ගැටුම් එපා, මහින්දට නිසි ගෞරවය දෙන්න - රනිල්
පශ්චාත් මැතිවරණ ගැටුම් ඇතිකර ගැනීමෙන් වැලකී සාමකාමීව කටයුතු කරන මෙන් විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ විපක්ෂ ආධාරකරුවන්ගෙන් ඉල්ලීමක් කරයි. ...
https://sandunarosha.blogspot.com/2015/01/blog-post_33.html
පශ්චාත් මැතිවරණ ගැටුම් ඇතිකර ගැනීමෙන් වැලකී සාමකාමීව කටයුතු කරන මෙන් විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ විපක්ෂ ආධාරකරුවන්ගෙන් ඉල්ලීමක් කරයි.
කොටි කැරලිකරුවන්ට එරෙහි යුද්ධය ජයග්‍රහණය කොට සාමය උදා කළ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට ඒ ගෞරවය ලබා දිය යුතු බවද විපක්ෂනායකවරයා කොළඹ විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය.
අද සිකුරාදා උදෑසන තමා ජනාධිපති මහින්ද රාජපක්ෂ අරලියගහ මන්දිරයේදී මුණගැසුණු බව සඳහන් කළ විපක්ෂනායකවරයා, විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන සිකුරාදා සවස නිදහස් චතුරශ්‍රයේදී නව ජනාධිපතිවරයා වශයෙන් දිවුරුම් දෙන බව තහවුරු කළේය.
ජනාධිපති මහින්ද රාජපක්ෂ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන ට දුරකථනයෙන් ඇමතූ බව ද ඔහු සඳහන් කළේය.
'පළිගන්නේ නෑ'
රනිල් වික්‍රමසිංහ විපක්ෂනායකවරයා හෙට අගමැති පදවියේ දිවුරුම් දීමට නියමිත බව ජනාධිපති මහින්ද රාජපක්ෂ ඊට පෙරාතුව ජනාධිපති කාර්යාලයේ දී ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අමතමින් සඳහන් කළේය.
මේ අතර අද උදෑසන පොළොන්නරුවෙන් කොළඹ බලා ඒමට ප්‍රථම ජනමාධ්‍ය වෙත අදහස් දැක්වූ නව ජනපති පදවියට පත්වීමට නියමිත මෛත්‍රීපාල සිරිසේන පොදු අපේක්ෂකවරයා වෛරයෙන්, ක්‍රෝධයෙන් පෙළෙමින් පළිගැනීමේ චෝදනාවෙන් කටයුතු නොකරන බවට ප්‍රතිඥාවක් දුන්නේය.
බුදුදහමට නිසි ගෞරවය ලබා දී, මාතෘභූමිය රැකගැනීමට කැප වන බව සඳහන් කළ විරුද්ධ පක්ෂයේ පොදු අපේක්ෂකයා යහපාලනයෙන් යුත් 'ආධ්‍යාත්මික සමාජයක්' ඇතිකිරීමට කැපවන බවට ද ප්‍රතිඥා දුන්නේය.