harskada

අධිකරණයට අපහාස: චුදිතයන් ඇප මත නිදහස්

අධිකරණයට අපහාසවන ලෙස මින් ඉදිරියට කටයුතු කළ හොත් රක්ෂිත බන්ධනාගාර ගත කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 10 දෙනෙකු ඇතුළු සැකකරුවන් 27 දෙන...


අධිකරණයට අපහාසවන ලෙස මින් ඉදිරියට කටයුතු කළ හොත් රක්ෂිත බන්ධනාගාර ගත කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 10 දෙනෙකු ඇතුළු සැකකරුවන් 27 දෙනෙකුට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද අවවාද කළා.

ඒ, අධිකරණ නියෝග නොතකා අල්ලස් කොමිසම ඉදිරිපිට උද්ඝෝෂණය කළ බවට පොලීසිය අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුන් 27 දෙනා ඇප මත මුදා හරිමින්.





පසුගිය මස 24 වැනිදා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ වංචා විමර්ශන කොමිසමට පැමිණි අවස්ථාවේදී අධිකරණ නියෝගය නොතකා විරෝධතාවයේ නිරත වූ පුද්ගලයන් 27 දෙනෙකු අද අධිකරණය හමුවේ පෙනී සිටියා.

මෙම නඩුව විභාගයට ගනු ලැබුවේ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඉදිරියේයි.
නොතීසි නිකුත් කෙරුණු භික්ෂූන් වහන්සේලා 9 දෙනා විත්තිකූඩුවට ඉදිරියේ සිටගත් අතර උසාවියට නොපැමිණියේ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් පමණයි.

ඒ හේතුවෙන් ඥානසාර හිමියන්ට වරෙන්තු නිකුත් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා තීරණය කළා.
ඉතිරි සැකකරුවන් 18 දෙනා අතර සිටි හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, බන්දුල ගුණවර්ධන ඇතුළු  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 10 දෙනා හා බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග ඇතුළු අනෙකුත් පළාත් සභා මන්ත්‍රීවරුන් විත්තිකූඩුව තුළ සිට නඩුවට සහභාගි වුණා.

ඔවුන් වෙනුවෙන් විවෘත අධිකරණයේ කරුණු දැක්වූ හිටපු නීතිපති පාලිත ප්‍රනාන්දු මහතා ඇතුළු නීතීඥයින්ගේ ප්‍රධාන තර්කය වූයේ පොලිසිය අධිකරණ නියෝගය නිසි පරිදි උද්ඝෝෂකයින්ට දැනුම් දී නැති බවයි.

එමනිසා නඩුව තවදුරටත් පවත්වාගෙන යා නොහැකි බවට නීතීඥයින්ගේ මතය වුණා.

අපරාධ නඩු විධාන සංග්‍රහයේ 99 වන වගන්තියට අනුව  පොලිසිය අධිකරණ නියෝගය නිසි පරිදි දැනුම් දී නැද්දැයි සිද්ධියට අදාළ වීඩියෝ දර්ශන නරඹා තීරණය කරන බව ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා සදහන් කළා.


කෙසේ වෙතත්, නීතිඥයින් කරුණු ඉදිරිපත් කරන අවස්ථාවේදී තමාත් බෞද්ධයෙකු බව සදහන් කළ මහේස්ත්‍රාත්වරයා විමසා සිටියේ මෙම ස්ථානයේ පිරිත් සජ්ඣායනයක් කිරීම අවශ්‍ය කරුණක් ද යන්නයි.

සැකකරුවන් සියලු දෙනා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇපයක් මත මුදා හැරීමට තීරණය කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ගිහි සැකකරුවන් 17 දෙනාට පමණක් රුපියල් 10,000 ක මුදල් ඇපයක් ගෙවීමට නියෝග කළා.

ඊට අමතරව සෑම මසකම අවසන් සිකුරාදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ ප්‍රධාන ලේඛකාධිකාරීවරයා ඉදිරියේ වාර්තා කළ යුතු බව ද මහේස්ත්‍රාත්වරයා ඇප කොන්දේසියක් පැනවූවා.

මහේස්ත්‍රාත්වරයා සැකකරුවන්ට අවවාද කළේ නැවත අධිකරණ නියෝග කඩකලහොත් රක්ෂිත බන්ධනාගාරගත කරන බවටයි.

ඇප සහතික කරන තුරු සැකකරුවන් අධිකරණයේ සිර මැදිරියට යොමු කරන ලෙස මහේස්ත්‍රාත්වරයා සදහන් කළද එහි ප්‍රමාණවත් ඉඩ කඩ නොමැති බව බන්ධනාගාර නිලධාරීන් දැනුම් දුන්නා.

මහේස්ත්‍රාත් අධිකරණයේ නව සිර මැදිරියක් ඉදිකර ඇති අතර, එය මෙතෙක් විවෘත කර නොමැති වුවත් ඒ තුළ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් ඇතුළු සැකකරුවන් ඇප සහතික කරන තුරු රදවා තබන ලෙසට මහේස්ත්‍රාත්වරයා බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කළා.

සැකකරුවන් 27දෙනා හෙට පෙරවරුවේ කුරුදුවත්ත පොලිසිය හමුවේ ප්‍රකාශයක් ලබාදීමට නියමිත අතර, සිද්ධියට අදාල නඩුව ජුලි මස 13 වැනිදා යළි කැදවීමට නියමිතයි.


අධිකරණ නියෝග කඩ කළ බවට නොතීසි ලැබූ හිමිවරුන්...


පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි
පුජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
පූජ්‍ය බෙංගමුවේ නාලක  හිමි
පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි
පූජ්‍ය විතාරන්දෙනියේ නන්ද හිමි
පූජ්‍ය අහුංගල්ලේ සිරි ජිනානන්ද හිමි
පූජ්‍ය බියගම සුසීල හිමි
පූජ්‍ය වටිනාපහ සෝමානන්ද හිමි
පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි

අධිකරණ නියෝග කඩ කළ බවට නොතීසි ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්  


පා.ම. ඩලස් අලහප්පෙරුම
පා.ම. ජානක ප්‍රියන්ත බණ්ඩාර
පා.ම. සරත් වීරසේකර
පා.ම. රොෂාන් රණසිංහ
පා.ම. ජයන්ත කැටගොඩ
පා.ම. උදිත ලොකුබණ්ඩාර
පා.ම. ගාමිණී ලොකුගේ
පා.ම. බන්දුල ගුණවර්ධන
පා.ම. එස්.එම්. චන්ද්‍රසේන‍
පා.ම. වීරකුමාර දිසානායක

අධිකරණ නියෝග කඩ කළ බවට නොතීසි ලැබූ පළාත් සභා නියෝජිතයින් 

ප්‍රසන්න රණතුංග - බස්නාහිර පළාත් සභා මහ ඇමති
උදය ගම්මන්පිල - පළාත් සභා මන්ත්‍රී
රොජර් සෙනෙවිරත්න - පළාත් සභා මන්ත්‍රී
ජගත් කුමාර - පළාත් සභා මන්ත්‍රී
සුනිල් ජයමිණ - පළාත් සභා මන්ත්‍රී
උපාලි කොඩිකාර - පළාත් සභා මන්ත්‍රී
මධුමාධව අරවින්ද - පළාත් සභා මන්ත්‍රී

අජන්ත ලියනගේ- පළාත් සභා මන්ත්‍රී

Related

නවතම 189406902478322302

Post a Comment Disqus Comments

Advertisement

Sandun Arosha on Twitter

- ඇසි දිසි -

- රූ සර -

10th RAIGAM TELE'ES – 2013


Labels

#100My3Days #27protesters #BondScam #hrc30 #hrc32 #jurnoTips #KoslandaLandslide #MY3 #POPEINSL #PresPollSL #SocialMediaBan #බැඳුම්කර_වංචාව Arjun Mahendran asylum seeker Bond scam C V VIGNESWARAN CBSL CBSL Governor facebook GOMA google street view india india pm Jayalalithaa Kandy unrest Logos Hope Mangala Samaraweera mangla samarweera News Room Management O Panneerselvam Perpetual Treasuries Pope Francis Ravinatha Aryasinha Sirisena Spot fine sri lanka Sri Lanka Earth slip Sri Lanka Navy Tamil Nadu Top Story UK UN UNHRC USA Vice Admiral Sirimevan Ranasinghe Vidya case verdict අගවිනිසුරු අග්‍රාමාත්‍ය අජි – නෝ – මොටෝ අතුරුදන් වූවන් පිළිබද කොමිසම අධිකරණය අධ්‍යපනය අනුර කුමාර දිසානායක අමීෂා රාජපක්ෂ අලුත්ගම ආරක්ෂක ආර්ථික ඇමරිකාව ඉඩම් ඉන්දියාව උපුල් ජයසුරිය ඌව පළාත් සභා මැතිවරණය එක්සත් ජාතික පක්ෂය එක්සත් ජාතීන් එල්.ටී.ටී.ඊ. ඒ.එච්.එම්. ෆවුසි ඒ.එල්.රත්නපාල ඕස්ට්‍රේලියාව කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ කමලේශ් ශර්මා ක්‍රීඩා ක්සත් ජාතීන් ගිහාන් පිලපිටිය.අධිකරණය ගෝඨාභය රාජපක්ෂ චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපතිවරණය - 2015 ජපානය ජයලලිතා ජයරාම් ජෝන් කෙරී ඥාණසාර ටයර් හන්දිය ඩී.ඒ. කරුණාදාස තමිල්නාඩු තවීෂ පීරිස් තාක්ෂණික දකුණු අප්‍රිකාව දෙමල දේශපාලන නයිජිරියාව නරේන්ද්‍ර මෝදි නවතම නවුසර් ෆවුසි නිමල් ගමගේ නිශාන්ත සිල්වා නීතීඥ නිමල් පුංචිහේවා පළාත් පාලන ආයතන පාලිත කොහොන පොදුරාජ්‍ය මණ්ඩලය පොලිසිය බොරිනි ප්‍රොනෝ බ්‍රිතානය මංගල සමරවීර මහින්ද රාජපක්ෂ මහේස්ත්‍රාත් රංග දිසානායක මානව හිමිකම් මානව හිමිකම් කොමිෂන් සභාව මෛත්‍රිපාල සිරිසේන මෛත්‍රීපාල සිරිසේන මොහාන් පීරිස් රනිල් වික්‍රමසිංහ රවීන්ද්‍ර විජේගුණරත්න රිය අනතුර.සී.සී.ටී.වී. දර්ශන ලෝකය විනෝදාත්මක වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය ශිරන්ති රාජපක්ෂ ශිරානි බණ්ඩාරනායක ශ්‍රී ලංකා නීතීඥ සංගමය ශ්‍රේෂ්ඨාධිකරණය ෂින්ෂෝ අබේ සරණාගතයින් සිරිලිය සවිය සිරිල් රම්පෝසා සී.වී. විග්නේෂ්වරන් සෙයිද් අල් හුසේන් සෞඛ්‍ය ස්ථානීය දඩ මුදල් ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හරීන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ

Hot in week

Recent

Comments

madura

Madura English-Sinhala Dictionary

Powered by www.maduraonline.com

Side Ads

Text Widget

Connect Us

item