harskada

ඇමති ෆවුසිගේ පුත්‍රයා අත්අඩංගුවට ගන්නැයි, අධිකරණ නියෝගයක්

අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි මහතාගේ පුත්, එක්සත් ජනතා නිදහස් සන්ධාන පළාත් සභා මන්ත්‍රී නවුසර් ෆවුසි අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ ප්‍රධාන මහේස්...


අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි මහතාගේ පුත්, එක්සත් ජනතා නිදහස් සන්ධාන පළාත් සභා මන්ත්‍රී නවුසර් ෆවුසි අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද නියෝග කළා.
ඒ ඊට අදාළ නඩු විභාගය අද යළි කැඳවූ අවස්ථාවේදී.



 කොළඹ අපරාධ කොට්ටාසයට සහ කුරුදුවත්ත ප්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරිවරයාට මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය කළේ 2011 වසරේ සිදු වූ සිද්ධියක් පදනම් කරගනිමින්.
පොලීසිය අධිකරණයට වාර්තා කළේ 2011 වසරේ ටොරින්ටන් ප්‍රදේශයේදී ව්‍යාපාරිකයෙකුට ගිනි අවියක් පෙන්වා බිය ගැන්වීම සහ මරණ තර්ජන එල්ල කිරීම සම්බන්ධයෙන් බස්නාහිර පළාත්සභා මන්ත්‍රී නවුසර් ෆවුසිට චෝදනා එල්ල වී ඇති බවයි.
අදාළ චෝදනා සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝග කළේ පළාත් සභා මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටයි.
මේ අතර පළාත් සභා ප්‍රධාන අමාත්‍යවරුන් තිදෙනෙකු ඔවුන්ගේ ධුරවලින් ඉවත් කිරීම සම්බන්ධයෙන් උපරිමාධිකරණයට ගොනු වූ  ත්සම් 3 ක් අද සලකා බැලුණා.
ඉන් මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා ගොනු කළ පෙත්සම සලකා බලමින් අභියාචනාධිකරණය තීරණය කළේ නඩු විභාගය අවසන්වන තුරු මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍යවරයා එම ධුරයෙන් ඉවත් කිරීම වලකාලමින් අතුරු තහනම් නියෝගයක් ලබා දීමටයි.
කෙසේ වෙතත් බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ගොනු කළ පෙත්සම ඉවත දැමීමට අභියාචනාධිකරණය තීරණය කළා.
ඒ, ඔහුට පළාත් සභාව තුළ විශ්වාසභංගයක් ඉදිරිපත් නොවී තිබීම හේතුවෙන්.
ඌව පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාට එරෙහිව ගොනු කර තිබූ පෙත්සමද අද සලකා බැලුණා.
පෙත්සමට අදාළ නීතිපති උපදෙස් මෙතෙක් ගොනු කර නොතිබීම හේතුවෙන් විනිසුරුවරුන් තීරණය කළේ එය ලබන 21 වනදා දක්වා කල් තැබීමටයි.
ඉන් අනතුරුව පෙත්සම ගොනු කළ ඌව පළාත් සභාවේ හිටපු ක්‍රීඩා, විදුලි බලහා බලශක්ති අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා මාධ්‍යයට අදහස් පළ කළා.
ඌව පළාත් සභාවේ හිටපු ක්‍රීඩා විදුලිබල සහ බලශක්ති අමාත්‍ය-         ලබන 21 වනදා තීන්දුව දුන්නාම හරේන් ගෙදර යන්න ලෑස්ති වෙන්න.
 හරීන් ප්‍රනාන්දු - ඌව පළාත් සභා ප්‍රධාන අමාත්‍ය-         මම වැඩිම මනාප ගත්ත නිසා මට ඕන වුණේ එක දවසක් හරි මහ ඇමති ධුරයේ ඉන්න. මම දැන් දවස් 3 ක් ඉදලා ඊටත් වැඩිපුර ඉන්නවා. 

