ආගමික නිදහස ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇතත්, එය ක්‍රියාත්මක කිරීමට ශ්‍රි ලංකා රජය අසමත් වී ඇති බව ඇමරිකාව පවසනවා.
ඇමරිකාව සිය නවතම ආගමික නිදහස පිළිබද වූ අන්තර්ජාතික වාර්තාව එළි දක්වමින් මේ බව සදහන් කළා.
ඇමරිකාවේ අන්තර්ජාතික
ආගමික නිදහස පිළිබඳ කොමිසමේ විද්වතුන් විසින් සකස් කළ මෙම වාර්තාව ඊයේ ප්‍රසිද්ධ කළේ එරට රාජ්‍ය ලේකම්
ජෝන් කෙරී මහතා විසින්.
වොෂින්ටනයේ රාජ්‍ය
දෙපාර්තමේන්තුවේදී එය ප්‍රකාශයට පත් කරමින් ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා සිදුකළ
දේශනයට ශ්‍රි ලංකාව පිළිබඳ සඳහනක් වූයේ නැහැ.
දඹුල්ල ප්‍රදේශයේ හින්දු
කෝවිලක් විනාශ කිරීම, දිවයිනේ විවිධ ප්‍රදේශවල ක්‍රිස්තියානි
දේවස්ථානවලට සිදුවූ ප්‍රහාර හා ග්‍රෑන්ඩ්පාස් මුස්ලිම් දේවස්ථානයට එල්ල වූ ප්‍රහාරය (video) ආදී පසුගිය වසරේ මෙරට ආගමික නිදහස උල්ලංඝණය වූ අවස්ථා රැසක් මෙම
වාර්තාවට ඇතුළත්.
 |
ව්‍යවස්ථාවෙන් ස්ථාපිත ආගමික නිදහස සුරැකීමට රජය අසමත්
(daily mail ) |
අදාළ වාර්තාවෙන් පෙන්වා
දෙන්නේ එම සිද්ධීන් වැළැක්වීමට ශ්‍රි ලංකා රජය අසමත් වී ඇති බවයි.
මෙම සිද්ධීන් බොහොමයක්
පිටුපස බොදුබල සේනා සංවිධානය හා ඔවුන්ට සහයෝගය දක්වනබවට චෝදනා එල්ල වන රාවණා බලය
සංවිධානය සිටින බව ඇමරිකානු වාර්තාවේ වැඩිදුරටත් සඳහන්.
 |
බොදුබල සේනා සංවිධානයට රජය සමග ප්‍රබල සබඳතාවක් (http://realitypost.info/) |
ශ්‍රී ලංකාවේ මාධ්‍ය හා
රාජ්‍ය නොවන සංවිධානවලට අනුව බොදුබල සේනා සංවිධානයට රජය සමග ප්‍රබල සබඳතාවක්
පවතින බව සඳහන් කරමින් ඇමරිකාව 2013 ආගමික නිදහස පිළිබද වූ අන්තර්ජාතික වාර්තාවේ ශ්‍රි ලංකාව
පිළිබද කොටස අවසන් කර තිබෙනවා.
________________________________________________________________________________
පුවත්වල අන්තර්ගතය සහ මුලාශ්‍රය වෙනස් කිරිමකින් තොරව භාවිතා කිරිමට අවසර ඇත.
© 2014 සඳුන් අරෝෂ ප්‍රනාන්දු - සියලු හිමිකම් ඇවරිණි
යෝජනා සහ අදහස් : අන්තර්ජාල කතෘ