සුදු කොඩි සිද්ධිය පිළිබදව නව හෙළිදරව්වක්...
http://sandunarosha.blogspot.com/2014/06/blog-post_2860.html
එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් යටත්විය යුතු ආකාරය සදහන්
කරමින් යුරෝපයේ රාජ්‍ය තාන්ත්‍රික අතරමැදියෙකුට යුද්ධයේ අවසන් සමයේදී තමන් කෙටි
පණිවිඩයක් යොමු කළ බව, එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ආචාර්ය පාලිත
කොහොන මහතා තිබෙනවා.
ඇසෝසියේටඩ් ප්‍රෙස් පුවත් සේවය මේ බව වාර්තා කළේ ආචාර්ය
පාලිත කොහොන මහතා සමග සම්මුඛ සාකච්ඡාවකින් අනතුරුවයි.
ඇසෝසියේටඩ්
ප්‍රෙස් පුවත් සේවය මෙම සම්මුඛ සාකච්ඡාව පවත්වා ඇත්තේ එක්සත් ජාතීන්ගේ සංවිධානය
ලබන මාසයේ ශ්‍රී ලංකාව පිළිබදව පැවැත්වීමට නියමිතව ඇති පරීක්ෂණයට අදාළවයි.
එහිදී
එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ආචාර්ය පාලිත කොහොන මහතා එම පරීක්ෂණය
අර්ථදක්වා ඇත්තේ ත්‍රස්තවාදය පරාජය කිරීම හේතුවෙන් තෙවන ලෝකයේ රටකට සමාවකින් තොරව
ලබා දෙන දඩුවමක් ලෙසින්.
එම
පරීක්ෂණය සම්පූර්ණයෙන්ම නිෂ්ඵල කාර්යයක් බව ද කොහොන මහතා පෙන්වා දී තිබෙනවා.
ඊට
අමතරව මෙම සාකච්ඡාවේදී යුද්ධයේ අවසන් පැය 48 ට අදාළව සුදු කොඩි සිද්ධිය
සම්බන්ධයෙන් ද, එවක විදේශ ලේකම්වරයා ලෙස කටයුතු කළ අචාර්ය පාලිත කොහොන මහතාගෙන්
විමසා තිබෙනවා.
අදාළ
සිද්ධියේදී ශ්‍රී ලංකාවට චෝදනා එල්ලවන්නේ සුදු කොඩි අතැතිව පැමිණි නඩේසන් හා
පුලිදේවන් නැමති එල්.ටී.ටී.ඊ. නායකයින් ඇතුළු 12 දෙනෙකු ඝාතනය කළ බවටයි.
සුදු කොඩි නඩුව
කෙසේ
වෙතත් ඊට පිළිතුරු සපයමින් ආචාර්ය පාලිත කොහොන මහතා ප්‍රකාශ කර ඇත්තේ ත්‍රස්තවාදීන්ට
යටත්විය යුතු ආකාරය පිළිබදව සදහන් කරමින් තමන් කෙටි පණිවිඩයක් යුරෝපීය අතරමැදියෙකුට යොමු කළ බවයි.
එලෙස
යටත්වීමේ ගනුදෙනුවක් තිබුණාද, ඔවුන්ව ඝාතනයට නියෝග ලබා දුන්නාද යන්න තමන්
නොදන්නා බව කොහොන මහතා ප්‍රකාශ කර තිබෙනවා.
චෝදනා
නැගීම ඉතා පහසු කටයුත්තක් වුවත් එහි විශ්වාසනීයභාවය පිළිබදව වෙනස් අයුරකින් සිතිය
යුතු බව කොහොන මහතා ප්‍රකාශ කර ඇති බව ඇසෝසියේටඩ් ප්‍රෙස් වාර්තාවේ සදහන්.
මේ
අතර අද යාපනයේදී දෙමල ජාතික සන්ධානය ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැදවමින් සදහන් කළේ
විශේෂඥවරුන් තිදෙනෙකුගෙන් සමන්විත එක්සත් ජාතීන්ගේ විමර්ෂණ කණ්ඩායම මේ සියල්ල
පිළිබද පරීක්ෂණ පවත්වනු ඇති බවයි.
යුද්ධයෙන් පසු ජනාධිපතිවරයා
එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාට පොරොන්දු වුණා යුද අපරාධ සිදුකළ අයට දඩුවම් දෙන බව.
නමුත් මේ කිසිදු දෙයක් වෙලා නැහැ. ඉදිරියේදීත් මේ පොරොන්දු ඉටු නොවන තත්ත්වයකුයි
තියෙන්නේ. ඒක නිසා අපි මුල ඉදන්ම කිව්වේ ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍යයි කියලා.
දැන් ඒක සිද්ධවෙනවා.අපේ පූර්ණ සහයෝගය ඊට හිමිවනවා. නමුත් මීට සාක්ෂි දෙන්න
සූදානම්වෙලා ඉන්න අයට රජය තර්ජන එල්ල කරනවා. කැබිනට් ප්‍රකාශකවරයාට අනුව ඔවුන්ට
දඩුවම් දෙන්නේ ත්‍රස්ත මර්දන පනත අනුව. නමුත් මේ සාක්ෂි දීම ඊට අදාළ නැහැ. මේ ජාත්‍යන්තර
පරීක්ෂණයට ජනතාව සාක්ෂි දෙන්නේ තමන්ගේ සාධාරණත්වය සහ ආරක්ෂාව සලසා ගන්න. ඒක
අයිතියක්. ඒක වැලැක්වුවහොත් රජය ජාත්‍යන්තරයේදී අධික පීඩනයට ලක්වේවි.
සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් - පා.ම. - දෙමළ ජාතික සන්ධානය
________________________________________________________________________________සුදු කොඩි නඩුව
සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් - පා.ම. - දෙමළ ජාතික සන්ධානය
පුවත්වල අන්තර්ගතය සහ මුලාශ්‍රය වෙනස් කිරිමකින් තොරව භාවිතා කිරිමට අවසර ඇත.
© 2014 සඳුන් අරෝෂ ප්‍රනාන්දු - සියලු හිමිකම් ඇවරිණි
යෝජනා සහ අදහස් : අන්තර්ජාල කතෘ