Related

හරීන් 442621044851311817

Post a Comment Disqus Comments

Advertisement

Sandun Arosha on Twitter

- ඇසි දිසි -

- රූ සර -

10th RAIGAM TELE'ES – 2013


Labels

#100My3Days #27protesters #BondScam #hrc30 #hrc32 #jurnoTips #KoslandaLandslide #MY3 #POPEINSL #PresPollSL #SocialMediaBan #බැඳුම්කර_වංචාව Arjun Mahendran asylum seeker Bond scam C V VIGNESWARAN CBSL CBSL Governor facebook GOMA google street view india india pm Jayalalithaa Kandy unrest Logos Hope Mangala Samaraweera mangla samarweera News Room Management O Panneerselvam Perpetual Treasuries Pope Francis Ravinatha Aryasinha Sirisena Spot fine sri lanka Sri Lanka Earth slip Sri Lanka Navy Tamil Nadu Top Story UK UN UNHRC USA Vice Admiral Sirimevan Ranasinghe Vidya case verdict අගවිනිසුරු අග්‍රාමාත්‍ය අජි – නෝ – මොටෝ අතුරුදන් වූවන් පිළිබද කොමිසම අධිකරණය අධ්‍යපනය අනුර කුමාර දිසානායක අමීෂා රාජපක්ෂ අලුත්ගම ආරක්ෂක ආර්ථික ඇමරිකාව ඉඩම් ඉන්දියාව උපුල් ජයසුරිය ඌව පළාත් සභා මැතිවරණය එක්සත් ජාතික පක්ෂය එක්සත් ජාතීන් එල්.ටී.ටී.ඊ. ඒ.එච්.එම්. ෆවුසි ඒ.එල්.රත්නපාල ඕස්ට්‍රේලියාව කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ කමලේශ් ශර්මා ක්‍රීඩා ක්සත් ජාතීන් ගිහාන් පිලපිටිය.අධිකරණය ගෝඨාභය රාජපක්ෂ චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපතිවරණය - 2015 ජපානය ජයලලිතා ජයරාම් ජෝන් කෙරී ඥාණසාර ටයර් හන්දිය ඩී.ඒ. කරුණාදාස තමිල්නාඩු තවීෂ පීරිස් තාක්ෂණික දකුණු අප්‍රිකාව දෙමල දේශපාලන නයිජිරියාව නරේන්ද්‍ර මෝදි නවතම නවුසර් ෆවුසි නිමල් ගමගේ නිශාන්ත සිල්වා නීතීඥ නිමල් පුංචිහේවා පළාත් පාලන ආයතන පාලිත කොහොන පොදුරාජ්‍ය මණ්ඩලය පොලිසිය බොරිනි ප්‍රොනෝ බ්‍රිතානය මංගල සමරවීර මහින්ද රාජපක්ෂ මහේස්ත්‍රාත් රංග දිසානායක මානව හිමිකම් මානව හිමිකම් කොමිෂන් සභාව මෛත්‍රිපාල සිරිසේන මෛත්‍රීපාල සිරිසේන මොහාන් පීරිස් රනිල් වික්‍රමසිංහ රවීන්ද්‍ර විජේගුණරත්න රිය අනතුර.සී.සී.ටී.වී. දර්ශන ලෝකය විනෝදාත්මක වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය ශිරන්ති රාජපක්ෂ ශිරානි බණ්ඩාරනායක ශ්‍රී ලංකා නීතීඥ සංගමය ශ්‍රේෂ්ඨාධිකරණය ෂින්ෂෝ අබේ සරණාගතයින් සිරිලිය සවිය සිරිල් රම්පෝසා සී.වී. විග්නේෂ්වරන් සෙයිද් අල් හුසේන් සෞඛ්‍ය ස්ථානීය දඩ මුදල් ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හරීන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ

Hot in week

Recent

Comments

madura

Madura English-Sinhala Dictionary

Powered by www.maduraonline.com

Side Ads

Text Widget

Connect Us

item