නිල කාලය අවසන් වන පළාත් පාලන ආයතන මෙන්න
දඹුල්ල, බණ්ඩාරවෙල, අක්කරෙයිපත්තුව යන මහ නගර සභා ඇතුළු දිවයින පුරා පිහිටි පළාත් පාලන ආයතන 234 ක නිල කාලය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වනවා....
https://sandunarosha.blogspot.com/2015/05/blog-post_15.html
දඹුල්ල,
බණ්ඩාරවෙල, අක්කරෙයිපත්තුව යන මහ නගර සභා ඇතුළු දිවයින පුරා පිහිටි පළාත් පාලන
ආයතන 234 ක නිල කාලය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වනවා.
රජය
නිවේදනය කළේ නිල කාලය අවසන් වූ පළාත් පාලන ආයතනවල පාලනය එහි ප්‍රධාන පරිපාලන නිලධාරීයා
යටතට පත් කිරීමට නියමිත බවයි.
ශ්‍රී ලංකාව තුළ පිහිටි
පළාත් පාලන ආයතන ගණන 335 ක්
ඉන් ආයතන 234 ක නිල කාලය
පසුගිය 31 වැනිදා අවසන් වුව ද, රජය එහි නිල කාලය තවත් මාස එකහමාරකින් දීර්ඝ කෙරුණා.
ඒ අනුව කාලය දීර්ඝ
කළ පළාත් පාලන ආයතනවල නිල කාලය අදින් අවසන් වන අතර රජය තීරණය කර ඇත්තේ එහි
පාලනය ප්‍රධාන පරිපාලන නිලධාරියෙකු යටතට පත් කිරීමටයි.
ඒ අනුව දඹුල්ල,
බණ්ඩාරවෙල, අක්කරෙයිපත්තුව යන මහ නගර සභාවල පාලනය ඒවායේ කොමසාරිස්වරයාට පැවරෙනු
ඇති.
සිතාවක, මහරගම, වත්තල,
කුලියාපිටිය හා තංගල්ල ඇතුළු නගර සභා 30 ක් සහ ප්‍රාදේශීය සභා 201 ක පාලනය හිමිවන්නේ ඒවායේ ලේකම්වරුන්ටයි.
පළාත් පාලන ආයතන
සම්බන්ධයෙන් ඊයේ අකුරණ ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට
එක්වෙමින් අදහස් දැක්වූ ජනාධිපතිවරයා...
ජනාධිපති
- ප්‍රාදේශීය සභාවල කාලසීමාව විශාල ප්‍රමාණයක ගිය මාර්තු 31 වෙනිදා අවසන් වෙනවා. ප්‍රාදේශීය සභා සභාපතිවරුන්ගේ මැතිඇමතිවරුන්ගේ ඉල්ලීමක් ආවා තව කාලය දීර්ඝ කරලා දෙන්න කියලා හිටන්. ඉතින් මම සාකච්ඡා කරලා මැයි 15 දක්වා ඒ ආයතනවලට මාස එක හමාරක කාලයක් ලබා දුන්නා. දැන් වැරදි මතයක් ඇතැම් අංශවලින් සමාජය තුළ ගොඩනගනවා. මේ ප්‍රාදේශීය සභාව විසුරුවා හරිනවා කියලා හිටන්. මම අහනවා එහෙනම් පාර්ලිමේන්තුව තුළ ඉන්න අය හෝ වෙනත් ව්‍යවස්ථාපිත බලයක් පාවිච්චි කරලා අවුරුදු 6 ක් තියෙන පාර්ලිමේන්තුව අවුරුදු 7ක් කළොත් ඒක හරිද කියලා අහනවා.
තවත් දෙමසකට පසුව කඩුවෙල
මහ නගර සභාව ඇතුළු පළාත් පාලන 65 ක නිල කාලය අවසන් වනවා.
ඔක්තෝම්බර් මස 16 වැනිදා
මහ නගර සභා 15 ක් ඇතුළු පළාත් පාලන ආයතන 21ක නිල කාලය අවසන් වනවා.
ඒ මස 31 වැනිදා නිල කාලය
අවසන් වන්නේ කොළඹ හා හම්බන්තොට මහ නගර සභාවලයි.