බැසිල් ලංකාවට ගෙන්වා ගැනීමට අධිකරණ නියෝගයක් - පොලිස් මාධ්‍ය ප්‍රකාශක
දිවිනැගුම දෙපාර්තමේන්තුව තුළ සිදුව තිබෙන මූල්‍ය අක්‍රමිකතා චෝදනා පිළිබඳව ප්‍රශ්න කිරීමට හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා යළි ...
https://sandunarosha.blogspot.com/2015/03/blog-post_25.html
දිවිනැගුම දෙපාර්තමේන්තුව තුළ සිදුව තිබෙන මූල්‍ය අක්‍රමිකතා චෝදනා පිළිබඳව ප්‍රශ්න කිරීමට හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා යළි දිවයිනට ගෙන්වා ගැනීමට කටයුතු කරන බව පොලීසිය අද ප්‍රකාශ කළා.
කොළඹ දී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සදහන් කළේ මේ සදහා අධිකරණ නියෝගයක් ගැනීමට කටයුතු කරන බවයි.
මූල්‍ය අපරාධ විමර්ශන
කොට්ඨාශය මගින් සිදුකළ පරීක්ෂණවලින් දිවිනැගුම දෙපාර්තමේන්තුවේ සිදුව ඇති
මූල්‍ය අක්‍රමිකතා කිහිපයක් අනාවරණය වී තිබෙනවා.
පාරිතෝෂිත මුදල් වංචා
කිරීම, ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සදහා දෙපාර්තමේන්තුවේ මුදල් වියදම් කිරීම හා
සම්මේලනයක් සදහා රුපියල් මිලියන 70ක් වැය කිරීම, ඒ අතර වනවා.
Sound up - රුවන් ගුණසේකර - සහකාර
පොලිස් අධිකාරී
පොලිස් මාධ්‍ය ප්‍රකාශක
-
ඒ සම්බන්ධයෙන් අපි දිවිනැගුම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්
රණවක මහතාගෙන් ප්‍රශ්න කළා. ඔහු සදහන් කළේ අමාත්‍ය බැසිල්
රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව කටයුතු කළ බවයි. එම නිසා ඔහුගෙන් ප්‍රකාශයක්
ලබා ගැනීමට සිදුවනවා. + අපි අමාත්‍ය බැසිල්
රාජපක්ෂ මහතා යළි මෙරටට ගෙන්වා ගැනීම සදහා අධිකරණ නියෝගයක් ගැනීමටත්, නීතිපති උපදෙස් ලබා
ගැනීමටත් අවශ්‍ය කටයුතු මේ වනවිට සිදු කරනවා.
ශ්‍රී
ලංකා දක්ෂිණ හා උඩරට අධිකාරියන් ඒකාබද්ධ කර ගනිමින් දිවිනැගුම
දෙපාර්තමේන්තුව පිහිටුවන්නේ 2013 වසරේ ජනවාරියේදියි.
එහිදි
එවක පැවැති සමෘද්ධි බැංකු දිවිනැගුම ප්‍රජා මූල බැංකු ලෙස නැවත නම් කරමින් එම
බැංකු සතුව පැවැති සියලු මුදල් ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යටතට පවරා ගැනුණා.
ඒ සදහා
2013 අංක 1 දරණ දිවිනැගුම පනත් කෙටුම්පත ඉදිරිපත් වූ අතර, ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ
අර්ථකථනය වූයේ පනතේ වගන්තීන් 16ක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවයි.
එම නිසා
දිවිනැගුම පනත පාර්ලිමේන්තුවේදී සම්මත වූයේ තුනෙන් දෙකේ බහුතරයකින්.
එම
පෙත්සම් විභාගයට ගන්නා අවස්ථාවේදී නීතිඥයින් විවෘත අධිකරණයේදී ප්‍රකාශ
කළේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා යටතේ ඇති මුදල් මහා බැංකුවේ පාලනයකින් තොරව
පවත්වා ගෙන යාමට හැකිවීම ගැටලු සහගත
බවයි.
තම පාලන සමයේ ආර්ථික සංවර්ධන ඇමතිවරයාට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් හිටපු ජනාධිපතිවරයාගෙන් අද ප්‍රශ්න කළේ නාරාහේන්පිට පැවැති උත්සවයකදියි.
________________________________________________________________________________
පුවත්වල අන්තර්ගතය සහ මුලාශ්‍රය වෙනස් කිරිමකින් තොරව භාවිතා කිරිමට අවසර ඇත.
© 2015 සඳුන් අරෝෂ ප්‍රනාන්දු - සියලු හිමිකම් ඇවරිණි
යෝජනා සහ අදහස් : අන්තර්ජාල කතෘ