harskada

පොලීසිය සම්බන්ධ ජනතා විශ්වාසය බිද වැටිලා - මානව හිමිකම් කොමිසම

"පොලීසිය සම්බන්ධ ජනතා විශ්වාසය  බිද වැටිලා " පොලීසිය සම්බන්ධයෙන් ජනතා විශ්වාසය බිදවැටී ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් ක...


"පොලීසිය සම්බන්ධ ජනතා විශ්වාසය  බිද වැටිලා "

පොලීසිය සම්බන්ධයෙන් ජනතා විශ්වාසය බිදවැටී ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පවසනවා.
එහි නීති අංශයේ අතිරේක ලේකම් නීතීඥ නිමල් පුංචිහේවා මහතා ප්‍රකාශ කළේ පොලීසියේ ඇතැම් ක්‍රියාවන් විහිළු සහගත තත්ත්වයකට පත්ව ඇති බවයි.
අද පෙරවරුවේ කොළඹදී පැවති උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව සදහන් කළා. 




පිටපත -

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේදී අද පෙරවරුවේ මෙම උත්සවය පැවැත්වුණේ වද හිංසාවන්ට ලක්වූවන්ට සහාය පළ කිරීමේ ජාත්‍යන්තර දිනය වෙනුවෙන්.
ඊට යුද හමුදාව, පොලීසිය හා බන්ධනාගාර ආරක්ෂක අංශ නියෝජනය කරමින් නිලධාරීන් එක්ව සිටියා.
එහිදී ප්‍රධාන දේශනය සිදු කරමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නීති අංශයේ අතිරේක ලේකම් නීතීඥ නිමල් පුංචිහේවා මහතා සදහන් කළේ 2006 - 2013 කාලයේදී තම කොමිසමට ලැබුණු පැමිණිලි 5191 න් සියයට 86.7 ක් ම පොලීසියට විරුද්ධව ලැබී ඇති බවයි.


     අපි මහනුවර සම්මන්ත්‍රණයක් තිබ්බා. ඒකෙදී අපි කිව්වා ඔය පොලිසියේ ගෞරවයටත් හොද නැහැ. මේ සමහර ක්‍රියාකාරකම්. අපරාධ කාරයෙක් අල්ලගන්නවා මෙන්න මාංචු දාගෙන, ආයුධ සන්නද්ධව හය හත් දෙනෙක් යනවා. අනේ ගියාම මේ මනුස්සයා එකපාරටම ගන්නවා බෝම්බයක්. රිවෝල්වරයක්. දැන් ඉතින් ආත්මාරක්ෂාවට වෙඩි තියනවා. මේ වගේ විකට රංගනයන්නම් පොලිස් ගෞරවයට හොද නෑ කියලා. එතකොට එක ඒ.එස්.පී. මහත්තයෙක් කිව්වා. ඒක පිළිගන්නවා සර්. හැබැයි මිනිස්සු අපෙන් ඒක බලාපොරොත්තු වෙනවා. මිනිස්සු බලාපොරොත්තු වෙන දේද වෘත්තිකයින් ක්‍රියා කරන්න ඕන. මහජනයාගේ මේ අදහස නිසා පොලීසියත් ඒ අනුව ක්‍රියාකරනව. ඒක හරිද? ඒ නිසා වෘත්තිකයන් හැටියට අපි ක්‍රියාකරද්දී වෘත්තික භාවයෙන් ක්‍රියාකරන්න ඕන. මිනිස්සු හෝ දේශපාලන හෝ ආකෘති උඩ නෙමෙයි. 
 නීතීඥ නිමල් පුංචිහේවා - අතිරේක ලේකම් (නීති)
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව 

අනතුරුව සභාවට ප්‍රශ්න ඇසීමේ අවස්ථාව හිමි වුණා.
ප්‍රශ්නය - මෑත කාලීනව වාර්තාවනවා කුරුණෑගල පොලිස් නිලධාරියෙකුට වෙඩි තැබීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු පොලිස් වෙඩි පහරින් මිය ගියා කියලා. මෙවැනි සිදුවීම් වෙන්න කලින් ඒවා වළක්වා ගැනීමට කිසියම් ආකාරයක ආකල්පමය වෙනසක් සිදුවිය යුතු නොවේ ද?පිළිතුර - යසන්ත කෝදාගොඩ - නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්-         ඔය ඔබතුමියගේ ප්‍රශ්නයට පිළිතුරු සැපයිය යුත්තේ ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්. ඇයි මෙහෙම දේවල් වෙන්න ඉඩ දෙන්නේ. මෙවැනි දෙයක් වුණාම ඇයි ඒ පිළිබදව බොරු කථා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්නේ. ඇයි එවැනි දේවල්වලට වගකිව යුතු අයට එරෙහිව ස්වාධීන අපරාධ පරීක්ෂණ පවත්වා නීතිය ක්‍රියාත්මක කරන්න නොකරන්නේ කියන එක ගැනනම් මට පිළිතුරු දෙන්න බැහැ. ශ්‍රී ලංකා රාජ්‍ය තන්ත්‍රයේ අවුරුදු 25 හමාරක් නියෝජනය කරන පුද්ගලයෙක් වුණාට.
අනතුරුව අදාළ රැස්වීම නියෝජනය කළ නියෝජ්‍ය පොලිස්පති වරයෙකුට මීට පිළිතුරු සපයන ලෙස මුලසුන යෝජනා කර සිටියා.

