උතුරේ දේශපාලනමය නිදහස සීමා සහිතයි ... - සී.වී. විග්නේෂ්වරන්
https://sandunarosha.blogspot.com/2014/06/blog-post_1804.html
උතුරේ දේශපාලනමය නිදහස සීමා සහිතයි ... |
ශ්‍රී ලංකාවට එල්ලවන මානව හිමිකම් චෝදනා සම්බන්ධයෙන් සිදුකෙරෙන ජාත්‍යන්තර පරීක්ෂණයේ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මෙරටට පැමිණි එක්සත් ජාතීන්ගේ නියෝජිතයා සමග අදහස් හුවමාරුකරගත් බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතා පවසනවා.
ඔහු ප්‍රකාශ කළේ
අදාළ පරීක්ෂණයේ අවසන් වාර්තාව සෘණාත්මක වුවහොත් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග
පිළිබදවද එම නියෝජිතයා සමග සාකච්ඡා කළ බවයි.
උතුරු
පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී විග්නේෂ්වරන් මහතා මෙම අදහස් හුවමාරුකරගෙන ඇත්තේ
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දේශපාලන කටයුතු පිළිබද නියෝජ්‍ය මහ ලේකම් ඔස්කා
ෆර්නෑන්ඩර්ස් මහතා සමගයි.
එහිදී
අවධානයට යොමු වූ කරුණු පිළිබදව වාර්තාකරු මහ ඇමතිවරයා ගෙන් විමසා සිටියා.
- පසුගියදා මෙරටට පැමිණි එක්සත්
ජාතීන්ගේ සංවිධානයේ විශේෂ නියෝජිතයා සමග අපි කථා කළා. ඔහු මෙම සාකච්ඡාවට
පැමිණියේ ශ්‍රී ලංකාවේ හා උතුරේ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබදව අවබෝධයකින්.
යුද්ධය ක්‍රියාත්මක වූ අවසන් වකවානුවේ සිදු වූ සිද්ධීන් හා එහි විනිවිද භාවය
සම්බන්ධයෙන් අපි යම් යම් කරුණු ඔහුට පෙන්වා දුන්නා. 13 වන සංශෝධනය සම්බන්ධයෙන්ද
අපේ පාර්ශ්වයෙන් අපි කරුණු ඉදිරිපත් කළා. එම
සංශෝධනයේ ඇතුළත් ඇතැම් කරුණු ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට ඇති බාධාවන් පිළිබදව
ඇති බාධාවන්ද අපි ඔහුට පෙන්වා දුන්නා.
--සී.වී. විග්නේෂ්වරන් - ප්‍රධාන අමාත්‍ය,උතුරු පළාත් සභාව
--සී.වී. විග්නේෂ්වරන් - ප්‍රධාන අමාත්‍ය,උතුරු පළාත් සභාව
උතුරු පළාතේ දේශපාලන
නිදහස තවමත් සීමාසහිත බවද මෙහිදී ප්‍රධාන
අමාත්‍යවරයා එක්සත් ජාතීන්ගේ නියෝජිතයාට පෙන්වා දී තිබෙනවා.
- ජාත්‍යන්තර පරීක්ෂණයකට ඉඩ දෙනවාද
නැද්ද යන්න පිළිබදව පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාව සම්බන්ධයෙන්ද ඔහු
දැනුවත්. ජාත්‍යන්තර පරීක්ෂණ වාර්තාව සෘණාත්මක වුවහොත් අනතුරුව සිදුවන්නේ කුමක්ද
යන්න අපගේ සාකච්ඡාවේදී අවධානයට ලක් වූ ප්‍රධාන කාරණයක්. ඒ වගේම උතුරු පළාත
තුළ යටිතල පහසුකම් සංවර්ධනය වී තිබුණත් දේශපාලනමය නිදහස සීමා වී තිබෙන බව අපේ
විශ්වාසයයි. ඒ සම්බන්ධයෙන් අපි ඔහුට කරුණු ඉදිරිපත් කළා.
-සී.වී. විග්නේෂ්වරන් - ප්‍රධාන අමාත්‍ය,උතුරු පළාත් සභාව
පුවත්වල අන්තර්ගතය සහ මුලාශ්‍රය වෙනස් කිරිමකින් තොරව භාවිතා කිරිමට අවසර ඇත.
© 2014 සඳුන් අරෝෂ ප්‍රනාන්දු - සියලු හිමිකම් ඇවරිණි
යෝජනා සහ අදහස් : අන්තර්ජාල කතෘ