපක්ෂ මහතා සමාරම්භක සැසිය ඇමතුවා.
දකුණු හා අග්නිදිග ආසියාතික රටවලට බලපා ඇති ප්‍රධාන ගැටලුව නම් මිනිසුන් ජාවාරම් කිරීම, මත්ද්‍රව්‍ය හා ත්රස්තවාදයයි. අපි ආර්ථික සංවර්ධනය හා සමෘද්ධිය කරා යන ගමනේදී මේ ගැටලු මැඩලීම ඉතා වැදගත්. ඒ සදහා අපට තිබෙන ඉතා වැදගත්ම ආයුධය තමයි බුද්ධි අංශ. බුද්ධි අංශයන් ඉතා හොදින්ම ක්‍රියාකාරී වන්නේ ඔවුන් ලබා ගන්නා තොරතුරු රටවල් අතර හුවමාරු කිරීම තුළයි. ඒ හුවමාරුකර ගැනීම හමුදාවන්ට, නීතිය ක්‍රියාත්මක කරන ආයතන ආදී ජාතික ආරක්ෂාව තහවුරු කරන ආයතනවලට වැදගත්වනවා. එවිට ඔවුන්ට හැකියාව ලැබෙනවා කලාපීය තර්ජනයන්ට මුහුණ දීම සදහා පෙර සූදානමක් ඇති කර ගැනීමට.- ගෝඨාභය රාජපක්ෂ - ලේකම්ආරක්ෂක සහ නාගරික සංවර්ධන අමාත්යාංශයසම්පූර්ණ කතාව
සියලු රූප
___________________________________________________________________________
පුවත්වල අන්තර්ගතය සහ මුලාශ්‍රය වෙනස් කිරිමකින් තොරව භාවිතා කිරිමට අවසර ඇත.
© 2014 සඳුන් අරෝෂ ප්‍රනාන්දු - සියලු හිමිකම් ඇවරිණි
යෝජනා සහ අදහස් : අන්තර්ජාල කතෘ