මුලසුන - මෙතන සිටින නියෝජ්‍ය පොලිස්පතිවරයාට මේ ගැන කියන්න පුළුවන් වේවි.
නියෝජ්‍ය පොලිස්පතිවරයා  - ඒක කියන්න ඕන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා.මුලසුන - මාධ්‍ය ප්‍රකාශකවරයා.... ඊළග වතාවේ අපි කැඳවමු... (සභාවේ සිනා) 





    ________________________________________________________________________________
    පුවත්වල අන්තර්ගතය සහ මුලාශ්‍රය වෙනස් කිරිමකින් තොරව භාවිතා කිරිමට අවසර ඇත.
    © 2014 සඳුන් අරෝෂ ප්‍රනාන්දු - සියලු හිමිකම් ඇවරිණි
    යෝජනා සහ අදහස් : අන්තර්ජාල කතෘ

    Related

    මානව හිමිකම් පරීක්ෂණවලට ආණ්ඩුවේ බාධා කිරීම් හෙළා දකිනවා – එ.ජා. මානව හිමිකම් මහකොමසාරිස්

    ශ්‍රී ලංකාවට එල්ල වන මානව හිමිකම් චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරන කමිටුවට ශ්‍රි ලංකාවට පැමිණීමට අවසර ලබාදෙන  ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබද මහ කොමසාරිස් සෙයිද් අල් හ...

    සුදු කොඩි සිද්ධිය පිළිබදව නව හෙළිදරව්වක්...

    එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් යටත්විය යුතු ආකාරය සදහන් කරමින් යුරෝපයේ රාජ්‍ය තාන්ත්‍රික අතරමැදියෙකුට යුද්ධයේ අවසන් සමයේදී තමන් කෙටි පණිවිඩයක් යොමු කළ බව, එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත...

    Post a Comment Disqus Comments

    Advertisement

    Sandun Arosha on Twitter

    - ඇසි දිසි -

    - රූ සර -

    10th RAIGAM TELE'ES – 2013


    Labels

    #100My3Days #27protesters #BondScam #hrc30 #hrc32 #jurnoTips #KoslandaLandslide #MY3 #POPEINSL #PresPollSL #SocialMediaBan #බැඳුම්කර_වංචාව Arjun Mahendran asylum seeker Bond scam C V VIGNESWARAN CBSL CBSL Governor facebook GOMA google street view india india pm Jayalalithaa Kandy unrest Logos Hope Mangala Samaraweera mangla samarweera News Room Management O Panneerselvam Perpetual Treasuries Pope Francis Ravinatha Aryasinha Sirisena Spot fine sri lanka Sri Lanka Earth slip Sri Lanka Navy Tamil Nadu Top Story UK UN UNHRC USA Vice Admiral Sirimevan Ranasinghe Vidya case verdict අගවිනිසුරු අග්‍රාමාත්‍ය අජි – නෝ – මොටෝ අතුරුදන් වූවන් පිළිබද කොමිසම අධිකරණය අධ්‍යපනය අනුර කුමාර දිසානායක අමීෂා රාජපක්ෂ අලුත්ගම ආරක්ෂක ආර්ථික ඇමරිකාව ඉඩම් ඉන්දියාව උපුල් ජයසුරිය ඌව පළාත් සභා මැතිවරණය එක්සත් ජාතික පක්ෂය එක්සත් ජාතීන් එල්.ටී.ටී.ඊ. ඒ.එච්.එම්. ෆවුසි ඒ.එල්.රත්නපාල ඕස්ට්‍රේලියාව කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ කමලේශ් ශර්මා ක්‍රීඩා ක්සත් ජාතීන් ගිහාන් පිලපිටිය.අධිකරණය ගෝඨාභය රාජපක්ෂ චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපතිවරණය - 2015 ජපානය ජයලලිතා ජයරාම් ජෝන් කෙරී ඥාණසාර ටයර් හන්දිය ඩී.ඒ. කරුණාදාස තමිල්නාඩු තවීෂ පීරිස් තාක්ෂණික දකුණු අප්‍රිකාව දෙමල දේශපාලන නයිජිරියාව නරේන්ද්‍ර මෝදි නවතම නවුසර් ෆවුසි නිමල් ගමගේ නිශාන්ත සිල්වා නීතීඥ නිමල් පුංචිහේවා පළාත් පාලන ආයතන පාලිත කොහොන පොදුරාජ්‍ය මණ්ඩලය පොලිසිය බොරිනි ප්‍රොනෝ බ්‍රිතානය මංගල සමරවීර මහින්ද රාජපක්ෂ මහේස්ත්‍රාත් රංග දිසානායක මානව හිමිකම් මානව හිමිකම් කොමිෂන් සභාව මෛත්‍රිපාල සිරිසේන මෛත්‍රීපාල සිරිසේන මොහාන් පීරිස් රනිල් වික්‍රමසිංහ රවීන්ද්‍ර විජේගුණරත්න රිය අනතුර.සී.සී.ටී.වී. දර්ශන ලෝකය විනෝදාත්මක වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය ශිරන්ති රාජපක්ෂ ශිරානි බණ්ඩාරනායක ශ්‍රී ලංකා නීතීඥ සංගමය ශ්‍රේෂ්ඨාධිකරණය ෂින්ෂෝ අබේ සරණාගතයින් සිරිලිය සවිය සිරිල් රම්පෝසා සී.වී. විග්නේෂ්වරන් සෙයිද් අල් හුසේන් සෞඛ්‍ය ස්ථානීය දඩ මුදල් ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හරීන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ

    Hot in weekRecentComments

    Hot in week

    Recent

    Comments

    madura

    Madura English-Sinhala Dictionary

    Powered by www.maduraonline.com

    Side Ads

    Text Widget

    Connect Us

    item