වසර 24 කට පසු ජපාන අග්‍රාමාත්‍යවරයෙකු දිවයිනට ..
ජපාන අග්‍රාමාත්‍ය ෂින්ෂෝ අබේ මහතා එක්දින නිල සංචාරයක් සදහා අද පෙරවරුවේ දිවයිනට පැමිණියා.
ජපාන අග්‍රාමාත්‍යවරයෙකු ශ්‍රී ලංකාවේ සංචාරය කරන්නේ වසර 24 කට පසුව වීම විශේෂත්වයක්.
ජපාන අග්‍රාමාත්‍යවරයා සහ
ආර්යාව කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලේ විශේෂ මගී පර්යන්තයට පැමිණියේ අද පස්වරු
1 ට පමණ.
අග්‍රාමාත්‍යවරයා
උණුසුම් අයුරින් පිළිගනු ලැබුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින්.
එම අවස්ථාවට මැති -
ඇමතිවරුන් සහ ජපන් රාජතාන්ත්‍රික නියෝජිතයින් පිරිසක් එක්ව සිටියා.
අනතුරුව ජපන් ජාත්‍යන්තර
සයෝගිත්ව නියෝජිත ආයතනය හෙවත් ජයිකා මූල්‍යාධාරය යටතේ ඉදිකෙරෙන කටුනායක ජාත්‍යන්තර
ගුවන් තොටුපොලේ සංවර්ධන ව්‍යාපෘතියේ දෙවන අදියර විවෘත කෙරුණා.
පවතින මගී පර්යන්තයට
බටහිරින් ඉදිකෙරෙන නව පර්යන්තය කටුනායක අධිවේගී
මාර්ගයට පිවිසීමේ දොරටුවකින්ද යුක්තයි.
මෙහි පළමු කොටසේ
ඉදිකිරීම් 2017 දී අවසන් කිරීමට නියමිතයි.
අනතුරුව ජනාධිපති ලේකම්
කාර්යාලය වෙත පැමිණි ජපාන අග්‍රාමාත්‍යවරයා ඇතුළු දූත පිරිස පිළිගැනුණේ ලැබුවේ
ආචාර වෙඩි මුර සහිතවයි.
අනතුරුව දෙරටේ රාජ්‍ය
නායකයින් අතර ද්විපාර්ශ්වීය සාකච්ඡා පැවැත්වුණා.
ජපාන අග්‍රාමාත්‍යවරයාගේ
මෙම සංචාරයේදී දෙරට අතර අවබෝධතා ගිවිසුම් 5
කට අත්සන් තැබුණු බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළා.
මෙරට රූපවාහිනී විකාශන
ඩිජිටල් මාධ්‍යයට පරිවර්තනය කිරීම හා නාවික ක්ෂේත්‍රයට අදාල ද්වි පාර්ශ්වීය ගිවිසුම් ඒ අතරට අයත්.
_________________________________________
ජපාන අග්‍රාමාත්‍යවරයා සහ ආර්යාව කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලේ විශේෂ මගී පර්යන්තයට පැමිණියේ අද පස්වරු 1 ට පමණ.